9. 2. 6.
සුඤ්ඤතසමාධි සූත්රය
444. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, සුඤ්ඤත සමාධියයි. මහණෙනි, සුඤ්ඤත සමාධිය අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.
9. 2. 7.
අනිමිත්තසමාධි සූත්රය
445. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, අනිමිත්ත සමාධියයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.
9. 2. 8.
අප්පණිහිතසමාධි සූත්රය
446. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, අප්පණිහිත සමාධියයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.
9. 2. 9.
කායානුපස්සනා සූත්රය
447. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්ය ඇතිව සම්යක් ප්රඥාවෙන් යුක්තව පඤ්චස්කන්ධ ලෝකයෙහි තෘෂ්ණා ව්යාපාද දෙක මැඩපවත්වා කයෙහි කය අනුව නැවත නැවත බලමින් වාසය කරයිද, මහණෙනි, මෙය අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.
9. 2. 10.
වෙදනානුපස්සනා සූත්රය
448. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්ය ඇතිව සම්යක් ප්රඥාවෙන් යුක්තව පඤ්චස්කන්ධ ලෝකයෙහි තෘෂ්ණා ව්යාපාද දෙක මැඩපවත්වා වේදනාවෙහි වේදනාව නැවත නැවත බලමින් වාසය කරයිද, මහණෙනි, මෙය අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.
9. 2. 11.
චිත්තානුපස්සනා සූත්රය
449. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්ය ඇතිව සම්යක් ප්රඥාවෙන් යුක්තව පඤ්චස්කන්ධ ලෝකයෙහි තෘෂ්ණා ව්යාපාද දෙක මැඩපවත්වා සිතෙහි සිත නැවත නැවත බලමින් වාසය කරයිද, මහණෙනි, මෙය අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.
9. 2. 12.
ධම්මානුපස්සනා සූත්රය
450. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්ය ඇතිව සම්යක් ප්රඥාවෙන් යුක්තව පඤ්චස්කන්ධ ලෝකයෙහි තෘෂ්ණා ව්යාපාද දෙක මැඩපවත්වා ධර්මයෙහි ධර්මය නැවත නැවත බලමින් වාසය කරයිද, මහණෙනි, මෙය අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.
9. 2. 13.
පඨමසම්මප්පධාන සූත්රය
451. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම නූපන් අකුසල ධර්මයන්ගේ නොඉපදීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්යය පටන් ගනියි. සිත ඔසවයි. උත්සාහ කරයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.
9. 2. 14.
දුතියසම්මප්පධාන සූත්රය
452. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම උපන් අකුසල ධර්මයන්ගේ ප්රහාණය පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්යය පටන් ගනියි. සිත ඔසවයි. උත්සාහ කරයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.
9. 2. 15.
තතියසම්මප්පධාන සූත්රය
453. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම නූපන් කුසල ධර්මයන්ගේ ඉපදීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්යය පටන් ගනියි -පෙ- මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.