1. 8. 11.
දුතිය අත්ත සූත්‍රය
“මහණෙනි, යම් ධර්මයක් හේතුකොටගෙන නූපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදීද, උපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණේද, මහණෙනි, යම් ඒ චිත්තසම්පත්තියක් වේද, එබඳු අන් එකම ධර්මයකුදු නුවණැසින් මම නොම දකිමි. මහණෙනි, චිත්තසම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි යනු කැමතිවිය යුතුයි. මහණෙනි, චිත්ත සම්පත්තියෙන් යුත් මහණතෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩාද? (මේ ඡේදය මේ වර්ගයේ දුතිය කල්‍යාණමිත්ත සූත්‍රයේ 3 වෙනි ඡේදය මෙනි.) “මහණෙනි, මෙසේ වනාහි චිත්ත සම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළසේක.
1. 8. 12.
දුතිය දිට්ඨි සූත්‍රය
“මහණෙනි, යම් ධර්මයක් හේතුකොටගෙන නූපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදීද, උපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණේද, මහණෙනි, යම් ඒ ඤණසම්පත්තියක් වේද, එබඳු අන් එකම ධර්මයකුදු නුවණැසින් මම නොම දකිමි. මහණෙනි, ඤාණසම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි යනු කැමතිවිය යුතුයි. මහණෙනි, ඤාණ සම්පත්තියෙන් යුත් මහණතෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩාද? (මේ ඡේදය මේ වර්ගයේ දුතිය කල්‍යාණමිත්ත සූත්‍රයේ 3 වෙනි ඡේදය මෙනි.) “මහණෙනි, මෙසේ වනාහි ඤාණසම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළසේක.
1. 8. 13.
දුතිය අප්පමාද සූත්‍රය
“මහණෙනි, යම් ධර්මයක් හේතුකොට ගෙන නූපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදීද උපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණේද මහණෙනි, යම් ඒ අප්‍රමාද සම්පත්තියක් වේද, එබඳුවූ අන් එකම ධර්මයකුදු නුවණැසින් මම නොදකිමි. මහණෙනි, අප්‍රමාද සම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි යනු කැමති විය යුතුයි. මහණෙනි, අප්‍රමාද සම්පත්තියෙන් යුත් මහණතෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩාද? (මේ ඡේදය මේ වර්ගයේ දුතිය කල්‍යාණමිත්ත සූත්‍රයේ 3 වෙනි ඡේදය මෙනි.) “මහණෙනි, මෙසේ වනාහි අප්‍රමාද සම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළසේක.
1. 8. 14.
දුතිය යොනිසෝ සූත්‍රය
90. “මහණෙනි, යම් ධර්මයක් හේතුකොට ගෙන නූපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදීද? උපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණේද මහණෙනි, ඒ මේ උපායමනසිකාර සම්පත්තියයි, එබඳුවූ අන් එකම ධර්මයකුදු නුවණැසින් මම නොමදකිමි. මහණෙනි, උපායමනසිකාර සම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි යනු කැමති විය යුතුයි. මහණෙනි, උපාය මනසිකාර සම්පත්තියෙන් යුත් මහණතෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේද? (මේ ඡේදය මේ වර්ගයේ දුතිය කල්‍යාණමිත්ත සූත්‍රයේ 3 වෙනි ඡේදය මෙනි.) “මහණෙනි, මෙසේ වනාහි උපායමනසිකාර සම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළසේක.
දෙවන එකධම්මපෙය්‍යාලයයි.
එහි උද්දානය:
කල්‍යාණ මිත්‍රත්වය ද, සීලය ද, ඡන්දය ද, අත්ත සම්පත්තිය ද, දිට්ඨිය ද, අප්‍රමාදය ද, සත්වන යෝනිසෝමනසිකාරය ද වේ.