1. 14. 4.
චතුත්ථබල සූත්රය
182. මහණෙනි, යම්කිසි ශරීර බලයෙන් කළයුතු ක්රියා ඇද්ද, ඒ සියලු ශරීර බලයෙන් කළ යුතු ක්රියා පොළොව නිසා පොළොවෙහි පිහිටාම කරත්. මහණෙනි, එසේම මහණතෙම සීලය නිසා සීලයෙහි පිහිටාම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි. මහණෙනි, මහණතෙම සීලය නිසා සීලයෙහි පිහිටාම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම නිවනට නැමුණු, නිවනට හැරුණු, නිවනට බර වූ සම්යක් දෘෂ්ටිය වඩයි... (පෙ)... නිවනට නැමුණු, නිවනට හැරුණු, නිවනට බර වූ සම්යක් සමාධිය වඩයි. මහණෙනි, මෙසේ වනාහි මහණතෙම සීලය නිසා සීලයෙහි පිහිටාම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය නැවත නැවත වඩායයි.
1. 14. 5-8.
බීජ සූත්ර
183-186. මහණෙනි, යම්කිසි ගස්වැල් ජාතීහු වැඩීමට මහත් බවට පැමිණේද ඒ සියළු ගස්වැල් ජාතීහු පොළොව නිසාම පොළොවෙහි පිහිටාම යම්සේ වැඩෙත්ද, මහණෙනි, එසේම මහණතෙම සීලය නිසාම සීලයෙහි පිහිටාම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේ ධර්මයන්හි වැඩීමට නැඟීමට මහත් බවට පැමිණෙයි. මහණෙනි, මහණතෙම කෙසේ සීලය නිසා ශුද්ධිසීලයෙහි පිහිටා ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේ ධර්මයන්හි වැඩීමට නැඟීමට මහත් බවට පැමිණෙයිද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු සම්යක් දෘෂ්ටිය වඩයි... (පෙ)... සම්යක් සමාධිය වඩයි. විවේකය ඇසුරු කළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු. “මහණෙනි, මෙසේ වනාහි මහණතෙම සීලය නිසා සීලයෙහි පිහිටා ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේ ධර්මයන්හි වැඩීමට නැඟීමට මහත් බවට පැමිණේයයි” වදාළසේක.
1. 14. 9-12.
නාග සූත්ර
187-190. මහණෙනි, හිමවත් පර්වතරාජයා නිසා නාගයෝ කය වඩා ගනිත්. බලගන්වත්. ඔව්හු එහිදී කය වඩාගෙන බලගන්වා කුඩා වලවල්වලට බසිත්. කුඩා වලවල්වලට බැස මහවලවල්වලට බසිත්. මහවලවල්වලට බැස කුඩා ගංගාවලට බසිත්. කුඩා ගංගාවලට බැස මහ ගංගාවලට බසිත්. මහ ගංගාවලට බැස මහ මුහුදට මහා සාගරයට බසිත්. ඔව්හු එහිදී කයින් මහත් බවට විශාල බවට පැමිණෙත්. මහණෙනි, එසේම වනාහි මහණතෙම සීලය නිසා සීලයෙහි පිහිටා ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේ ධර්මයන්හි මහත් බවට හා විශාල බවට පැමිණේ. මහණෙනි, මහණතෙම කෙසේ සීලය නිසා සීලයෙහි පිහිටා ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේ ධර්මයන්හි මහත් බවට හා විශාල බවට පැමිණේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු සම්යක් දෘෂ්ටිය වඩයි... (පෙ)... සම්යක් සමාධිය වඩයි විවේකය ඇසුරු කළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු. “මහණෙනි, මෙසේ වනාහී මහණතෙම සීලය නිසා සීලයෙහි පිහිටා ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේ ධර්මයන්හි වැඩීමට නැගීමට මහත් බවට පැමිණේයයි” වදාළසේක.
1. 14. 13-16.
රුක්ඛ සූත්ර
191-194. “යම්සේ මහණෙනි, පෙරදිගට නැමුනු පෙරදිගට හැරුණු පෙරදිගට බරවූ වෘක්ෂයතෙම මුල් කැපූ කල්හි කිනම් පැත්තකට වැටෙන්නේද? “ස්වාමීනි, යම් දිගකට නැමුනේද? යම් දිගකට හැරුණේද යම් දිගකට බරව පවත්නේද? ඒ දිගට වැටෙයි.” “මහණෙනි, එසේම වනාහි මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේ නිවනට නැමුනේ නිවනට හැරුණේ නිවනට බරව පවත්නේ වේ. මහණෙනි, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණතෙම කෙසේ නිවනට නැමුනේ නිවනට හැරුණේ නිවනට බරවූයේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු සම්යක් දෘෂ්ටිය වඩයි... (පෙ)... සම්යක් සමාධිය වඩයි විවේකය ඇසුරු කළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු. “මහණෙනි, මෙසේ වනාහි මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේ නිවනට නැමුණේ නිවනට හැරුණේ නිවනට බරවූයේ වේයයි” වදාළසේක.