1. 8. 6.
අප්පමාද සූත්රය
“මහණෙනි, යම් ධර්මයක් හේතුකොට ගෙන නූපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදීද, උපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණේද, මහණෙනි, යම් ඒ අප්රමාද සම්පත්තියක් වේද, එබඳුවූ අන් එකම ධර්මයකුදු නුවණැසින් මම නොම දකිමි. මහණෙනි, අප්රමාද සම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි යනු කැමතිවිය යුතුයි. මහණෙනි, අප්රමාද සම්පත්තියෙන් යුත් මහණතෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද? කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩාද? (මේ ඡේදය මේ වර්ගයේ පළමුවෙනි සූත්රයේ තුන්වෙනි ඡේදය මෙනි.) “මහණෙනි මෙසේ වනාහි අප්රමාද සම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළසේක.
1. 8. 7.
යෝනිසෝ සූත්රය
83. “මහණෙනි, යම් ධර්මයක් හේතුකොටගෙන නූපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදීද, උපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණේද, යම් ඒ උපාය මනසිකාර සම්පත්තියක් වේද, එබඳුවූ අන් එකම ධර්මයකුදු නුවණැසින් මම නොදකිමි. මහණෙනි, උපාය මනසිකාරයෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේය. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේය යනු කැමතිවිය යුතුයි. උපායමනසිකාරයෙන් යුත් මහණතෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩාද? (මේ ඡේදය මේ වර්ගයේ පළමුවෙනි සූත්රයේ තුන්වෙනි ඡේදය මෙනි.) “මහණෙනි, මෙසේ වනාහි උපායමනසිකාරයෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළසේක.
1. 8. 8.
දුතිය කල්යාණමිත්ත සූත්රය
84. [2] “මහණෙනි, යම් ධර්මයක් හේතුකොට ගෙන නූපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදීද, උපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණේද? මහණෙනි, යම් ඒ කල්යාණ මිත්රයින් ඇති බවක් වේද, එබඳුවූ අන් එකම ධර්මයකුදු නුවණැසින් මම නොමදකිමි. මහණෙනි, කල්යාණ මිත්රයින් ඇති මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේය. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේය යනු කැමතිවිය යුතුයි. මහණෙනි, කල්යාණ මිත්රයින් ඇති මහණතෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩාද? [3] “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම රාගය දුරු කිරීම කෙළවරකොට ඇති, ද්වේෂය දුරුකිරීම කෙළවරකොට ඇති, මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති සම්යක් දෘෂ්ටිය වඩයි. රාගය දුරුකිරීම කෙළවරකොට ඇති, ද්වේෂය දුරුකිරීම කෙළවරකොට ඇති, මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති සම්යක් සංකල්පය වඩයි. රාගය දුරුකිරීම කෙළවරකොට ඇති, ද්වේෂය දුරුකිරීම කෙළවරකොට ඇති, මෝහය දුරු කිරීම කෙළවරකොට ඇති සම්යක් වචනය වඩයි. රාගය දුරුකිරීම කෙළවරකොට ඇති, ද්වේෂය දුරුකිරීම කෙළවර කොට ඇති, මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති සම්යක් කර්මාන්තය වඩයි. රාගය දුරුකිරීම කෙළවර කොට ඇති, ද්වේෂය දුරුකිරීම කෙළවරකොට ඇති, මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති සම්යක් ආජීවය වඩයි. රාගය දුරුකිරීම කෙළවරකොට ඇති, ද්වේෂය දුරු කිරීම කෙළවරකොට ඇති, මෝහය දුරුකිරීම කෙළවර කොට ඇති සම්යක් ව්යායාමය වඩයි. රාගය දුරුකිරීම කෙළවරකොට ඇති, ද්වේෂය දුරුකිරීම කෙළවරකොට ඇති, මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති සම්යක් සතිය වඩයි. රාගය දුරුකිරීම කෙළවරකොට ඇති, ද්වේෂය දුරුකිරීම කෙළවරකොට ඇති, මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති සම්යක් සමාධිය වඩයි. [4] “මහණෙනි, මෙසේ වනාහි කල්යාණ මිත්රයින් ඇති මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි වදාළසේක.
