9. 2. 942-997.
තණහක්ඛය සූත්‍ර
1380-1435. මහණෙනි, මම තොපට තෘෂ්ණාව ක්ෂය කිරීමද දෙසන්නෙමි. තෘෂ්ණාව ක්ෂය කිරීමට පැමිණෙන මාර්ගයද දෙසන්නෙමි -පෙ- අනුශාසනාවයි.
9. 2. 998-1053.
අච්ඡරිය සූත්‍ර
1436-1491. මහණෙනි, මම තොපට ආශ්චර්යයද දේශනා කරන්නෙමි. ආශ්චර්ය ධර්මයට පැමිණෙන මඟද දෙසන්නෙමි -පෙ- අනුශාසනාවයි.
9. 2. 1054-1109.
අබ්භූත සූත්‍ර
1492-1547. මහණෙනි, මම තොපට හටගැන්මක් නැති ස්වභාවය (අබ්භූතය) ද දෙසන්නෙමි. හටගැනීමක් නැති ස්වභාවයට පැමිණෙන මාර්ගයද දෙසන්නෙමි -පෙ- අනුශාසනාවයි.
9. 2. 1110-1165.
අනීතික සූත්‍ර
1548-1603. මහණෙනි, තොපට දුක් නැති තැන (අනීතිකය) ද දෙසන්නෙමි. දුක් නැති තැනට පැමිණෙන මාර්ගයද දෙසන්නෙමි -පෙ- අනුශාසනාවයි.
9. 2. 1166-1221.
අනීතිකධම්ම සූත්‍ර
1604-1659. මහණෙනි, මම තොපට දුක් නැති ස්වභාවයද දෙසන්නෙමි. දුක් නැති ස්වභාවයට පැමිණෙන මාර්ගයද දෙසන්නෙමි -පෙ- අනුශාසනාවයි.
9. 2. 1222-1277.
නිබ්බාන සූත්‍ර
1660-1715. මහණෙනි, මම තොපට නිර්වාණයද නිර්වාණයට පැමිණෙන මඟද දෙසන්නෙමි -පෙ- අනුශාසනාවයි.
9. 2. 1278-1333.
අබ්යාපජ්ඣ සූත්‍ර
1716-1771. මහණෙනි, මම තොපට පීඩා නැති තැනද දේශනා කරන්නෙමි. පීඩා නැති තැනට පැමිණෙන මඟද දෙසන්නෙමි -පෙ- අනුශාසනාවයි.
9. 2. 1334-1389.
විරාග සූත්‍ර
1772-1827. මහණෙනි, මම තොපට රාගයෙන් පහවූ තැන (විරාගය) ද දේශනා කරන්නෙමි. රාගය පහවූ තැනට පැමිණෙන මාර්ගයද දේශනා කරන්නෙමි -පෙ- අනුශාසනාවයි.
9. 2. 1390-1445.
සුද්ධි සූත්‍ර
1828-1883. මහණෙනි, මම තොපට පිරිසිදු තැන (ශුද්ධිය) ද දේශනා කරන්නෙමි. පිරිසිදු තැනට පැමිණෙන මාර්ගයද දෙසන්නෙමි -පෙ- අනුශාසනාවයි.