12. 4. 10.
වාද සූත්රය
3882. මහණෙනි, යම් කිසි මහණෙක් තෙම වනාහි, මෙය දුකයයි තත්වූ පරිදි දනීද, මෙය දුකට හේතුවයයි තත්වූ පරිදි දනීද, මෙය දුක නැතිකිරීමයයි තත්වූ පරිදි දනීද, මෙය දුක නැති කරන මාර්ගයයි තත්වූ පරිදි දනීද, ඉදින් පෙරදිගින් වාදය කැමැත්තාවූ, වාදය සොයන්නාවූ ශ්රමණයෙක් හෝ බ්රාහ්මණයෙක් හෝ මොහුට වාදය ආරොපනය කරන්නෙමියි එන්නේවේද, ඒකාන්තයෙන් ඔහු කරුණු සහිතව කම්පා කරන්නේය. විශේෂයෙන් කම්පා කරන්නේය. සොලවන්නේය යන මීට හේතු නැත්තේය. අපර දිගින්ද, වාදය කැමැත්තාවූ වාදය සොයන්නාවූ ශ්රමණයෙක් හෝ බ්රාහ්මණයෙක් හෝ මොහුට වාදය ආරොපනය කරන්නෙමියි එන්නේවේද, ඒකාන්තයෙන් ඔහු කරුණු සහිතව කම්පාකරන්නේය. විශේෂයෙන් කම්පාකරන්නේය. සොලවන්නේය යන මීට හේතු නැත්තේය. උතුරු දිගින්ද, වාදය කැමැත්තාවූ, වාදය සොයන්නාවූ ශ්රමණයෙක් හෝ බ්රාහ්මණයෙක් හෝ මොහුට වාදය ආරොපනය කරන්නෙමියි එන්නේවේද, ඒකාන්තයෙන් ඔහු කරුණු සහිතව කම්පා කරන්නේය. විශේෂයෙන් කම්පා කරන්නේය. සොලවන්නේය. යන මීට හේතු නැත්තේය. දකුණු දිගින්ද, වාදය කැමැත්තාවූ, වාදය සොයන්නාවූ ශ්රමණයෙක් හෝ බ්රාහ්මණයෙක් හෝ මොහුට වාදය ආරොපනය කරන්නෙමියි එන්නේවේද, ඒකාන්තයෙන් ඔහු කරුණු සහිතව කම්පා කරන්නේය. විශේෂයෙන් කම්පා කරන්නේය. සොලවන්නේය. යන මීට හේතු නැත්තේය. මහණෙනි, සොළොස් රියන් ගල්ටැඹක් ඇත්තේය. එහි අට රියනක් වල යටට බැස ඇත්තේද අට රියනක් වලින් මතුවී සිටියේ වේද ඉදින් පෙර දිගින් මහත්වූ කුණාටුවක් හමන්නේ නමුත් එය කම්පා නොකරන්නේය. විශේෂයෙන් කම්පා නොකරන්නේය. නොසොල් වන්නේය. ඉදින් අපර දිගින් මහත්වූ කුණාටුවක් හමන්නේ නමුත් එය කම්පා නොකරන්නේය. විශේෂයෙන් කම්පා නොකරන්නේය. නොසොල් වන්නේය. ඉදින් උතුරු දිගින් මහත්වූ කුණාටුවක් හමන්නේ නමුත් එය කම්පා නොකරන්නේය. විශේෂයෙන් කම්පා නොකරන්නේය. නොසොල් වන්නේය. ඉදින් දකුණු දිගින් මහත්වූ කුණාටුවක් හමන්නේ නමුත් එය කම්පා නොකරන්නේය විශේෂයෙන් කම්පා නොකරන්නේය. නොසොල් වන්නේය. ඊට හේතුව කුමක්ද? මහණෙනි, ගල් කණුව ගැඹුරු වළක මනාව සිටුවන ලද හෙයිනි.
