1. 11. 2.
දුතිය පාචීනනින්න සූත්‍රය
116. මහණෙනි, යම්සේ යමුනා නම් නදිය පෙරදිගට නැමී පෙරදිගට හැරී පෙරදිගට බරව පවත්නේවේද, එසේම මහණෙනි, මහණතෙම ...පෙ... නිවනට බරව ඇත්තේය.
1. 11. 3.
තතිය පාචීනනින්න සූත්‍රය
117. මහණෙනි, යම්සේ අචිරවතී නම් නදිය පෙරදිගට නැමී පෙරදිගට හැරී පෙරදිගට බරව පවත්නේවේද, එසේම මහණෙනි, මහණතෙම ...පෙ... නිවනට බරව ඇත්තේය.
1. 11. 4.
චතුත්ථ පාචීනනින්න සූත්‍රය
118. මහණෙනි, යම්සේ සරභූ නම් නදිය පෙරදිගට නැමී පෙරදිගට හැරී පෙරදිගට බරව පවත්නේවේද, එසේම මහණෙනි, මහණතෙම ...පෙ... නිවනට බරව ඇත්තේය.
1. 11. 5.
පඤ්චම පාචීනනින්න සූත්‍රය
119. මහණෙනි, යම්සේ මහී නම් නදිය පෙරදිගට නැමී පෙරදිගට හැරී පෙරදිගට බරව පවත්නේවේද, එසේම මහණෙනි, මහණතෙම ...පෙ... නිවනට බරව ඇත්තේය.
1. 11. 6.
ඡට්ඨ පාචීනනින්න සූත්‍රය
120. මහණෙනි, යම් කිසි මහා නදීහු වෙත් ද, එනම්: ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී යන මේවායි. ඒ සියල්ලෝ පෙරදිගට නැමී පෙරදිගට හැරී පෙරදිගට බරව පවතිත් ද, එසේම මහණෙනි, මහණතෙම ...පෙ... නිවනට බරව ඇත්තේය.
1. 11. 7.
සමුද්දනින්න සූත්‍රය
121. මහණෙනි, යම්සේ ගංගා නම් නදිය මුහුදට නැමී මුහුදට හැරී මුහුදට බරව පවත්නේවේද? මහණෙනි, එසේම වනාහි ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණතෙම නිවනට නැමී නිවනට හැරී නිවනට බරව ඇත්තේය. මහණෙනි, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණෙතෙම කෙසේ නිවනට නැමී නිවනට හැරී නිවනට බරව ඇත්තේවේද? මහණෙනි, මේ සාසනයෙහි මහණතෙම නිවනට බැසගැනීම ඇති, නිවන පිහිටකොට ඇති, නිවන කෙළවර කොට ඇති සම්‍යක් දෘෂ්ටිය වඩයි. ...පෙ... සම්‍යක් සමාධිය වඩයි. මහණෙනි, එසේම වනාහි ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණ තෙම නිවනට නැමී නිවනට හැරී, නිවනට බරව ඇත්තේය.
1. 11. 8.
දුතිය සමුද්දනින්න සූත්‍රය
122. මහණෙනි, යම්සේ යමුනා නම් නදිය මුහුදට නැමී මුහුදට හැරී මුහුදට බරව පවත්නේවේද, එසේම මහණෙනි, මහණතෙම ...පෙ... නිවනට බරව ඇත්තේය.
1. 11. 9.
තතිය සමුද්දනින්න සූත්‍රය
123. මහණෙනි, යම්සේ අචිරවතී නම් නදිය මුහුදට නැමී මුහුදට හැරී මුහුදට බරව පවත්නේවේද, එසේම මහණෙනි, මහණතෙම ...පෙ... නිවනට බරව ඇත්තේය.