1. 10. 1.
1. පාචීනනින්න සූත්‍රය
103. “මහණෙනි, යම්සේ ගංගානම් නදිය පෙරදිගට නැමී පෙරදිගට හැරී පෙරදිගට බරව පවත්නේවේද? මහණෙනි, එසේම වනාහි ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණතෙම නිවනට නැමී නිවනට හැරී නිවනට බරව ඇත්තේය. මහණෙනි, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණෙතෙම කෙසේ නිවනට නැමී නිවනට හැරී නිවනට බරව ඇත්තේවේද? මහණෙනි, මේ සාසනයෙහි මහණතෙම රාගය දුරු කිරීම කෙළවරකොට ඇති, දෝසය දුරුකිරීම කෙළවරකොට ඇති, මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති සම්‍යක් දෘෂ්ටිය වඩයි. රාගය දුරුකිරීම කෙළවරකොට ඇති, දෝසය දුරු කිරීම කෙළවරකොට ඇති, මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති සම්‍යක් සංකල්පය වඩයි. රාගය දුරුකිරීම කෙළවර කොට ඇති, දෝසය දුරුකිරීම කෙළවරකොට ඇති, මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති සම්‍යක් වචනය වඩයි. රාගය දුරුකිරීම කෙළවරකොට ඇති, දෝසය දුරුකිරීම කෙළවර කොට ඇති, මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති සම්‍යක් කර්මාන්තය වඩයි. රාගය දුරුකිරීම කෙළවරකොට ඇති, දෝසය දුරුකිරීම කෙළවරකොට ඇති, මෝහය දුරු කිරීම කෙළවරකොට ඇති සම්‍යක් ආජීවය වඩයි. රාගය දුරුකිරීම කෙළවරකොට ඇති, දෝසය දුරුකිරීම කෙළවරකොට ඇති, මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති සම්‍යක් ව්‍යායාමය වඩයි. රාගය දුරුකිරීම කෙළවරකොට ඇති, දෝසය දුරුකිරීම කෙළවරකොට ඇති, මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති සම්‍යක් සතිය වඩයි. රාගය දුරුකිරීම කෙළවරකොට ඇති, දෝසය දුරුකිරීම කෙළවරකොට ඇති, මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති සම්‍යක් සමාධිය වඩයි. “මහණෙනි, මෙසේ වනාහී ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණ තෙම නිවනට නැමුණේ නිවනට හැරුණේ නිවනට බරවූයේ වේ"යයි වදාළසේක.
1. 10. 2.
දුතිය පාචීනනින්න සූත්‍රය
104. මහණෙනි, යම්සේ යමුනා නම් නදිය පෙරදිගට නැමී පෙරදිගට හැරී පෙරදිගට බරව පවත්නේ වෙයි ද, මහණෙනි, එසේම මහණ තෙම -පෙ- නිවනට බරව ඇත්තේ වේ.
1. 10. 3.
තතිය පාචීනනින්න සූත්‍රය
105. මහණෙනි, යම්සේ අචිරවතී නම් නදිය පෙරදිගට නැමී පෙරදිගට හැරී පෙරදිගට බරව පවත්නේ වෙයි ද, මහණෙනි, එසේම මහණ තෙම -පෙ- නිවනට බරව ඇත්තේ වේ.
1. 10. 4.
චතුත්ථ පාචීනනින්න සූත්‍රය
106. මහණෙනි, යම්සේ සරභූ නම් නදිය පෙරදිගට නැමී පෙරදිගට හැරී පෙරදිගට බරව පවත්නේ වෙයි ද, මහණෙනි, එසේම මහණ තෙම -පෙ- නිවනට බරව ඇත්තේ වේ.
1. 10. 5.
පඤ්චම පාචීනනින්න සූත්‍රය
107. මහණෙනි, යම්සේ මහී නම් නදිය පෙරදිගට නැමී පෙරදිගට හැරී පෙරදිගට බරව පවත්නේ වෙයි ද, මහණෙනි, එසේම මහණ තෙම -පෙ- නිවනට බරව ඇත්තේ වේ.
1. 10. 6.
ඡට්ඨ පාචීනනින්න සූත්‍රය
108. මහණෙනි, යම් මහා නදී කෙනෙක් වෙත් ද, එනම්: ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී යන මොහු ය. ඒ සියල්ලෝ පෙරදිගට නැමී, පෙරදිගට හැරී, පෙරදිගට බරව පවතිත් ද, මහණෙනි, එසේම මහණ තෙම -පෙ- නිවනට බරව ඇත්තේ වේ.
1. 10. 7.
සමුද්දනින්න සූත්‍රය
109. මහණෙනි, යම්සේ ගංගා නම් නදිය මුහුදට නැමී මුහුදට හැරී මුහුදට බරව පවත්නේ වෙයි ද, මහණෙනි, එසේම ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන, ආර්ය අෂ්ටාංගික මාර්ගය නැවත නැවත වඩන මහණ තෙම නිවනට නැමී නිවනට හැරී නිවනට බරව ඇත්තේ වෙයි. මහණෙනි, ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන, ආර්ය අෂ්ටාංගික මාර්ගය නැවත නැවත වඩන මහණ තෙම කෙසේ නම් නිවනට නැමී නිවනට හැරී නිවනට බරව ඇත්තේ වේ ද? මහණෙනි, මේ සාසනයෙහි මහණ තෙම රාගය දුරු කිරීම කෙළවර කොට ඇති, ද්වේෂය දුරු කිරීම කෙළවර කොට ඇති, මෝහය දුරු කිරීම කෙළවර කොට ඇති සම්‍යක් දෘෂ්ටිය වඩයි -පෙ- රාගය දුරු කිරීම කෙළවර කොට ඇති, ද්වේෂය දුරු කිරීම කෙළවර කොට ඇති, මෝහය දුරු කිරීම කෙළවර කොට ඇති සම්‍යක් සමාධිය වඩයි. මහණෙනි, මෙසේ වනාහි ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන, ආර්ය අෂ්ටාංගික මාර්ගය නැවත නැවත වඩන මහණ තෙම නිවනට නැමුණේ නිවනට හැරුණේ නිවනට බර වූයේ වේ.
1. 10. 8.
දුතිය සමුද්දනින්න සූත්‍රය
110. මහණෙනි, යම්සේ යමුනා නම් නදිය මුහුදට නැමී මුහුදට හැරී මුහුදට බරව පවත්නේ වෙයි ද, මහණෙනි, එසේම මහණ තෙම -පෙ- නිවනට බරව ඇත්තේ වේ.
1. 10. 9.
තතිය සමුද්දනින්න සූත්‍රය
111. මහණෙනි, යම්සේ අචිරවතී නම් නදිය මුහුදට නැමී මුහුදට හැරී මුහුදට බරව පවත්නේ වෙයි ද, මහණෙනි, එසේම මහණ තෙම -පෙ- නිවනට බරව ඇත්තේ වේ.