මහණෙනි, එසේම යම් කිසි මහණෙක් තෙම වනාහි මෙය දුකයයි තත්වූ පරිදි දනීද. මේ දුකට හේතුවයයි තත් පරිදි දනීද, මෙය දුක නැතිකිරීමයයි තත්වූ පරිදි දනීද, මෙය දුක නැති කරන මාර්ගයයි තත් පරිදි දනියිද ඉදින් පෙර දිගින් වාදය කැමැත්තාවූ, වාදය සොයන්නාවූ ශ්රමණයෙක් හෝ බ්රාහ්මණයෙක් හෝ මොහුට වාදාරොපනය කරන්නෙමියි එන්නේ වේද, ඒකාන්තයෙන් ඔහු කරුණු සහිතව ධර්මයෙන් කම්පා කරන්නේය. විශේෂයෙන් කම්පා කරන්නේය. විශේෂයෙන් සොලවන්නේය. යන මීට හේතු නැත්තේය. අපර දිගින්ද, වාදය කැමැත්තාවූ වාදය සොයන්නාවූ ශ්රමණයෙක් හෝ බ්රාහ්මණයෙක් හෝ මොහුට වාදය ආරොපනය කරන්නෙමියි එන්නේවේද, ඒකාන්තයෙන් ඔහු කරුණු සහිතව කම්පා කරන්නේය. විශේෂයෙන් කම්පාකරන්නේය. සොලවන්නේය යන මීට හේතු නැත්තේය. දකුණු දිගින්ද, වාදය කැමැත්තාවූ, වාදය සොයන්නාවූ ශ්රමණයෙක් හෝ බ්රාහ්මණයෙක් හෝ මොහුට වාදය ආරොපනය කරන්නෙමියි එන්නේවේද, ඒකාන්තයෙන් ඔහු කරුණු සහිතව කම්පා කරන්නේය. විශේෂයෙන් කම්පා කරන්නේය. සොලවන්නේය. යන මීට හේතු නැත්තේය. ඊට හේතුව කවරේද? චතුරාර්ය්ය සත්යය මනාකොට දක්නා ලද හෙයිනි. කිනම් සතරක්ද? දුක්ඛාර්ය්ය සත්යය, දුක්ඛ සමුදයාර්ය්ය සත්යය, දුක්ඛ නිරෝධාර්ය්ය සත්යය, දුක්ඛ නිරෝධ ගාමිණී ප්රතිපදා ආර්ය්ය සත්යය යන සතරය. එහෙයින් මහණෙනි, මෙය දුකයයි දැනගැනීම පිණිස උත්සාහ කළයුතුයි. මෙය දුකට හේතුවයයි දැනගැනීම පිණිස උත්සාහ කළ යුතුයි. මෙය දුක නැතිවීමයයි දැනගැනීම පිණිස උත්සාහ කළ යුතුයි. මේ දුක නැතිකරන මාර්ගයයි දැනගැනීම පිණිස උත්සාහ කළ යුතුයි.
සිංසපාවනවග්ගො චතුත්ථො.
එහි උද්දානය:
සිංසපා, ඛදිර, දණ්ඩ, චෙල, සත්තිසත ද, පාණ, සූරියූපම දෙකක් ද, ඉන්දඛීල සහ වාද සූත්රය ද වේ.
5. පපාත වර්ගය
12. 5. 1.
ලොකචින්තා සූත්රය
3883. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහිවූ කලන්දක නිවාප නම් වෙළුවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි භාග්යවතුන් වහන්සේ භික්ෂූන්හට අඬගා මෙසේ වදාළේය. “මහණෙනි, පෙරවූ දෙයක් කියමි. එක්තරා පුරුෂයෙක් රජගහ නුවරින් නික්මී, ‘ලෝකය ගැන සිතන්නෙමියි’ කියා, සුමාගධා නම් පොකුණ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ සුමාගධා නම් පොකුණු තෙර ලෝකය ගැන සිතමින් හුන්නේය. මහණෙනි, ඒ පුරුෂතෙම වනාහි සුමාගධා නම් පොකුණෙහි නෙළුම් දණ්ඩක සිදුරු වලට ඇතුල් වන්නාවූ සිව්රඟ සෙනඟක් දැක්කේය. දැක, ඔහුට මේ සිත ඇතිවිය. ‘මම නම් පිස්සෙක්මි. මම නම් වික්ෂිප්ත සිත් ඇත්තෙක්මි. මා විසින් ලෝකයෙහි නැති දෙයක් දක්නා ලද්දේය’ කියායි.
