1. 10. 10.
චතුත්ථ සමුද්දනින්න සූත්‍රය
112. මහණෙනි, යම්සේ සරභූ නම් නදිය මුහුදට නැමී මුහුදට හැරී මුහුදට බරව පවත්නේ වෙයි ද, මහණෙනි, එසේම මහණ තෙම -පෙ- නිවනට බරව ඇත්තේ වේ.
1. 10. 11.
පඤ්චම සමුද්දනින්න සූත්‍රය
113. මහණෙනි, යම්සේ මහී නම් නදිය මුහුදට නැමී මුහුදට හැරී මුහුදට බරව පවත්නේ වෙයි ද, මහණෙනි, එසේම මහණ තෙම -පෙ- නිවනට බරව ඇත්තේ වේ.
1. 10. 12.
ඡට්ඨ සමුද්දනින්න සූත්‍රය
114. මහණෙනි, යම් මහා නදී කෙනෙක් වෙත් ද, එනම්: ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී යන මොහු ය. ඒ සියල්ලෝ මුහුදට නැමී, මුහුදට හැරී, මුහුදට බරව පවතිත් ද, මහණෙනි, එසේම ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන, ආර්ය අෂ්ටාංගික මාර්ගය නැවත නැවත වඩන මහණ තෙම නිවනට නැමී නිවනට හැරී නිවනට බරව ඇත්තේ වෙයි. මහණෙනි, ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන, ආර්ය අෂ්ටාංගික මාර්ගය නැවත නැවත වඩන මහණ තෙම කෙසේ නම් නිවනට නැමී නිවනට හැරී නිවනට බරව ඇත්තේ වේ ද? මහණෙනි, මේ සාසනයෙහි මහණ තෙම රාගය දුරු කිරීම කෙළවර කොට ඇති, ද්වේෂය දුරු කිරීම කෙළවර කොට ඇති, මෝහය දුරු කිරීම කෙළවර කොට ඇති සම්‍යක් දෘෂ්ටිය වඩයි -පෙ- රාගය දුරු කිරීම කෙළවර කොට ඇති, ද්වේෂය දුරු කිරීම කෙළවර කොට ඇති, මෝහය දුරු කිරීම කෙළවර කොට ඇති සම්‍යක් සමාධිය වඩයි. මහණෙනි, මෙසේ වනාහි ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන, ආර්ය අෂ්ටාංගික මාර්ගය නැවත නැවත වඩන මහණ තෙම නිවනට නැමුණේ නිවනට හැරුණේ නිවනට බර වූයේ වේ.
දුතිය ගංගා පෙය්‍යාලය නිමි.
එහි සූත්‍ර නාමාවලිය:
පෙරදිගට නැමීම ගැන සූත්‍ර සයක් ද, මුහුදට නැමීම ගැන සූත්‍ර සයක් ද වේ. මේ දෙකොටස සූත්‍ර දොළසක් වෙයි. එයින් වර්ගය යයි කියනු ලැබේ.
11. තතිය ගංගා පෙය්‍යාලය
1. 11. 1.
පාචීනනින්න සූත්‍රය
115. “මහණෙනි, යම්සේ ගංගානම් නදිය පෙරදිගට නැමී පෙරදිගට හැරී පෙරදිගට බරව පවත්නේවේද? මහණෙනි, එසේම වනාහි ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණතෙම නිවනට නැමී නිවනට හැරී නිවනට බරව ඇත්තේය. මහණෙනි, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණෙතෙම කෙසේ නිවනට නැමී නිවනට හැරී නිවනට බරව ඇත්තේවේද? “මහණෙනි, මේ සාසනයෙහි මහණතෙම නිවනට බැසගැනීම ඇති, නිවන පිහිටකොට ඇති, නිවන කෙළවර කොට ඇති සම්‍යක් දෘෂ්ටිය වඩයි. නිවනට බැසගැනීම ඇති, නිවන පිහිටකොට ඇති, නිවන කෙළවරකොට ඇති සම්‍යක් සංකල්පය වඩයි. නිවනට බැසගැනීම ඇති, නිවන පිහිටකොට ඇති, නිවන කෙළවරකොට ඇති සම්‍යක් වචනය වඩයි. නිවනට බැසගැනීම ඇති, නිවන පිහිටකොට ඇති, නිවන කෙළවරකොට ඇති සම්‍යක් කර්මාන්තය වඩයි. නිවනට බැස ගැනීම ඇති, නිවන පිහිටකොට ඇති, නිවන කෙළවරකොට ඇති සම්‍යක් ආජීවය වඩයි. නිවනට බැසගැනීම ඇති, නිවන පිහිටකොට ඇති, නිවන කෙළවරකොට ඇති සම්‍යක් ව්‍යායාමය වඩයි. නිවනට බැස ගැනීම ඇති, නිවන පිහිටකොට ඇති, නිවන කෙළවරකොට ඇති සම්‍යක් සතිය වඩයි. නිවනට බැසගැනීම ඇති, නිවන පිහිටකොට ඇති, නිවන කෙළවරකොට ඇති සම්‍යක් සමාධිය වඩයි. “මහණෙනි, එසේම වනාහි ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණ තෙම නිවනට නැමී නිවනට හැරී, නිවනට බරව ඇත්තේයයි” වදාළසේක.
1. 11. 2.
දුතිය පාචීනනින්න සූත්‍රය
116. මහණෙනි, යම්සේ යමුනා නම් නදිය පෙරදිගට නැමී පෙරදිගට හැරී පෙරදිගට බරව පවත්නේ වේ ද, එසේම මහණෙනි, මහණතෙම ...පෙ... නිවනට බරව ඇත්තේය.
1. 11. 3.
තතිය පාචීනනින්න සූත්‍රය
117. මහණෙනි, යම්සේ අචිරවතී නම් නදිය පෙරදිගට නැමී පෙරදිගට හැරී පෙරදිගට බරව පවත්නේ වේ ද, එසේම මහණෙනි, මහණතෙම ...පෙ... නිවනට බරව ඇත්තේය.
1. 11. 4.
චතුත්ථ පාචීනනින්න සූත්‍රය
118. මහණෙනි, යම්සේ සරභූ නම් නදිය පෙරදිගට නැමී පෙරදිගට හැරී පෙරදිගට බරව පවත්නේ වේ ද, එසේම මහණෙනි, මහණතෙම ...පෙ... නිවනට බරව ඇත්තේය.