12. 7. 1.
1. අප්පකමනුස්ස (හෝ) අඤ්ඤාහු සූත්රය
1131. [1] එකල්හි භාග්යවතුන් වහන්සේ නිය පිටට පස්ටිකක් නගා භික්ෂූන්ට කථා කොට මෙසේ වදාළේය. “මහණෙනි, ඒ කුමක් දැයි සිතන්නහුද? මා විසින් නිය පිටට ගන්නා ලද මේ ස්වල්පවූ පසත් මහ පොළොවත් යන මේ දෙකින් කුමක් නම් අතිශයින් බොහෝ වන්නේද?” කියායි. [2] “ස්වාමීනි, යම් ඒ මහා පෘථුවියක් වන්නීද එයම අතිශයින් බොහෝ වන්නීය. භාග්යවතුන් වහන්සේ විසින් නිය පිටට ගන්නාලද මේ පස ඉතා ස්වල්ප වන්නේය. භාග්යවතුන් වහන්සේ විසින් නිය පිටට ගන්නා ලද පස මහා පෘථුවිය හා සමාන කරන කල ගණනකටද නොපැමිණෙයි. උපමාවකටද නොපැමිණෙයි. කලාවෙන් කලාවකටද නොපැමිණෙයි.” [3] “මහණෙනි, එපරිද්දෙන් වනාහි යම් සත්වකෙනෙක් මිනිස් ලොව උපදිත්ද, ඒ සත්වයෝ ඉතා ස්වල්පවෙත්. යම් සත්වකෙනෙක් මිනිස්ලොවින් අන්තන්හි උපදිත්ද, ඒ සත්වයෝම අතිශයින් බොහෝවෙත්. ඊට හේතු කවරේද යත්, මහණෙනි, චතුස්සත්යයන් නොදක්නාලද හෙයිනි. කවර සතරක්ද? [4] “මහණෙනි, කුමක් මා විසින් කියන ලදද? මහණෙනි, මෙය දුකයයි මා විසින් කියන ලදී මේ දුකට හේතුවයයි මා විසින් කියන ලදී. මේ දුක නැතිවීමයයි මා විසින් කියන ලදී. මේ දුක නැති කිරීමට පැමිණෙන මාර්ගයයි මා විසින් කියන ලදී. [5] “මහණෙනි, කුමක් නිසා මා විසින් මෙය කියන ලදද? මහණෙනි, මෙය අර්ථයෙන් යුක්තය. මාර්ගබ්රහ්මචර්ය්යාවට මුල් වූයේ වෙයි. මෙය කලකිරීම පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, සංසිඳීම පිණිස විශේෂයෙන් දැනගැනීම පිණිස, අවබෝධය පිණිස, නිවන පිණිස පවතියි.
12. 7. 2.
2. පච්චන්තජායන සූත්රය
1132. (මේ වර්ගයේ සියලු සූත්රයන්හිම මේ ඡේද මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ 1, 2 ඡේද මෙන් වෙත්.) “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් මධ්යම ජනපදයෙහි උපදිත්ද, ඒ සත්වයෝ ඉතා ස්වල්පවෙත්. අප්රසිද්ධ ප්රත්යන්ත ම්ලෙච්ඡ ජනපදයන්හි උපදිත්ද, ඔව්හුම අතිශයින් බොහෝ වෙති ඊට හේතු කවරේද යත්, චතුස්සත්යයන් නොදක්නාලද හෙයිනි කවර සතරක්ද? (මේ ඡේද මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ 4, 5 ඡේද මෙන් වෙත්.)
12. 7. 3.
3. පඤ්ඤචක්ඛු සූත්රය
1133. (මේ ඡේද මේ වර්ගයේ 1, වෙනි සූත්රයේ 1, 2 ඡේද මෙන් වෙත්.) මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් ආර්ය්යවූ ප්රඥා චක්ෂුසින් යුක්තවූවාහුද ඔව්හු ඉතා ස්වල්පවෙත්. යම් සත්ව කෙනෙක් අවිද්යාවෙන් මුළා වූවාහුද ඔව්හුම බොහෝ වෙත්. (මේ ඡේද මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ 4, 5 ඡේද මෙන් වෙත්.)
12. 7. 4.
