12. 11. 10.
චතුත්ථදෙවචුති සූත්‍රය
3957. මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ දෙව් ලොවින් චුතව මනුෂ්‍යයන් අතරෙහි උපදිත්ද, ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙති යම් සත්වයෝ දෙවියන් කෙරෙන් චුතව නිරයෙහි උපදිත්ද, ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත්? සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නා ලද බවය. කවර සතරකගේද? -පෙ- යොගො කරණීයොති.
12. 11. 11.
පඤ්චමදෙවචුති සූත්‍රය
3958. මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ දෙවියන් කෙරෙන් චුතව මනුෂ්‍යයන් අතරෙහි උපදිත්ද, ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙත්, යම් සත්වයෝ දෙවියන් කෙරෙන් චුතව තිරිසන් යෝනියෙහි උපදිත්ද, ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්, ඊට හේතු කවරේද යත්? සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නා ලද බවය, කවර සතරකගේද? -පෙ- යොගො කරණීයොති.
12. 11. 12.
ඡට්ඨදෙවචුති සූත්‍රය
3959. මහණෙනි, එපරිද්දෙන්ම වනාහි යම් සත්වයෝ දෙව් ලොවින් චුතව මිනිසුන් අතරෙහි උපදිත්ද ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙති යම් සත්වයෝ දෙව් ලොවින් චුතව ප්‍රේතයන් කෙරෙහි උපදිත්ද, ඒ සත්වයෝ අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත්? සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නා ලද බවය. කවර සතරකගේද? -පෙ- යොගො කරණීයොති.
12. 11. 13.
නිරයචුති සූත්‍රය
3960. මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ නිරයෙන් චුතව මිනිසුන් අතර උපදිත්ද, ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙත්. යම් සත්වයෝ නිරයෙන් චුතව නිරයෙහි උපදිත්ද, ඒ සත්වයෝම ඉතා බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත්? සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නා ලද බවය, කවර සතරකගේද යත්? -පෙ- යොගො කරණීයොති.
12. 11. 14.
දුතියනිරයචුති සූත්‍රය
3961. මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ නිරයෙන් චුතව මිනිසුන් අතරෙහි උපදිත්ද, ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙත්. යම් සත්වයෝ නිරයෙන් චුතව තිරිසන් යෝනියෙහි උපදිත්ද, ඒ සත්වයෝම ඉතා බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත්? මහණෙනි, සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නා ලද බැවිනි, කවර සතරකගේද? -පෙ- යොගො කරණීයොති.
12. 11. 15.
තතියනිරයචුති සූත්‍රය
3962. මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ නරකයෙන් චුතව මිනිසුන් අතර උපදිත්ද ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙත්. යම් සත්වයෝ නරකයෙන් චුතව ප්‍රේත විෂයෙහි උපදිත්ද, ඒ සත්වයෝම බොහෝ වෙත්, ඊට හේතු කවරේද? සතර ආර්‍ය්‍ය සත්‍යයන් නොදක්නා ලද බැවිනි. කවර සතරකගේද? -පෙ- යොගො කරණීයොති.
12. 11. 16.
චතුත්ථනිරයචුති සූත්‍රය
3963. මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ නිරයෙන් චුතවූවාහු දෙවියන් අතර උපදිත්ද, එබඳු සත්වයෝ ඉතා ස්වල්ප වෙත්. යම් සත්වයෝ නිරයෙන් චුතවූවාහු නිරයෙහිම උපදිත්ද? ඒ සත්වයෝ අතිශයින් බොහෝ වෙත්, ඊට හේතු කවරේද යත්? සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නා ලද බවය, කවර සතරකගේද? -පෙ- යොගො කරණීයොති.