“මහණෙනි, ඉක්බිති ඒ පුරුෂතෙමේ රජගහනුවරට පැමිණ මහාජනයා හට මෙය කීයේය. ‘පින්වත්නි, මම නම් පිස්සෙක්මි. පින්වත්නි, මම නම් විසුරුණු සිත් ඇත්තෙක්මි. මා විසින් ලෝකයෙහි නැති දෙයක් දක්නා ලද්දේය’ කියායි. ‘පින්වත් පුරුෂය, කෙසේ නම් නුඹ පිස්සෙක් වූයෙහිද කෙසේ විසුරුණු සිත් ඇත්තෙක් වූයෙහිද, නුඹ විසින් දක්නා ලද ඒ ලෝකයෙහි නැති දෙය නම් කුමක්ද?’ ‘ස්වාමීනි, මම මේ රජගහ නුවරින් නික්මී ලෝකය ගැන සිතන්නෙමියි සුමාගධා නම් පොකුණ යම් තැනෙක් හිද එතැනට ගියෙමි ගොස්, සුමාගධා නම් පොකුණු තෙර ලෝකය ගැන සිතමින් හුන්නෙමි. ස්වාමීනි, මම වනාහි සුමාගධා නම් පොකුණු ඉවුරෙහි නෙළුම් දණ්ඩකට ඇතුල්වන්නාවූ සිව්රඟ සෙනගක් දැක්කෙමි. ස්වාමීනි, මෙසේ වනාහි මම පිස්සෙක් වූයෙමි, විසුරුණු සිත් ඇත්තෙක් වූයෙමි. ලෝකයෙහි නැත්තාවූ මෙය මා විසින් දක්නා ලදැයි’ කීය. ‘පින්වත් පුරුෂය, එසේ නම් නුඹ ඒකාන්තයෙන් පිස්සෙක් වෙහිය. ඒකාන්තයෙන් විසුරුණු සිත් ඇත්තෙක් වෙහිය. නුඹ විසින් ලෝකයෙහි නැති දෙයක් දක්නා ලදැයි’ කීවාහුය. මහණෙනි, ඒ පුරුෂ තෙම වනාහි වූ දෙයක්ම දුටුවේය. එය නොවූ දෙයක් නොවේමය.
“මහණෙනි, පෙර වූ දෙයක් කියමි. එනම් සුරා’සුර යුද්ධය එළඹ සිටියේ විය. මහණෙනි, ඒ යුද්ධයෙහිදී වනාහි දෙවියෝ දිනුවාහුය. අසුරයෝ පැරදුනාහුය. මහණෙනි, පැරදුණු අසුරයෝ වනාහි බිය වූවාහු, දෙවියන් මුළා කරමින් නෙළුම් දණ්ඩකට රිංගන්නාක් මෙන් පෙනෙන සේ මායාවක් කොට අසුර පුරයට ගියාහුය. මහණෙනි, එහෙයින් ‘ලෝකය නිත්යයි’ කියා හෝ ‘ලෝකය නිත්ය නොවේයයි’ කියා හෝ ‘ලෝකයෙහි කොණක් ඇත්තේය’ කියා හෝ, ‘ලෝකයෙහි කොණක් නැත්තේය’ කියා හෝ ‘එයම ජීවය, එයම ශරීරයයි’ කියා හෝ ‘ජීවය අනිකකි, ශරීරය අනිකකියි’ කියා හෝ ‘සත්වතෙම මරණින් මතු වන්නේය’ කියා හෝ ‘සත්වතෙම මරණින් මතු නොවන්නේය’ කියා හෝ, ‘සත්වතෙම මරණින් මතු වන්නෙත් වෙයි, නොවන්නෙත් වෙයි’ කියා හෝ, ‘සත්ව තෙම මරණින් මතු නොවෙයි, නොවන්නෙත් නොවෙයි’ කියා හෝ ලෝකය ගැන කල්පනා නොකරව්. ඊට හේතු කවරේද? මහණෙනි, මේ සිතීම අර්ථය පිණිස නොවෙයි. මාර්ග බ්රහ්මචර්ය්යාවට මුල්වූයේ නොවෙයි. කලකිරීම පිණිස, නො ඇලීම පිණිස, නිරෝධය පිණිස, සංසිඳීම පිණිස විශේෂයෙන් දැනීම පිණිස, අවබෝධය පිණිස, නිවන පිණිස නොපවතියි.