12. 6. 3.
3. පඨම සම්භෙජ්ජොදක සූත්‍රය
1123. ‘මහණෙනි, යම් තැනෙක්හි ගංගා යමුනා අචිරවති සරභූ මහී යන මේ පඤ්ච මහා ගංගාවෝ එකට එක්වෙත්ද පුරුෂයෙක් එතැනින් වතුර බින්දු දෙකක් හෝ තුනක් හෝ ගන්නේය. මහණෙනි, හේ කුමැකැයි සිතන්නහුද? ගත් දිය බිංදු දෙක තුනත් ඒ පඤ්ච මහා ගංගා එක්වන තැන ජලය යන දෙකින් කුමක් නම් අතිශයින් බොහෝ වේද?” “ස්වාමීනි, යම් ඒ ගංගා එක්වන තැන පවත්නා ජලයක් වේද එයම අතිශයින් බොහෝ වෙත්. පුරුෂයා විසින් ගන්නා ලද දිය බින්දු දෙක තුන ඉතා ස්වල්ප වන්නේය. ගන්නාලද දිය බින්දු දෙක තුන ඒ ජලය සමාන කරන කලද ගණනටද නො පැමිණෙයි. උපමාවකටද නොපැමිණෙයි කලාවෙන් කලාවටද නොපැමිණෙයි. “මහණෙනි, එපරිද්දෙන්ම යමෙක් මේ දුකයයි තත්වූ පරිදි දනීද, දුක ඇතිවීමේ හේතුව තත්වූ පරිදි දනීද, දුක නැතිකිරීම තත්වූ පරිදි දනීද, දුක නැතිකරන මාර්ගය තත්වූ පරිදි දනීද, ඒ චතුස්සත්‍යය අවබෝධ කළ ඒ සෝවාන් ආර්‍ය්‍ය පුද්ගලයා විසින් ක්ෂය කරන ලද කෙළවර කරන ලද යම් ඒ දුකක්වේද එයම අතිශයින් බොහෝ වෙයි. භව සතකට සීමාවූ ඉතිරි දුක ඉතා ස්වල්ප වෙයි. පළමු ක්ෂය කරන ලද දුක්ඛය හා සමකරන කල මේ සත් භවයකට සීමාවූ ස්කන්ධ දුක ගණනටද නොගැනේ, උපමාවකටද නොපැමිණෙයි, කලාවෙන් කලාවකටද නොපැමිණෙයි. මහණෙනි, එහෙයින් මෙය දුකයයි දැනීම පිණිස උත්සාහ කටයුතුයි. මෙය දුකට හේතුවයයි දැනීම පිණිස උත්සාහ කළයුතුයි. මෙය දුක නැතිකිරීමයයි දැනීම පිණිස උත්සාහ කළයුතුයි. මෙය දුක නැති කරන මාර්ගයයි දැනීම පිණිස උත්සාහ කළයුතුයි.
12. 6. 4.
4. දුතිය සම්භෙජ්ජොදක සූත්‍රය
1124. “මහණෙනි, යම් තැනෙක්හි ගංගා යමුනා අචිරවතී සරභූ මහී යන පඤ්ච මහා ගංගාවෝ එකට එක්වෙත්ද දිය බින්දු දෙකක් හෝ තුනක් හෝ හැර ඒ ජලය ක්ෂය වීමට කෙළවර වීමට පැමිණෙන්නේය. මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද ඒ ක්ෂයවූ කෙළවරවූ ගංගා එක්වන තැන ජලයත් ඉතිරිවූ දිය බින්දු දෙක තුනත් යන මෙයින් කුමක් නම් අතිශයන් බොහෝ වේද? “ස්වාමීනි, ඒ ක්ෂය භාවයට ගියාවූ කෙළවරවූ ගංගා එක්වූ තැන ජලයම අතිශයින් බොහෝ වෙයි. ඉතුරුවූ දිය බින්දු දෙක හෝ තුන හෝ ඉතා ස්වල්ප වෙයි. ගංගා එක්වූ තැන ජලය හා ඉතිරිවූ දිය බින්දු දෙක තුන සමාන කරන කල්හි ගණනටද නොගැනේ. උපමාවටද නොපැමිණෙයි. කලාවෙන් කලාවටද නොපැමිණෙයි. “මහණෙනි, එපරිද්දෙන්ම යමෙක් මේ දුකයයි තත්වූ පරිදි දනීද, දුක ඇතිවීමේ හේතුව තත්වූ පරිදි දනීද, දුක නැතිකිරීම තත්වූ පරිදි දනීද, දුක නැතිකරන මාර්ගය තත්වූ පරිදි දනීද, ඒ චතුස්සත්‍යය අවබෝධ කළ ඒ සෝවාන් ආර්‍ය්‍ය පුද්ගලයා විසින් ක්ෂය කරන ලද කෙළවර කරන ලද යම් ඒ දුකක්වේද එයම අතිශයින් බොහෝ වෙයි. භව සතකට සීමාවූ ඉතිරි දුක ඉතා ස්වල්ප වෙයි. පළමු ක්ෂය කරන ලද දුක්ඛය හා සමකරන කල මේ සත් භවයකට සීමාවූ ස්කන්ධ දුක ගණනටද නොගැනේ, උපමාවකටද නොපැමිණෙයි, කලාවෙන් කලාවකටද නොපැමිණෙයි. මහණෙනි, එහෙයින් මෙය දුකයයි දැනීම පිණිස උත්සාහ කටයුතුයි. මෙය දුකට හේතුවයයි දැනීම පිණිස උත්සාහ කළයුතුයි. මෙය දුක නැතිකිරීමයයි දැනීම පිණිස උත්සාහ කළයුතුයි. මෙය දුක නැති කරන මාර්ගයයි දැනීම පිණිස උත්සාහ කළයුතුයි.
