12. 7. 3.
3. පඤ්ඤචක්ඛු සූත්‍රය
1133. (මේ ඡේද මේ වර්ගයේ 1, වෙනි සූත්‍රයේ 1, 2 ඡේද මෙන් වෙත්.) මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් ආර්‍ය්‍යවූ ප්‍රඥා චක්ෂුසින් යුක්තවූවාහුද ඔව්හු ඉතා ස්වල්පවෙත්. යම් සත්ව කෙනෙක් අවිද්‍යාවෙන් මුළා වූවාහුද ඔව්හුම බොහෝ වෙත්. (මේ ඡේද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 4, 5 ඡේද මෙන් වෙත්.)
12. 7. 4.
4. සුරාමෙරය සූත්‍රය
1134. (මේ ඡේද මේ වර්ගයේ 1, වෙනි සූත්‍රයේ 1, 2 ඡේද මෙන් වෙත්.) “මහණෙනි, එපරිද්දෙන්ම මත්වීමට සහ ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානය කිරීමෙන් වැළකුනාවූ යම් සත්වයෝ වෙත්ද, ඔවුහු අතිශයින් ස්වල්ප වෙති. මත්වීමට හා ප්‍රමාදයට කාරණවූ රහමෙර පානය කරන්නාවූ යම් සත්වයෝ වෙත්ද, ඔවුහුම අතිශයින් බොහෝවෙති. ඊට හේතු කවරේද යත්, මහණෙනි, සතර ආර්‍ය්‍යසත්‍යයන් නොදැනීමය. කවර සතරක්ද? (මේ ඡේද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 4, 5 ඡේද මෙන් වෙත්.)
12. 7. 5.
5. ඔදකථලජ සූත්‍රය
1135. (මේ ඡේද මේ වර්ගයේ 1, වෙනි සූත්‍රයේ 1, 2 ඡේද මෙන් වෙත්.) “මහණෙනි, එපරිද්දෙන්ම වනාහි ගොඩබිම ඉපදුනාවූ යම් සත්වයෙක් වෙත්ද ඔවුහු ඉතා ස්වල්ප වෙත්. දියෙහි ඉපදුනාවූ යම් සත්වයෝ වෙත්ද ඔවුහුම ඉතා බොහෝ වෙත්. ඊට හේතු කවරේද මහණෙනි, සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදැනීමය, කවර නම් සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේද, යත්? (මේ ඡේද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 4, 5 ඡේද මෙන් වෙත්.)
12. 7. 6.
6. මත්තෙය්‍ය සූත්‍රය
1136. (මේ ඡේද මේ වර්ගයේ 1, වෙනි සූත්‍රයේ 1, 2 ඡේද මෙන් වෙත්.) “මහණෙනි, එපරිද්දෙන්ම මවු කෙරෙහි මනාව පිළිපදින්නාවූ යම් සත්වයෝ වෙත්ද, ඔවුහු ස්වල්ප වෙති. මවුට උපකාර නොකරන්නාවූ යම් සත්වයෝ වෙත්ද, ඔවුහුම බොහෝ වෙත්. ඊට හේතු කවරේද, චතුස්සත්‍යයන්ගේ නොදත් බැව්ය. කවර නම් චතුස්සත්‍යයන්ගේද යත්? (මේ ඡේද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 4, 5 ඡේද මෙන් වෙත්.)
12. 7. 7.
7. පෙත්තෙය්‍ය සූත්‍රය
1137. (මේ ඡේද මේ වර්ගයේ 1, වෙනි සූත්‍රයේ 1, 2 ඡේද මෙන් වෙත්.) “මහණෙනි, එපරිද්දෙන්ම වනාහි පියා කෙරෙහි මනාව පිළිපදින්නාවූ යම් සත්වයෝ වෙත්ද ඔවුහු ඉතා ස්වල්ප වෙත් පියාට උපකාර නොකරන්නාවූ යම් සත්වයෝ වෙත්ද, ඔවුහුම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත් සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදැනීම වෙති. කවර නම් සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේද යත්? (මේ ඡේද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 4, 5 ඡේද මෙන් වෙත්.)
12. 7. 8.
8. සාමඤ්ඤ සූත්‍රය
1138. (මේ ඡේද මේ වර්ගයේ 1, වෙනි සූත්‍රයේ 1, 2 ඡේද මෙන් වෙත්.) “මහණෙනි, එපරිද්දෙන්ම ශ්‍රමණයන් කෙරෙහි මනාකොට පිළිපදින්නාවූ යම් ඒ සත්වයෝ වෙත්ද ඔවුහු ඉතා ස්වල්ප වෙති. ශ්‍රමණයන් කෙරෙහි මනාකොට නො පිළිපදින්නාවූ සත්වයෝ අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත්, (මේ ඡේද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 4, 5 ඡේද මෙන් වෙත්.)