1. 8. 3.
ඡන්ද සූත්‍රය
79. “මහණෙනි, යම් ධර්මයක් හේතු කොට ගෙන නූපන් ආර්ය අෂ්ටාංගික මාර්ගය උපදී ද, උපන් ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩීමෙන් සම්පූර්ණ බවට පැමිණේ ද, මහණෙනි, මේ ඡන්ද සම්පත්තිය (කුසල් කිරීමට ඇති කැමැත්ත) යම් සේ ද, එබඳු වූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, ඡන්ද සම්පත්තියෙන් යුත් මහණ විසින් මෙය කැමති විය යුතුයි -පෙ- නැවත නැවත වඩයි” යි.
1. 8. 4.
අත්ත සූත්‍රය
80. “මහණෙනි, යම් ධර්මයක් හේතු කොට ගෙන නූපන් ආර්ය අෂ්ටාංගික මාර්ගය උපදී ද, උපන් ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩීමෙන් සම්පූර්ණ බවට පැමිණේ ද, මහණෙනි, මේ චිත්ත සම්පත්තිය යම් සේ ද, එබඳු වූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, චිත්ත සම්පත්තියෙන් යුත් මහණ විසින් මෙය කැමති විය යුතුයි -පෙ- නැවත නැවත වඩයි” යි.
1. 8. 5.
දිට්ඨි සූත්‍රය
81. “මහණෙනි, යම් ධර්මයක් හේතු කොට ගෙන නූපන් ආර්ය අෂ්ටාංගික මාර්ගය උපදී ද, උපන් ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩීමෙන් සම්පූර්ණ බවට පැමිණේ ද, මහණෙනි, මේ ඤාණ සම්පත්තිය යම් සේ ද, එබඳු වූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, ඤාණ සම්පත්තියෙන් යුත් මහණ විසින් මෙය කැමති විය යුතුයි -පෙ- නැවත නැවත වඩයි” යි.
1. 8. 6.
අප්පමාද සූත්‍රය
82. “මහණෙනි, යම් ධර්මයක් හේතු කොට ගෙන නූපන් ආර්ය අෂ්ටාංගික මාර්ගය උපදී ද, උපන් ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩීමෙන් සම්පූර්ණ බවට පැමිණේ ද, මහණෙනි, මේ අප්‍රමාද සම්පත්තිය යම් සේ ද, එබඳු වූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, අප්‍රමාද සම්පත්තියෙන් යුත් මහණ විසින් මෙය කැමති විය යුතුයි -පෙ- නැවත නැවත වඩයි” යි.
1. 8. 7.
යෝනිසෝ සූත්‍රය
83. “මහණෙනි, යම් ධර්මයක් හේතුකොටගෙන නූපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදීද, උපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණේද, යම් ඒ උපාය මනසිකාර සම්පත්තියක් වේද, එබඳුවූ අන් එකම ධර්මයකුදු නුවණැසින් මම නොදකිමි. මහණෙනි, උපාය මනසිකාරයෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේය. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේය යනු කැමතිවිය යුතුයි. උපායමනසිකාරයෙන් යුත් මහණතෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩාද? (මේ ඡේදය මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ තුන්වෙනි ඡේදය මෙනි.) “මහණෙනි, මෙසේ වනාහි උපායමනසිකාරයෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළසේක.
1. 8. 8.
දුතිය කල්‍යාණමිත්ත සූත්‍රය
84. “මහණෙනි, යම් ධර්මයක් හේතු කොට ගෙන නූපන් ආර්ය අෂ්ටාංගික මාර්ගය උපදී ද, උපන් ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩීමෙන් සම්පූර්ණ බවට පැමිණේ ද, මහණෙනි, මේ කල්‍යාණ මිත්‍රයන් ඇති බව යම් සේ ද, එබඳු වූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, කල්‍යාණ මිත්‍රයන් ඇති මහණ විසින් ‘ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්නේය, ආර්ය අෂ්ටාංගික මාර්ගය නැවත නැවත වඩන්නේය’ යන මෙය කැමති විය යුතුයි. මහණෙනි, කල්‍යාණ මිත්‍රයන් ඇති මහණ කෙසේ නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩා ද, ආර්ය අෂ්ටාංගික මාර්ගය නැවත නැවත වඩා ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ රාගය දුරු කිරීම කෙළවර කොට ඇති, ද්වේෂය දුරු කිරීම කෙළවර කොට ඇති, මෝහය දුරු කිරීම කෙළවර කොට ඇති සම්‍යක් දෘෂ්ටිය වඩයි -පෙ- සම්‍යක් සමාධිය වඩයි. මහණෙනි, කල්‍යාණ මිත්‍රයන් ඇති මහණ මෙසේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩයි, ආර්ය අෂ්ටාංගික මාර්ගය නැවත නැවත වඩයි” යි.