1. 12. 11.
පඤ්චම සමුද්දනින්න සූත්රය
137. මහණෙනි, යම්සේ මහී නම් නදිය මුහුදට නැමී මුහුදට හැරී මුහුදට බරව පවත්නේවේද, එසේම මහණෙනි, මහණතෙම ...පෙ... නිවනට බරව ඇත්තේය.
1. 12. 12.
ඡට්ඨ සමුද්දනින්න සූත්රය
138. මහණෙනි, යම්කිසි මහා නදීහු වෙත්ද, එනම්: ගඞ්ගා යමුනා අචිරවතී සරභූ මහී යන මොහුයි. ඒ සියල්ල මුහුදට නැමී මුහුදට හැරී මුහුදට බරව පවතිත්. මහණෙනි, එසේම වනාහි ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණතෙම නිවනට නැමී නිවනට හැරී නිවනට බරව ඇත්තේය. මහණෙනි, කෙසේ නම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන මහණතෙම නිවනට නැමී නිවනට හැරී නිවනට බරව ඇත්තේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම නිවනට නැමී නිවනට හැරී නිවනට බරව පවත්නාවූ සම්යක් දෘෂ්ටිය වඩයි ...පෙ... නිවනට නැමී නිවනට හැරී නිවනට බරව පවත්නාවූ සම්යක් සමාධිය වඩයි. මහණෙනි, මෙසේ වනාහි ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන මහණතෙම නිවනට නැමී නිවනට හැරී නිවනට බරව ඇත්තේය.
සතරවන ගඞ්ගා පෙය්යාලයයි.
එහි උද්දානය:
පෙරදිගට නැමුණු සයක්ද, මුහුදට නැමුණු සයක්දැයි මෙසේ මේ දොළොසක් වෙති. එයින් වර්ගය කියනු ලැබේ.
13. අප්පමාද වර්ගය
1. 13. 1.
1. පඨම අප්පමාද සූත්රය
139. [1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂුහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක.
[2] “මහණෙනි, පා නැත්තාවූ හෝ දෙපා ඇත්තාවූ හෝ සිව්පාවූ හෝ බොහෝ පා ඇත්තාවූ හෝ රූපීවූ හෝ අරූපී හෝ සඤ්ඤිවූ හෝ අසඤ්ඤිවූ හෝ නෙවසඤ්ඤි නාසඤ්ඤිවූ හෝ යම් පමණ සත්වයෝ වෙද්ද, ඔවුන් අතුරෙන් අර්හත්වූ සම්යක් සම්බුද්ධවූ තථාගතතෙමේ ශ්රේෂ්ඨයයි කියයි. මහණෙනි, එසේම වනාහී යම් ඒ කුසල ධර්මයෝ වෙද්ද, ඒ සියල්ල අප්රමාදය මුල්කොට ඇත්තාහ. අප්රමාදයෙහි ඇතුළත් වෙත්. ඒ කුසල ධර්මයන්ට අප්රමාදය අග්රයයි කියයි. මහණෙනි, අප්රමාදයෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි යනු කැමති විය යුතුයි.
මහණෙනි අප්රමාදයෙන් යුත් මහණතෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩාද? [3] “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු සම්යක් දෘෂ්ටිය වඩයි. විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු සම්යක් සංකල්පය වඩයි. විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු සම්යක් වචනය වඩයි. විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු සම්යක් කර්මාන්තය වඩයි. විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු සම්යක් ආජීවය වඩයි. විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු සම්යක් ව්යායාමය වඩයි. විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු සම්යක් සතිය වඩයි. විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු සම්යක් සමාධිය වඩයි. [4] “මහණෙනි, මෙසේ වනාහී අප්රමාදයෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළ සේක.
1. 13. 2.
2. දුතිය අප්පමාද සූත්රය
140. “මහණෙනි, පා නැත්තාවූ හෝ දෙපා ඇත්තාවූ හෝ සිව්පාවූ හෝ බොහෝ පා ඇත්තාවූ හෝ රූපීවූ හෝ අරූපී හෝ සඤ්ඤිවූ හෝ අසඤ්ඤිවූ හෝ නෙවසඤ්ඤි නාසඤ්ඤිවූ හෝ යම් පමණ සත්වයෝ වෙද්ද, ඔවුන් අතුරෙන් අර්හත්වූ සම්යක් සම්බුද්ධවූ තථාගතතෙමේ ශ්රේෂ්ඨයයි කියයි. මහණෙනි, එසේම වනාහී යම් ඒ කුසල ධර්මයෝ වෙද්ද, ඒ සියල්ල අප්රමාදය මුල්කොට ඇත්තාහ. අප්රමාදයෙහි ඇතුළත් වෙත්. ඒ කුසල ධර්මයන්ට අප්රමාදය අග්රයයි කියයි. මහණෙනි, අප්රමාදයෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි යනු කැමති විය යුතුයි. මහණෙනි අප්රමාදයෙන් යුත් මහණතෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩාද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම රාගය හික්මවීම පර්ය්යවසාන කොට ඇති, ද්වේෂය හික්මවීම පර්ය්යවසාන කොට ඇති, මෝහය හික්මවීම පර්ය්යවසාන කොට ඇති සම්යක් දෘෂ්ටිය වඩයි. -පෙ- රාගය හික්මවීම පර්ය්යවසාන කොට ඇති, ද්වේෂය හික්මවීම පර්ය්යවසාන කොට ඇති, මෝහය හික්මවීම පර්ය්යවසාන කොට ඇති සම්යක් සමාධිය වඩයි. මහණෙනි, මෙසේ වනාහී අප්රමාදයෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළ සේක.