1. 8. 9.
දුතිය සීල සූත්රය
85-89. “මහණෙනි, යම් ධර්මයක් හේතුකොටගෙන නූපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදීද, උපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණේද, මහණෙනි, යම් ඒ සීලසම්පත්තියක් වේද, එබඳුවූ අන් එකම ධර්මයකුදු නුවණැසින් මම නොමදකිමි. මහණෙනි, සීලසම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි යනු කැමතිවිය යුතුයි. මහණෙනි, සීල සම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය කෙසේ වඩාද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩාද? (මේ ඡේදය මේ වර්ගයේ දුතිය කල්යාණමිත්ත සූත්රයේ 3 වෙනි ඡේදය මෙනි.) “මහණෙනි, මෙසේ වනාහි සීලසම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළසේක.
1. 8. 10.
දුතිය ඡන්ද සූත්රය
“මහණෙනි, යම් ධර්මයක් හේතුකොටගෙන නූපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදීද, උපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණේද, මහණෙනි, යම් ඒ ඡන්ද සම්පත්තියක් වේද, එබඳුවූ අන් එකම ධර්මයකුදු නුවණැසින් මම නොදකිමි. මහණෙනි, ඡන්ද සම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි යනු කැමතිවිය යුතුයි. මහණෙනි, ඡන්දසම්පත්තියෙන් යුත් මහණතෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩාද? (මේ ඡේදය මේ වර්ගයේ දුතිය කල්යාණමිත්ත සූත්රයේ 3 වෙනි ඡේදය මෙනි.) “මහණෙනි, මෙසේ වනාහි ඡන්දසම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළසේක.
1. 8. 11.
දුතිය අත්ත සූත්රය
“මහණෙනි, යම් ධර්මයක් හේතුකොටගෙන නූපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදීද, උපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණේද, මහණෙනි, යම් ඒ චිත්තසම්පත්තියක් වේද, එබඳු අන් එකම ධර්මයකුදු නුවණැසින් මම නොම දකිමි. මහණෙනි, චිත්තසම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි යනු කැමතිවිය යුතුයි. මහණෙනි, චිත්ත සම්පත්තියෙන් යුත් මහණතෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩාද? (මේ ඡේදය මේ වර්ගයේ දුතිය කල්යාණමිත්ත සූත්රයේ 3 වෙනි ඡේදය මෙනි.) “මහණෙනි, මෙසේ වනාහි චිත්ත සම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළසේක.
1. 8. 12.
දුතිය දිට්ඨි සූත්රය
“මහණෙනි, යම් ධර්මයක් හේතුකොටගෙන නූපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදීද, උපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණේද, මහණෙනි, යම් ඒ ඤණසම්පත්තියක් වේද, එබඳු අන් එකම ධර්මයකුදු නුවණැසින් මම නොම දකිමි. මහණෙනි, ඤාණසම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි යනු කැමතිවිය යුතුයි. මහණෙනි, ඤාණ සම්පත්තියෙන් යුත් මහණතෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩාද? (මේ ඡේදය මේ වර්ගයේ දුතිය කල්යාණමිත්ත සූත්රයේ 3 වෙනි ඡේදය මෙනි.) “මහණෙනි, මෙසේ වනාහි ඤාණසම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළසේක.
1. 8. 13.
දුතිය අප්පමාද සූත්රය
“මහණෙනි, යම් ධර්මයක් හේතුකොට ගෙන නූපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදීද උපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණේද මහණෙනි, යම් ඒ අප්රමාද සම්පත්තියක් වේද, එබඳුවූ අන් එකම ධර්මයකුදු නුවණැසින් මම නොදකිමි. මහණෙනි, අප්රමාද සම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි යනු කැමති විය යුතුයි. මහණෙනි, අප්රමාද සම්පත්තියෙන් යුත් මහණතෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩාද? (මේ ඡේදය මේ වර්ගයේ දුතිය කල්යාණමිත්ත සූත්රයේ 3 වෙනි ඡේදය මෙනි.) “මහණෙනි, මෙසේ වනාහි අප්රමාද සම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළසේක.