1. 7. 8.
දුතිය කල්යාණමිත්ත සූත්රය
70. සැවැත්නුවර දී ය.
70. [2] “මහණෙනි, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයාගේ ඉපදවීම පිණිස එක ධර්මයක් බොහෝ උපකාරය. කවරනම් එක ධර්මයක්දයත්? යම් ඒ කළ්යාණ මිත්රයින් ඇතිබවක් වේද එයයි. මහණෙනි, කල්යාණ මිත්රයින් ඇති භික්ෂුව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි යනු කැමති වියයුතුයි. මහණෙනි, කල්යාණ මිත්රයින් ඇති භික්ෂුව කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයිද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයිද? [3] “මහණෙනි, මේ සාසනයෙහි මහණතෙම රාගය දුරුකිරීම කෙළවරකොට ඇති, ද්වේෂය දුරුකිරීම කෙළවර කොට ඇති, මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති සම්යක් දෘෂ්ටිය වඩයි. රාගය දුරුකිරීම කෙළවරකොට ඇති, ද්වේෂය දුරුකිරීම කෙළවරකොට ඇති, මෝහය දුරුකිරීම කෙළවර කොට ඇති සම්යක් සංකල්පය වඩයි. රාගය දුරුකිරීම කෙළවර කොටඇති, ද්වේෂය දුරුකිරීම කෙළවරකොට ඇති, මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති සම්යක් වචනය වඩයි. රාගය දුරුකිරීම කෙළවරකොට ඇති, ද්වේෂය දුරුකිරීම කෙළවර කොට ඇති, මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති සම්යක් කර්මාන්තය වඩයි. රාගය දුරුකිරීම කෙළවරකොට ඇති, ද්වේෂය දුරුකිරීම කෙළවරකොට ඇති, මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති සම්යක් ආජීවය වඩයි. රාගය දුරුකිරීම කෙළවරකොට ඇති, ද්වේෂය දුරුකිරීම කෙළවරකොට ඇති, මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති සම්යක් ව්යායාමය වඩයි. රාගය දුරුකිරීම කෙළවරකොට ඇති, ද්වේෂය දුරු කිරීම කෙළවරකොට ඇති, මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති සම්යක් සතිය වඩයි. රාගය දුරුකිරීම කෙළවරකොට ඇති, ද්වේෂය දුරුකිරීම කෙළවරකොට ඇති, මෝහය දුරු කිරීම කෙළවරකොට ඇති සම්යක් සමාධිය වඩයි. [4] “මහණෙනි, මෙසේ වනාහි කල්යාණ මිත්රයින් ඇති මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළසේක.
1. 7. 9.
දුතිය සීල සූත්රය
“මහණෙනි, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය ඉපදවීම පිණිස එක ධර්මයක් බොහෝ උපකාර වෙයි. කවරනම් එක ධර්මයක්ද? යම් ඒ සීල සම්පත්තියක් වේද එයයි. මහණෙනි, සීල සම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි යන මෙය කැමති වියයුතුයි. මහණෙනි, සීලසම්පත්තියෙන් යුත් මහණතෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයිද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයිද? (මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ 3 වෙනි ඡේදය මෙනි.) “මහණෙනි, මෙසේ වනාහි සීල සම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළසේක.
1. 7. 10.
දුතිය ඡන්ද සූත්රය
“මහණෙනි, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයාගේ ඉපදවීම පිණිස එක් ධර්මයක් බොහෝ උපකාරවේ. කවර නම් එක ධර්මයක්ද? යම් ඒ ඡන්දසම්පත්තියක් වේද එයයි. මහණෙනි, ඡන්දසම්පත්තියෙන් යුත් භික්ෂුව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි යන මෙය කැමතිවිය යුතුයි. මහණෙනි, ඡන්ද සම්පත්තියෙන් යුත් භික්ෂුව කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයිද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයිද? (මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ 3 වෙනි ඡේදය මෙනි.) “මහණෙනි, මෙසේ වනාහී ඡන්දසම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයියයි” වදාළසේක.
1. 7. 11.
දුතිය අත්ත සූත්රය
“මහණෙනි, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයාගේ ඉපදවීම පිණිස එක ධර්මයක් බොහෝ උපකාරවේ. කවර නම් එක ධර්මයක්ද? යම් ඒ චිත්ත සම්පත්තියක් වේද එයයි. මහණෙනි, චිත්ත සම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි යනු කැමතිවිය යුතුයි. මහණෙනි, චිත්තසම්පත්තියෙන් යුත් මහණතෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩාද? (මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ 3 වෙනි ඡේදය මෙනි.) “මහණෙනි, මෙසේ වනාහි චිත්ත සම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළසේක.
1. 7. 12.
දුතිය දිට්ඨි සූත්රය
“මහණෙනි, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයාගේ ඉපදවීම පිණිස එක ධර්මයක් බොහෝ උපකාරවේ. කවරනම් එක ධර්මයක්ද? යම් ඒ ඤාණ සම්පත්තියක් වේද එයයි. මහණෙනි, ඤාණසම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේය. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේය යනු කැමතිවිය යුතුයි. මහණෙනි, ඤාණසම්පත්තියෙන් යුත් මහණ තෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩාද? (මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ 3 වෙනි ඡේදය මෙනි) “මහණෙනි, මෙසේ වනාහි ඤාණ සම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළසේක.
1. 7. 13.
දුතිය අප්පමාද සූත්රය
“මහණෙනි, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයාගේ ඉපදවීම පිණිස එක ධර්මයක් බොහෝ උපකාරවෙයි. කවර නම් එක ධර්මයක්ද යත්? යම් ඒ අප්රමාද සම්පත්තියක් වේද එයයි. මහණෙනි, අප්රමාද සම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි යනු කැමතිවිය යුතුයි. මහණෙනි, අප්රමාද සම්පත්තියෙන් යුත් මහණතෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩාද? (මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ 3 වෙනි ඡේදය මෙනි.) “මහණෙනි, මෙසේ වනාහි අප්රමාද සම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළසේක.