1. 11. 8.
දුතිය සමුද්දනින්න සූත්‍රය
122. මහණෙනි, යම්සේ යමුනා නම් නදිය මුහුදට නැමී මුහුදට හැරී මුහුදට බරව පවත්නේවේද, එසේම මහණෙනි, මහණතෙම ...පෙ... නිවනට බරව ඇත්තේය.
1. 11. 9.
තතිය සමුද්දනින්න සූත්‍රය
123. මහණෙනි, යම්සේ අචිරවතී නම් නදිය මුහුදට නැමී මුහුදට හැරී මුහුදට බරව පවත්නේවේද, එසේම මහණෙනි, මහණතෙම ...පෙ... නිවනට බරව ඇත්තේය.
1. 11. 10.
චතුත්ථ සමුද්දනින්න සූත්‍රය
124. මහණෙනි, යම්සේ සරභූ නම් නදිය මුහුදට නැමී මුහුදට හැරී මුහුදට බරව පවත්නේවේද, එසේම මහණෙනි, මහණතෙම ...පෙ... නිවනට බරව ඇත්තේය.
1. 11. 11.
පඤ්චම සමුද්දනින්න සූත්‍රය
125. මහණෙනි, යම්සේ මහී නම් නදිය මුහුදට නැමී මුහුදට හැරී මුහුදට බරව පවත්නේවේද, එසේම මහණෙනි, මහණතෙම ...පෙ... නිවනට බරව ඇත්තේය.
1. 11. 12.
ඡට්ඨ සමුද්දනින්න සූත්‍රය
126. මහණෙනි, යම් කිසි මහා නදීහු වෙත් ද, එනම්: ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී යන මේවායි. ඒ සියල්ලෝ මුහුදට නැමී මුහුදට හැරී මුහුදට බරව පවතිත් ද. මහණෙනි, එසේම වනාහි ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණතෙම නිවනට නැමී නිවනට හැරී නිවනට බරව ඇත්තේය. මහණෙනි, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන... කෙසේ ... ඇත්තේවේද? මහණෙනි, මේ සාසනයෙහි මහණතෙම නිවනට බැසගැනීම ඇති, නිවන පිහිටකොට ඇති, නිවන කෙළවර කොට ඇති සම්‍යක් දෘෂ්ටිය වඩයි. මහණෙනි, මෙසේ වනාහි මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේ ... නිවනට බරව ඇත්තේය.
තෘතීය ගංගා පෙය්යාලය
එහි උද්දානය:
පෙරදිගට නැමෙන සයක්ද, මුහුදට නැමෙන සයක්ද (වෙයි), මේවා දෙක දොළසක් වේ. එහෙයින් වර්ගය යැයි කියනු ලැබේ.