12. 6. 5.
5. පඨම කොලට්ඨිකොපම සූත්‍රය
1125. “මහණෙනි, පුරුෂයෙක් ඩෙබර ගෙඩි පමණ මැටි ගුලි සතක් මහපොළොව හා එකට තබන්නේය. මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? මහ පොළොව හා එකට තබන ලද ඩෙබර ගෙඩි සතක් පමණවූ ඒ මැටි ගුළි සතත් මහපොළවත් යන දෙකින් කුමක් වඩා මහත්ද? ස්වාමීනි, මහ පොළොවම අතිශයින් මහත් වන්නේය. එකට තබන ලද ඩෙබර ගුළි සතක් පමණවූ මැටි ගුළි සත ඉතා කුඩාවන්නාහ. ඩෙබර ගෙඩි සතක් පමණවූ මැටි ගුළි සත මේ මහා පොළොව හා සමාන කරන කල්හි සංඛ්‍යාවකට නොපැමිණෙයි. උපමාවකටද නොපැමිණෙයි. කලාවෙන් කලාවටද නොපැමිණෙයි. “මහණෙනි, එපරිද්දෙන්ම යමෙක් මේ දුකයයි තත්වූ පරිදි දනීද, දුක ඇතිවීමේ හේතුව තත්වූ පරිදි දනීද, දුක නැතිකිරීම තත්වූ පරිදි දනීද, දුක නැතිකරන මාර්ගය තත්වූ පරිදි දනීද, ඒ චතුස්සත්‍යය අවබෝධ කළ ඒ සෝවාන් ආර්‍ය්‍ය පුද්ගලයා විසින් ක්ෂය කරන ලද කෙළවර කරන ලද යම් ඒ දුකක්වේද එයම අතිශයින් බොහෝ වෙයි. භව සතකට සීමාවූ ඉතිරි දුක ඉතා ස්වල්ප වෙයි. පළමු ක්ෂය කරන ලද දුක්ඛය හා සමකරන කල මේ සත් භවයකට සීමාවූ ස්කන්ධ දුක ගණනටද නොගැනේ, උපමාවකටද නොපැමිණෙයි, කලාවෙන් කලාවකටද නොපැමිණෙයි. මහණෙනි, එහෙයින් මෙය දුකයයි දැනීම පිණිස උත්සාහ කටයුතුයි. මෙය දුකට හේතුවයයි දැනීම පිණිස උත්සාහ කළයුතුයි. මෙය දුක නැතිකිරීමයයි දැනීම පිණිස උත්සාහ කළයුතුයි. මෙය දුක නැති කරන මාර්ගයයි දැනීම පිණිස උත්සාහ කළයුතුයි.
12. 6. 6.
6. දුතිය කොලට්ඨිකොපම සූත්‍රය
1126. “මහණෙනි, මේ මහපොළොව ඩෙබරගෙඩි පමණවූ මැටි ගුළි සතක් ඉතිරිව තිබියදී ක්ෂයවීමට යන්නේය. කෙළවරට යන්නේය. මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? ක්ෂයවූ කෙළවරට ගියාවූ ඒ මහ පොළවත් ඉතිරිවූ ඩෙබර ගෙඩි පමණවූ මැටි ගුලි සතත් යන මෙයින් කුමක් නම් අතිශයින් මහත් වන්නේද?” “ස්වාමීනි, ක්ෂයවූ කෙළවරවූ මහ පොළවම අතිශයින් බොහෝ වන්නේය. ඉතුරුවූ ඩෙබර ඵල පමණ මැටි ගුළි සත ඉතා ස්වල්ප වෙයි. ක්ෂයවූ කෙළවරවූ මහ පොළොව හා ඉතිරිවූ ඩෙබර ඵල පමණ මැටි ගුළි සත ගණනකටද නොපැමිණෙයි. උපමාවකටද නොපැමිණෙයි. කලාවෙන් කලාවටද නොපැමිණෙත්. “මහණෙනි, එපරිද්දෙන්ම යමෙක් මේ දුකයයි තත්වූ පරිදි දනීද, දුක ඇතිවීමේ හේතුව තත්වූ පරිදි දනීද, දුක නැතිකිරීම තත්වූ පරිදි දනීද, දුක නැතිකරන මාර්ගය තත්වූ පරිදි දනීද, ඒ චතුස්සත්‍යය අවබෝධ කළ ඒ සෝවාන් ආර්‍ය්‍ය පුද්ගලයා විසින් ක්ෂය කරන ලද කෙළවර කරන ලද යම් ඒ දුකක්වේද එයම අතිශයින් බොහෝ වෙයි. භව සතකට සීමාවූ ඉතිරි දුක ඉතා ස්වල්ප වෙයි. පළමු ක්ෂය කරන ලද දුක්ඛය හා සමකරන කල මේ සත් භවයකට සීමාවූ ස්කන්ධ දුක ගණනටද නොගැනේ, උපමාවකටද නොපැමිණෙයි, කලාවෙන් කලාවකටද නොපැමිණෙයි. මහණෙනි, එහෙයින් මෙය දුකයයි දැනීම පිණිස උත්සාහ කටයුතුයි. මෙය දුකට හේතුවයයි දැනීම පිණිස උත්සාහ කළයුතුයි. මෙය දුක නැතිකිරීමයයි දැනීම පිණිස උත්සාහ කළයුතුයි. මෙය දුක නැති කරන මාර්ගයයි දැනීම පිණිස උත්සාහ කළයුතුයි.