4. සුරාමෙරය සූත්රය
1134. (මේ ඡේද මේ වර්ගයේ 1, වෙනි සූත්රයේ 1, 2 ඡේද මෙන් වෙත්.) “මහණෙනි, එපරිද්දෙන්ම මත්වීමට සහ ප්රමාදයට කරුණුවූ රහමෙර පානය කිරීමෙන් වැළකුනාවූ යම් සත්වයෝ වෙත්ද, ඔවුහු අතිශයින් ස්වල්ප වෙති. මත්වීමට හා ප්රමාදයට කාරණවූ රහමෙර පානය කරන්නාවූ යම් සත්වයෝ වෙත්ද, ඔවුහුම අතිශයින් බොහෝවෙති. ඊට හේතු කවරේද යත්, මහණෙනි, සතර ආර්ය්යසත්යයන් නොදැනීමය. කවර සතරක්ද? (මේ ඡේද මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ 4, 5 ඡේද මෙන් වෙත්.)
12. 7. 5.
5. ඔදකථලජ සූත්රය
1135. (මේ ඡේද මේ වර්ගයේ 1, වෙනි සූත්රයේ 1, 2 ඡේද මෙන් වෙත්.) “මහණෙනි, එපරිද්දෙන්ම වනාහි ගොඩබිම ඉපදුනාවූ යම් සත්වයෙක් වෙත්ද ඔවුහු ඉතා ස්වල්ප වෙත්. දියෙහි ඉපදුනාවූ යම් සත්වයෝ වෙත්ද ඔවුහුම ඉතා බොහෝ වෙත්. ඊට හේතු කවරේද මහණෙනි, සතර ආර්ය්ය සත්යයන්ගේ නොදැනීමය, කවර නම් සතර ආර්ය්ය සත්යයන්ගේද, යත්? (මේ ඡේද මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ 4, 5 ඡේද මෙන් වෙත්.)
12. 7. 6.
6. මත්තෙය්ය සූත්රය
1136. (මේ ඡේද මේ වර්ගයේ 1, වෙනි සූත්රයේ 1, 2 ඡේද මෙන් වෙත්.) “මහණෙනි, එපරිද්දෙන්ම මවු කෙරෙහි මනාව පිළිපදින්නාවූ යම් සත්වයෝ වෙත්ද, ඔවුහු ස්වල්ප වෙති. මවුට උපකාර නොකරන්නාවූ යම් සත්වයෝ වෙත්ද, ඔවුහුම බොහෝ වෙත්. ඊට හේතු කවරේද, චතුස්සත්යයන්ගේ නොදත් බැව්ය. කවර නම් චතුස්සත්යයන්ගේද යත්? (මේ ඡේද මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ 4, 5 ඡේද මෙන් වෙත්.)
12. 7. 7.
7. පෙත්තෙය්ය සූත්රය
1137. (මේ ඡේද මේ වර්ගයේ 1, වෙනි සූත්රයේ 1, 2 ඡේද මෙන් වෙත්.) “මහණෙනි, එපරිද්දෙන්ම වනාහි පියා කෙරෙහි මනාව පිළිපදින්නාවූ යම් සත්වයෝ වෙත්ද ඔවුහු ඉතා ස්වල්ප වෙත් පියාට උපකාර නොකරන්නාවූ යම් සත්වයෝ වෙත්ද, ඔවුහුම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත් සතර ආර්ය්ය සත්යයන්ගේ නොදැනීම වෙති. කවර නම් සතර ආර්ය්ය සත්යයන්ගේද යත්? (මේ ඡේද මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ 4, 5 ඡේද මෙන් වෙත්.)
12. 7. 8.
8. සාමඤ්ඤ සූත්රය
1138. (මේ ඡේද මේ වර්ගයේ 1, වෙනි සූත්රයේ 1, 2 ඡේද මෙන් වෙත්.) “මහණෙනි, එපරිද්දෙන්ම ශ්රමණයන් කෙරෙහි මනාකොට පිළිපදින්නාවූ යම් ඒ සත්වයෝ වෙත්ද ඔවුහු ඉතා ස්වල්ප වෙති. ශ්රමණයන් කෙරෙහි මනාකොට නො පිළිපදින්නාවූ සත්වයෝ අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත්, (මේ ඡේද මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ 4, 5 ඡේද මෙන් වෙත්.)