12. 11. 27.
තතියපෙත්තිචුති සූත්‍රය
3974. මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ ප්‍රේත විෂයෙන් චුතව මිනිසුන් අතර උපදිත්ද, ඒ සත්වයෝ තුමූ ඉතා ස්වල්පවෙත්. යම් සත්වයෝ ප්‍රෙතවිෂයෙන් චුතව ප්‍රෙත විෂයෙහි උපදිත්ද ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද මහණෙනි, සතර ආර්‍ය්‍යසත්‍යයන් නොදක්නාලද බැවිනි. කවර සතරකගේද, -පෙ- යොගො කරණීයොති.
12. 11. 28.
චතුත්ථපෙත්තිචුති සූත්‍රය
3975. ‘මහණෙනි, එපරිද්දෙන් යම් සත්වයෝ ප්‍රෙත යෝනියෙන් චුතවූවාහු දෙවියන් අතර උපදිත්ද, ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙත්. යම් සත්වයෝ ප්‍රෙත යෝනියෙන් චුතව නිරයෙහි උපදිත්ද, ඒ සත්වයෝම බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත්, සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නා ලද බවය. කවර සතරකගේද යත්, -පෙ- යොගො කරණීයොති.
12. 11. 29.
පඤ්චමපෙත්තිචුති සූත්‍රය
3976. මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ ප්‍රෙතවිෂයෙන් චුතව දෙවියන් අතර උපදිත්ද ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙත්. යම් සත්වයෝ ප්‍රෙත විෂයෙන් චුතව තිරිසන් යෝනියෙහි උපදිත්ද, ඒ සත්වයෝ ඉතා බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත්, මහණෙනි, සතර ආර්‍ය්‍යසත්‍යයන්ගේ නොදක්නා ලද බවය. කවර සතරකගේද යත්. -පෙ- යොගො කරණීයොති.
12. 11. 30.
ඡට්ඨපෙත්තිචුති සූත්‍රය
3977. මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ ප්‍රෙතලෝකයෙන් චුතව දෙවියන් අතර උපදිත්ද, ඒ සත්වයෝ තුමූ ඉතා ස්වල්පවෙත්. යම් සත්වයෝ ප්‍රෙත ලෝකයෙන් චුතව ප්‍රෙත ලෝකයෙහි උපදිත්ද, ඒ සත්වයෝම අතිශයින් බොහෝවෙත්. ඊට හේතු කවරේද, මහණෙනි, සතර ආර්‍ය්‍යසත්‍යයන්ගේ නොදක්නාලද බවය. කවර සතරකගේද? දුක්ඛස්ස අරියසච්චස්ස -පෙ- දුක්ඛනිරොධගාමිනියා පටිපදාය අරියසච්චස්ස. තස්මාතිහ මහණෙනි, “මේ දුකය”යි වීර්‍ය්‍ය කළ යුතුය, “මේ දුක්ඛසමුදයය”යි වීර්‍ය්‍ය කළ යුතුය, “මේ දුක්ඛනිරෝධය”යි වීර්‍ය්‍ය කළ යුතුය, “මේ දුක්ඛනිරෝධගාමිණී ප්‍රතිපදාවය”යි වීර්‍ය්‍ය කළ යුතුය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගත්හ.
පඤ්චගතිපෙය්‍යාලවග්ගො එකාදසමො.
තත්රුද්දානං:
මෙහි චුති නමින් සූත්‍ර හයක් දැක්වේ. ඒ මනුෂ්‍ය, දේව, නිරය, තිරච්ඡාන, පෙත්ති වශයෙන් වේ.
සච්චසංයුත්තං සමත්තං.
නිට්ඨිතො මහාවග්ගො.
තත්රසංයුත්තුද්දානං:
මාර්ග, බොජ්ඣංග, සති, ඉන්ද්‍රිය, සම්මප්පධාන, බල, ඉද්ධිපාද, අනුරුද්ධ, ඣාන, ආනාපාන, සෝතාපත්ති සහ සච්ච යැයි සංයුත්ත දොළහකි.
තත්රවග්ගුද්දානං:
සමාධි, ධම්මචක්කප්පවත්තන, කොටිගාම, සිංසපාවන, පපාත, ඡළෙවාහිසමය, චත්තාරො, ආමකධඤ්ඤ, පෙය්යාලනාමක සහ පඤ්චගතිපෙය්යාල යැයි වර්ග එකොළහකි.
සංයුත්ත නිකාය නිමි.