1. 12. 6.
ඡට්ඨ පාචීනනින්න සූත්රය
132. මහණෙනි, යම්කිසි මහා නදීහු වෙත්ද, එනම්: ගඞ්ගා යමුනා අචිරවතී සරභූ මහී යන මොහුයි. ඒ සියල්ල පෙරදිගට නැමී පෙරදිගට හැරී පෙරදිගට බරව පවතිත්. මහණෙනි, එසේම වනාහි ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණතෙම නිවනට නැමී නිවනට හැරී නිවනට බරව ඇත්තේය. මහණෙනි, කෙසේ නම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන මහණතෙම නිවනට නැමී නිවනට හැරී නිවනට බරව ඇත්තේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම නිවනට නැමී නිවනට හැරී නිවනට බරව පවත්නාවූ සම්යක් දෘෂ්ටිය වඩයි ...පෙ... නිවනට නැමී නිවනට හැරී නිවනට බරව පවත්නාවූ සම්යක් සමාධිය වඩයි. මහණෙනි, මෙසේ වනාහි ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන මහණතෙම නිවනට නැමී නිවනට හැරී නිවනට බරව ඇත්තේය.
1. 12. 7.
7. සමුද්දනින්න සූත්රය
133. මහණෙනි, යම්සේ ගංගා නම් නදිය මුහුදට නැමී මුහුදට හැරී මුහුදට බරව පවත්නේවේද? මහණෙනි, එසේම වනාහි ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණතෙම නිවනට නැමී නිවනට හැරී නිවනට බරව ඇත්තේය. මහණෙනි, කෙසේ නම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන මහණතෙම නිවනට නැමී නිවනට හැරී නිවනට බරව ඇත්තේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම නිවනට නැමී නිවනට හැරී නිවනට බරව පවත්නාවූ සම්යක් දෘෂ්ටිය වඩයි ...පෙ... නිවනට නැමී නිවනට හැරී නිවනට බරව පවත්නාවූ සම්යක් සමාධිය වඩයි. මහණෙනි, මෙසේ වනාහි ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන මහණතෙම නිවනට නැමී නිවනට හැරී නිවනට බරව ඇත්තේය.
1. 12. 8.
දුතිය සමුද්දනින්න සූත්රය
134. මහණෙනි, යම්සේ යමුනා නම් නදිය මුහුදට නැමී මුහුදට හැරී මුහුදට බරව පවත්නේවේද, එසේම මහණෙනි, මහණතෙම ...පෙ... නිවනට බරව ඇත්තේය.
1. 12. 9.
තතිය සමුද්දනින්න සූත්රය
135. මහණෙනි, යම්සේ අචිරවතී නම් නදිය මුහුදට නැමී මුහුදට හැරී මුහුදට බරව පවත්නේවේද, එසේම මහණෙනි, මහණතෙම ...පෙ... නිවනට බරව ඇත්තේය.
1. 12. 10.
චතුත්ථ සමුද්දනින්න සූත්රය
136. මහණෙනි, යම්සේ සරභූ නම් නදිය මුහුදට නැමී මුහුදට හැරී මුහුදට බරව පවත්නේවේද, එසේම මහණෙනි, මහණතෙම ...පෙ... නිවනට බරව ඇත්තේය.
1. 12. 11.
පඤ්චම සමුද්දනින්න සූත්රය
137. මහණෙනි, යම්සේ මහී නම් නදිය මුහුදට නැමී මුහුදට හැරී මුහුදට බරව පවත්නේවේද, එසේම මහණෙනි, මහණතෙම ...පෙ... නිවනට බරව ඇත්තේය.
1. 12. 12.
ඡට්ඨ සමුද්දනින්න සූත්රය
138. මහණෙනි, යම්කිසි මහා නදීහු වෙත්ද, එනම්: ගඞ්ගා යමුනා අචිරවතී සරභූ මහී යන මොහුයි. ඒ සියල්ල මුහුදට නැමී මුහුදට හැරී මුහුදට බරව පවතිත්. මහණෙනි, එසේම වනාහි ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණතෙම නිවනට නැමී නිවනට හැරී නිවනට බරව ඇත්තේය. මහණෙනි, කෙසේ නම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන මහණතෙම නිවනට නැමී නිවනට හැරී නිවනට බරව ඇත්තේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම නිවනට නැමී නිවනට හැරී නිවනට බරව පවත්නාවූ සම්යක් දෘෂ්ටිය වඩයි ...පෙ... නිවනට නැමී නිවනට හැරී නිවනට බරව පවත්නාවූ සම්යක් සමාධිය වඩයි. මහණෙනි, මෙසේ වනාහි ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන මහණතෙම නිවනට නැමී නිවනට හැරී නිවනට බරව ඇත්තේය.
සතරවන ගඞ්ගා පෙය්යාලයයි.
එහි උද්දානය:
පෙරදිගට නැමුණු සයක්ද, මුහුදට නැමුණු සයක්දැයි මෙසේ මේ දොළොසක් වෙති. එයින් වර්ගය කියනු ලැබේ.