1. 7. 12.
දුතිය දිට්ඨි සූත්රය
“මහණෙනි, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයාගේ ඉපදවීම පිණිස එක ධර්මයක් බොහෝ උපකාරවේ. කවරනම් එක ධර්මයක්ද? යම් ඒ ඤාණ සම්පත්තියක් වේද එයයි. මහණෙනි, ඤාණසම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේය. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේය යනු කැමතිවිය යුතුයි. මහණෙනි, ඤාණසම්පත්තියෙන් යුත් මහණ තෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩාද? (මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ 3 වෙනි ඡේදය මෙනි) “මහණෙනි, මෙසේ වනාහි ඤාණ සම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළසේක.
1. 7. 13.
දුතිය අප්පමාද සූත්රය
“මහණෙනි, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයාගේ ඉපදවීම පිණිස එක ධර්මයක් බොහෝ උපකාරවෙයි. කවර නම් එක ධර්මයක්ද යත්? යම් ඒ අප්රමාද සම්පත්තියක් වේද එයයි. මහණෙනි, අප්රමාද සම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි යනු කැමතිවිය යුතුයි. මහණෙනි, අප්රමාද සම්පත්තියෙන් යුත් මහණතෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩාද? (මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ 3 වෙනි ඡේදය මෙනි.) “මහණෙනි, මෙසේ වනාහි අප්රමාද සම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළසේක.
1. 7. 14.
දුතිය යෝනිසෝ සූත්රය
76. “මහණෙනි ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයාගේ ඉපදවීම පිණිස එකධර්මයක් බොහෝ උපකාරවෙයි. කවරනම් එක ධර්මයක්ද? යම් ඒ උපායමනසිකාරයක් වේද? එයයි. මහණෙනි, උපායමනසිකාර සම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේය. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේය යනු කැමතිවිය යුතුයි. මහණෙනි, උපාය මනසිකාර සම්පත්තියෙන් යුත් මහණ තෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයිද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයිද? (මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ 3 වෙනි ඡේදය මෙනි.) “මහණෙනි, මෙසේ වනාහි උපායමනසිකාරයෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළසේක.
එකධම්මපෙය්යාලවග්ගො සත්තමො.
එහි උද්දානය:
කල්යාණ මිත්රත්වය ද, සීලය ද, ඡන්දය ද, අත්ත සම්පත්තිය ද, දිට්ඨිය ද, අප්රමාදය ද, සත්වන යෝනිසෝමනසිකාරය ද වේ.