10. 2. 9.
9. අද්ධානපරිඤ්ඤා සූත්‍රය
995. මහණෙනි, වඩන ලද්දාවූ, බහුල කරන ලද්දාවූ, ආනාපාන සති සමාධිය අතීත අනාගත වර්තමාන කාලත්‍රය දැනීම පිණිස පවතියි... (පෙ)... මහණෙනි, මෙසේ වඩන ලද්දාවූ මෙසේ බහුල කරන ලද්දාවූ ආනාපාන සති සමාධිය වනාහි අතීත අනාගත වර්තමාන කාලත්‍රය දැනීම පිණිස පවතියි.
10. 2. 10.
10. ආසවක්ඛය සූත්‍රය
996. මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ ආනාපාන සති සමාධිය ආශ්‍රවයන් ක්ෂය කිරීම පිණිස පවතියි... (පෙ)... මහණෙනි, මෙසේ වඩන ලද්දාවූ, මෙසේ බහුල කරන ලද්දාවූ ආනාපාන සති සමාධිය වනාහි ආශ්‍රවයන් ක්ෂයකිරීම පිණිස පවතියි.
(මේ සූත්‍ර තුනද සංයෝජන සූත්‍රය මෙන් විස්තර කළයුතුය.)
ආනන්දවග්ගො දුතියො.
එහි උද්දානය:
ඉච්ඡානංගල, කංඛෙය්‍ය, ආනන්ද හා (පෙර කී) අන්‍ය සූත්‍ර දෙකද, භික්ඛු සූත්‍ර දෙකද, සංයෝජන, අනුසය, අද්ධාන හා ආසවක්ඛය සූත්‍රයද වේ.
ආනාපානසති සංයුත්තය නිමි.
එහි වර්ග උද්දානය:
එකධම්ම හා ආනන්ද යැයි වර්ග දෙකක් ධර්ම ස්වාමීවූ මුනිඳුන් විසින් ආනාපාන සංයුක්තයෙහි මනාකොට දේශනා කරන ලදී.