1. 8. 8.
දුතිය කල්‍යාණමිත්ත සූත්‍රය
84. “මහණෙනි, යම් ධර්මයක් හේතු කොට ගෙන නූපන් ආර්ය අෂ්ටාංගික මාර්ගය උපදී ද, උපන් ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩීමෙන් සම්පූර්ණ බවට පැමිණේ ද, මහණෙනි, මේ කල්‍යාණ මිත්‍රයන් ඇති බව යම් සේ ද, එබඳු වූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, කල්‍යාණ මිත්‍රයන් ඇති මහණ විසින් ‘ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්නේය, ආර්ය අෂ්ටාංගික මාර්ගය නැවත නැවත වඩන්නේය’ යන මෙය කැමති විය යුතුයි. මහණෙනි, කල්‍යාණ මිත්‍රයන් ඇති මහණ කෙසේ නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩා ද, ආර්ය අෂ්ටාංගික මාර්ගය නැවත නැවත වඩා ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ රාගය දුරු කිරීම කෙළවර කොට ඇති, ද්වේෂය දුරු කිරීම කෙළවර කොට ඇති, මෝහය දුරු කිරීම කෙළවර කොට ඇති සම්‍යක් දෘෂ්ටිය වඩයි -පෙ- සම්‍යක් සමාධිය වඩයි. මහණෙනි, කල්‍යාණ මිත්‍රයන් ඇති මහණ මෙසේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩයි, ආර්ය අෂ්ටාංගික මාර්ගය නැවත නැවත වඩයි” යි.
1. 8. 9.
දුතිය සීල සූත්‍රය
85. “මහණෙනි, යම් ධර්මයක් හේතු කොට ගෙන නූපන් ආර්ය අෂ්ටාංගික මාර්ගය උපදී ද, උපන් ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩීමෙන් සම්පූර්ණ බවට පැමිණේ ද, මහණෙනි, මේ සීල සම්පත්තිය (සිව් පිරිසිදු සීලය) යම් සේ ද, එබඳු වූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, සීල සම්පත්තියෙන් යුත් මහණ විසින් මෙය කැමති විය යුතුයි -පෙ- නැවත නැවත වඩයි” යි.
1. 8. 10.
දුතිය ඡන්ද සූත්‍රය
86. “මහණෙනි, යම් ධර්මයක් හේතු කොට ගෙන නූපන් ආර්ය අෂ්ටාංගික මාර්ගය උපදී ද, උපන් ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩීමෙන් සම්පූර්ණ බවට පැමිණේ ද, මහණෙනි, මේ ඡන්ද සම්පත්තිය (කුසල් කිරීමට ඇති කැමැත්ත) යම් සේ ද, එබඳු වූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, ඡන්ද සම්පත්තියෙන් යුත් මහණ විසින් මෙය කැමති විය යුතුයි -පෙ- නැවත නැවත වඩයි” යි.
1. 8. 11.
දුතිය අත්ත සූත්‍රය
87. “මහණෙනි, යම් ධර්මයක් හේතු කොට ගෙන නූපන් ආර්ය අෂ්ටාංගික මාර්ගය උපදී ද, උපන් ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩීමෙන් සම්පූර්ණ බවට පැමිණේ ද, මහණෙනි, මේ චිත්ත සම්පත්තිය යම් සේ ද, එබඳු වූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, චිත්ත සම්පත්තියෙන් යුත් මහණ විසින් මෙය කැමති විය යුතුයි -පෙ- නැවත නැවත වඩයි” යි.
1. 8. 12.
දුතිය දිට්ඨි සූත්‍රය
88. “මහණෙනි, යම් ධර්මයක් හේතු කොට ගෙන නූපන් ආර්ය අෂ්ටාංගික මාර්ගය උපදී ද, උපන් ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩීමෙන් සම්පූර්ණ බවට පැමිණේ ද, මහණෙනි, මේ ඤාණ සම්පත්තිය යම් සේ ද, එබඳු වූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, ඤාණ සම්පත්තියෙන් යුත් මහණ විසින් මෙය කැමති විය යුතුයි -පෙ- නැවත නැවත වඩයි” යි.
1. 8. 13.
දුතිය අප්පමාද සූත්‍රය
89. “මහණෙනි, යම් ධර්මයක් හේතු කොට ගෙන නූපන් ආර්ය අෂ්ටාංගික මාර්ගය උපදී ද, උපන් ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩීමෙන් සම්පූර්ණ බවට පැමිණේ ද, මහණෙනි, මේ අප්‍රමාද සම්පත්තිය යම් සේ ද, එබඳු වූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, අප්‍රමාද සම්පත්තියෙන් යුත් මහණ විසින් මෙය කැමති විය යුතුයි -පෙ- නැවත නැවත වඩයි” යි.