1. 7. 14.
දුතිය යෝනිසෝ සූත්‍රය
76. “මහණෙනි ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයාගේ ඉපදවීම පිණිස එකධර්මයක් බොහෝ උපකාරවෙයි. කවරනම් එක ධර්මයක්ද? යම් ඒ උපායමනසිකාරයක් වේද? එයයි. මහණෙනි, උපායමනසිකාර සම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේය. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේය යනු කැමතිවිය යුතුයි. මහණෙනි, උපාය මනසිකාර සම්පත්තියෙන් යුත් මහණ තෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයිද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයිද? (මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 3 වෙනි ඡේදය මෙනි.) “මහණෙනි, මෙසේ වනාහි උපායමනසිකාරයෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළසේක.
එකධම්මපෙය්‍යාලවග්ගො සත්තමො.
එහි උද්දානය:
කල්‍යාණ මිත්‍රත්වය ද, සීලය ද, ඡන්දය ද, අත්ත සම්පත්තිය ද, දිට්ඨිය ද, අප්‍රමාදය ද, සත්වන යෝනිසෝමනසිකාරය ද වේ.
8. දුතිය ඒකධම්ම පෙය්‍යාලය
1. 8. 1.
කල්‍යාණමිත්ත සූත්‍රය
77. [1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
[2] “මහණෙනි, යම් ධර්මයක් හේතුකොට ගෙන නූපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදීද, උපදින්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණේද, මහණෙනි, යම් ඒ කල්‍යාණ මිත්‍රයින් ඇති බවක් වේද, එබඳුවූ අන් එකම ධර්මයකුදු නුවණැසින් මම නොදකිමි. මහණෙනි, කල්‍යාණ මිත්‍රයින් ඇති මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි යනු කැමතිවිය යුතුයි. මහණෙනි, කල්‍යාණ මිත්‍රයින් ඇති මහණතෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේද, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේද? [3] “මහණෙනි, මේ සාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්‍යක් දෘෂ්ටිය වඩයි. විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්‍යක් සංකල්පය වඩයි. විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්‍යක් වචනය වඩයි. විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්‍යක් කර්මාන්තය වඩයි. විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්‍යක් ආජීවය වඩයි. විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්‍යක් ව්‍යායාමය වඩයි. විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්‍යක් සතිය වඩයි. විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්‍යක් සමාධිය වඩයි. [4] “මහණෙනි, මෙසේ වනාහි කල්‍යාණ මිත්‍රයින් ඇති මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේය. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේයයි” වදාළසේක.
1. 8. 2.
සීල සූත්‍රය
“මහණෙනි, යම් ධර්මයක් හේතුකොට ගෙන නූපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදීද උපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණේද, මහණෙනි, යම් ඒ සීල සම්පදාවක් වේද, එබඳුවූ අන් එකම ධර්මයකුදු නුවණැසින් මම නොදකිමි. මහණෙනි, සීල සම්පදාවෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි යනු කැමතිවිය යුතුයි. මහණෙනි, සීලසම්පදාවෙන් යුත් මහණ තෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩාද? (මේ ඡේදය මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ තුන්වෙනි ඡේදය මෙනි.) “මහණෙනි, මෙසේ වනාහි සීල සම්පදාවෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේය. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේයයි” වදාළසේක.
1. 8. 3.
ඡන්ද සූත්‍රය
“මහණෙනි, යම් ධර්මයක් හේතුකොට ගෙන නූපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදීද, උපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණේද, මහණෙනි, යම් ඒ ඡන්ද සම්පදාවක් වේද, එබඳුවූ අන් එක ධර්මයකුදු නුවණැසින් මම නොදකිමි. මහණෙනි, ඡන්ද සම්පදාවෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි යනු කැමති විය යුතුයි. මහණෙනි, ඡන්ද සම්පත්තියෙන් යුත් මහණ තෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩාද? (මේ ඡේදය මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ තුන්වෙනි ඡේදය මෙනි.) “මහණෙනි, මෙසේ වනාහි ඡන්ද සම්පදාවෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේය. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේයයි” වදාළසේක.
1. 8. 4.
අත්ත සූත්‍රය
“මහණෙනි, යම් ධර්මයක් හේතුකොට ගෙන නූපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදීද, උපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණේද, යම් ඒ චිත්ත සම්පදාවක් වේද, එබඳුවූ අන් එකම ධර්මයකුදු නුවණැසින් මම නොම දකිමි. මහණෙනි, චිත්ත සම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි යනු කැමති විය යුතුයි. මහණෙනි, චිත්ත සම්පත්තියෙන් යුත් මහණ තෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩාද? (මේ ඡේදය මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ තුන්වෙනි ඡේදය මෙනි.) “මහණෙනි, මෙසේ වනාහි චිත්ත සම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළසේක.