12. 11. 20.
දුතියතිරච්ඡානචුති සූත්‍රය
3967. මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ තිරිසන් යෝනියෙන් චුතව මනුෂ්‍යයන් අතර උපදිත්ද, ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙත්. යම් සත්වයෝ තිරිසන් යෝනියෙන් චුතව තිරිසන් යෝනියෙහි උපදිත්ද, ඒ සත්වයෝම බොහෝ වෙත්. -පෙ- යොගො කරණීයොති.
12. 11. 21.
තතියතිරච්ඡානචුති සූත්‍රය
3968. මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ තිරිසන් යෝනියෙන් චුතව මනුෂ්‍යයන් අතර උපදිත්ද, ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙත්. යම් සත්වයෝ තිරිසන් යෝනියෙන් චුතව ප්‍රේත විෂයෙහි උපදිත්ද, ඒ සත්වයෝම බොහෝ වෙත්. -පෙ- යොගො කරණීයොති.
12. 11. 22.
චතුත්ථතිරච්ඡානචුති සූත්‍රය
3969. මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ තිරිසන් යෝනියෙන් චුතව දෙවියන් අතර උපදිත්ද ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙත්, යම් සත්වයෝ තිරිසන් යෝනියෙන් චුතව නිරයෙහි උපදිත්ද ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත් සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නා ලද බවය. කවර සතරකගේද? -පෙ- යොගො කරණීයොති.
12. 11. 23.
පඤ්චමතිරච්ඡානචුති සූත්‍රය
3970. මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ තිරිසන් යොනියෙන් චුතවූවාහු දෙවියන් අතර උපදිත්ද, ඒ සත්වයෝ ඉතා ස්වල්පවෙත්. යම් සත්වයෝ තිරිසන් යොනියෙන් චුතව තිරිසන් යෝනියෙහි උපදිත්ද ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත්, සතර ආර්‍ය්‍යසත්‍යයන්ගේ නොදක්නාලද බවය, කවර සතරකගේද, -පෙ- යොගො කරණීයොති.
12. 11. 24.
ඡට්ඨතිරච්ඡානචුති සූත්‍රය
3971. මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ තිරිසන් යෝනියෙන් චුතව දෙවියන් අතර උපදිත්ද, ඒ සත්වයෝ ඉතා ස්වල්පවෙත්. යම් සත්වයෝ තිරිසන් යෝනියෙන් චුතව ප්‍රේත ලෝකයෙහි උපදිත්ද ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද, මහණෙනි, සතර ආර්‍ය්‍යසත්‍යයන්ගේ නොදක්නාලද බවය. කවර නම් සතරකගේද? -පෙ- යොගො කරණීයොති.
12. 11. 25.
පෙත්තිචුති සූත්‍රය
3972. මහණෙනි, එපරිද්දෙන්ම වනාහි යම් සත්වයෝ ප්‍රේත විෂයෙන් චුතව මිනිසුන් අතර උපදිත්ද ඒ සත්වයෝ ඉතා ස්වල්පවෙත්, යම් සත්වයෝ ප්‍රේත විෂයෙන් චුතව නිරයෙහි උපදිත්ද ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත්, මහණෙනි, සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නාලද බවය, කවර නම් සතරකගේද, -පෙ- යොගො කරණීයොති.
12. 11. 26.
දුතියපෙත්තිචුති සූත්‍රය
3973. මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ ප්‍රේත විෂයෙන් චුතව මිනිසුන් අතර උපදිත්ද ඒ සත්වයෝ ඉතා ස්වල්පවෙති. යම් සත්වයෝ ප්‍රේත විෂයෙන් චුතව තිරිසන් යෝනියෙහි උපදිත්ද, ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද, සතර ආර්‍ය්‍යසත්‍යයන්ගේ නොදක්නා ලද බවය, කවර සතරකගේද යත්? -පෙ- යොගො කරණීයොති.
12. 11. 27.
තතියපෙත්තිචුති සූත්‍රය
3974. මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ ප්‍රේත විෂයෙන් චුතව මිනිසුන් අතර උපදිත්ද, ඒ සත්වයෝ තුමූ ඉතා ස්වල්පවෙත්. යම් සත්වයෝ ප්‍රෙතවිෂයෙන් චුතව ප්‍රෙත විෂයෙහි උපදිත්ද ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද මහණෙනි, සතර ආර්‍ය්‍යසත්‍යයන් නොදක්නාලද බැවිනි. කවර සතරකගේද, -පෙ- යොගො කරණීයොති.
12. 11. 28.
චතුත්ථපෙත්තිචුති සූත්‍රය
3975. ‘මහණෙනි, එපරිද්දෙන් යම් සත්වයෝ ප්‍රෙත යෝනියෙන් චුතවූවාහු දෙවියන් අතර උපදිත්ද, ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙත්. යම් සත්වයෝ ප්‍රෙත යෝනියෙන් චුතව නිරයෙහි උපදිත්ද, ඒ සත්වයෝම බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත්, සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නා ලද බවය. කවර සතරකගේද යත්, -පෙ- යොගො කරණීයොති.