12. 7. 10.
10. ජෙඨාපචායී සූත්රය
1140. (මේ ඡේද මේ වර්ගයේ 1, වෙනි සූත්රයේ 1, 2 ඡේද මෙන් වෙත්.) “මහණෙනි, එපරිද්දෙන්ම වනාහි යමෙක් තුමූ කුල දෙටුවන් පුදත්ද එබඳු සත්වයෝ ඉතා ස්වල්ප වෙති. යමෙක් තමාගේ කුල දෙටුවන් නොපුදත්ද එබඳු සත්වයෝ ඉතා බොහෝ වෙති. ඊට හේතු කවරේද? මහණෙනි, සතර ආර්ය්ය සත්යයන් නොදත්බවය, කවර නම් සතර ආර්ය්ය සත්යයන්ගේද යත්, (මේ ඡේද මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ 4, 5 ඡේද මෙන් වෙත්.)
පඨමආමකධඤ්ඤපෙය්යාලවග්ගො සත්තමො.
එහි උද්දානය:
අඤ්ඤත්ර, පච්චන්ත, පඤ්ඤා, සුරාමෙරය, ඔදකජ, මත්තෙය්ය, පෙත්තෙය්ය, සාමඤ්ඤ, බ්රහ්මඤ්ඤ සහ අපචායී යනු එහි සූත්රයි.
8. දුතිය ආමකධඤ්ඤ වර්ගය
12. 8. 1.
1. පාණාතිපාත සූත්රය
1141. [1] එකල්හි භාග්යවතුන් වහන්සේ නිය පිටට පස්ටිකක් නගා භික්ෂූන්ට කථා කොට මෙසේ වදාළේය. “මහණෙනි, ඒ කුමක් දැයි සිතන්නහුද? මා විසින් නිය පිටට ගන්නා ලද මේ ස්වල්පවූ පසත් මහ පොළොවත් යන මේ දෙකින් කුමක් නම් අතිශයින් බොහෝ වන්නේද?” කියායි. [2] “ස්වාමීනි, යම් ඒ මහා පෘථුවියක් වන්නීද එයම අතිශයින් බොහෝ වන්නීය. භාග්යවතුන් වහන්සේ විසින් නිය පිටට ගන්නාලද මේ පස ඉතා ස්වල්ප වන්නේය. භාග්යවතුන් වහන්සේ විසින් නිය පිටට ගන්නා ලද පස මහා පෘථුවිය හා සමාන කරන කල ගණනකටද නොපැමිණෙයි. උපමාවකටද නොපැමිණෙයි. කලාවෙන් කලාවකටද නොපැමිණෙයි.” [3] “මහණෙනි, එපරිද්දෙන්ම ප්රාණඝාතයෙන් වැළකුණාවූ යම් සත්වයෝ වෙත්ද, ඔව්හු ඉතා ස්වල්ප වෙති. ප්රාණඝාතයෙන් නොවැළකුණාවූ යම් සත්වයෝ වෙත්ද, ඔව්හු ඉතා බොහෝ වෙත්, ඊට හේතු කවරේද යත්, සතර ආර්ය්ය සත්යයන්ගේ නොදැනීම වෙති. කවර නම් සතරකගේද යත්, [4] “මහණෙනි, කුමක් මා විසින් කියන ලදද? මහණෙනි, මෙය දුකයයි මා විසින් කියන ලදී මේ දුකට හේතුවයයි මා විසින් කියන ලදී. මේ දුක නැතිවීමයයි මා විසින් කියන ලදී. මේ දුක නැති කිරීමට පැමිණෙන මාර්ගයයි මා විසින් කියන ලදී. [5] “මහණෙනි, කුමක් නිසා මා විසින් මෙය කියන ලදද? මහණෙනි, මෙය අර්ථයෙන් යුක්තය. මාර්ගබ්රහ්මචර්ය්යාවට මුල් වූයේ වෙයි. මෙය කලකිරීම පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, සංසිඳීම පිණිස විශේෂයෙන් දැනගැනීම පිණිස, අවබෝධය පිණිස, නිවන පිණිස පවතියි.
12. 8. 2.
2. අදින්නාදාන සූත්රය
1142. (මේ ඡේද මේ වර්ගයේ 1, වෙනි සූත්රයේ 1, 2 ඡේද මෙන් වෙත්.) “මහණෙනි, එපරිද්දෙන්ම සොරකම් කිරීමෙන් වැළකුණාවූ යම් සත්වයෝ වෙත්ද ඔව්හු ඉතා ස්වල්පවෙති. සොරකම් කිරීමෙන් නොවැළකුණාවූ සත්වයෝ ඉතා බොහෝ වෙත්. ඊට හේතුව කවරේද යත්, සතරආර්ය්යසත්යයන්ගේ නොදැනීම වෙති. කවරනම් සතරකගේද යත්, (මේ ඡේද මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ 4, 5 ඡේද මෙන් වෙත්.)
12. 8. 3.
3. කාමමිච්ඡාචාර සූත්රය
1143. (මේ ඡේද මේ වර්ගයේ 1, වෙනි සූත්රයේ 1, 2 ඡේද මෙන් වෙත්.) මහණෙනි, එපරිද්දෙන්ම කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකුණාවූ යම් සත්වයෝ වෙත්ද ඔව්හු ඉතා ස්වල්පවෙති. කාමයෙහි වරදවා හැසිරීමෙන් නොවැළකුණාවූ සත්වයෝම බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත්, සතරආර්ය්යසත්යයන්ගේ නොදැනීම වෙති. කවරනම් සතර ආර්ය්ය සත්යයන්ගේද යත්, (මේ ඡේද මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ 4, 5 ඡේද මෙන් වෙත්.)
12. 8. 4.
4. මුසාවාද සූත්රය
1144. (මේ ඡේද මේ වර්ගයේ 1, වෙනි සූත්රයේ 1, 2 ඡේද මෙන් වෙත්.) “මහණෙනි, එපරිද්දෙන්ම යමෙක් තුමූ බොරු කීමෙන් වැළකුණාහුද ඒ සත්වයෝ ඉතා ස්වල්පවෙත්. යමෙක් තුමූ බොරුකීමෙන් නොවැළකුණාහුද ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතුව කවරේද යත්, සතරආර්ය්යසත්යයන් නොදැනීම වෙත්, කවරනම් සතරකගේද යත්, (මේ ඡේද මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ 4, 5 ඡේද මෙන් වෙත්.)
12. 8. 5.
5. පිසුණාවාචා සූත්රය
1145. “මහණෙනි, එපරිද්දෙන්ම යමෙක් තුමූ කේළාම් කීමෙන් වැළකුණාහුද ඒ සත්වයෝ ඉතා ස්වල්පවෙත්. යමෙක් තුමූ කේළාම් කීමෙන් නොවැළකුණාහුද ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතුව කවරේද යත්, සතරආර්ය්ය සත්යයන්ගේ නොදක්නාලද බවය, කවරනම් සතරකගේද?
12. 8. 6.
6. ඵරුසාවාචා සූත්රය
1146. “මහණෙනි, එපරිද්දෙන්ම යමෙක් තුමූ ඵරුෂවචන කීමෙන් වැළකුණාහුද, ඒ සත්වයෝම ඉතා ස්වල්පවෙත්. යමෙක් තුමූ ඵරුෂවචන කීමෙන් නොවැළකුණාහුද. ඒ සත්වයෝම ඉතා බොහෝවෙත්. ඊට හේතුව කවරේද යත්, සතර ආර්ය්යසත්යයන්ගේ නොදක්නාලද බවය. කවර නම් සතරකගේද යත්,