9. 2. 326-381.
සුදුද්දස සූත්ර
764-819. මහණෙනි, තොපට දැකීමට දුෂ්කර ධර්මයද දේශනා කරන්නෙමි. දැකීමට දුෂ්කර ධර්මයට පැමිණෙන මාර්ගයද දේශනා කරන්නෙමි -පෙ- අනුශාසනාවයි.
9. 2. 382-437.
අජර සූත්ර
820-875. මහණෙනි, තොපට ජරාවක් නැති ධර්මයද දේශනා කරන්නෙමි. ජරාවක් නැති ධර්මයට පැමිණෙන මාර්ගයද දේශනා කරන්නෙමි -පෙ- අනුශාසනාවයි.
9. 2. 438-493.
ධුව සූත්ර
876-931. මහණෙනි, තොපට නිත්යභාවයද දේශනා කරන්නෙමි. නිත්ය ස්වභාවයට පැමිණෙන මාර්ගයද දේශනා කරන්නෙමි -පෙ- අනුශාසනාවයි.
9. 2. 494-549.
අපලොකිත සූත්ර
932-987. මහණෙනි, තොපට විනාශ නොවන ස්වභාවයද දේශනා කරන්නෙමි. විනාශ නොවන ස්වභාවයට පැමිණෙන මාර්ගයද දේශනා කරන්නෙමි -පෙ- අනුශාසනාවයි.
9. 2. 550-605.
අනිදස්සන සූත්ර
988-1043. මහණෙනි, තොපට ඇසින් නොදැක්කහැකි ස්වභාවයද දේශනා කරන්නෙමි. ඇසින් නොදැක්කහැකි ස්වභාවයට පැමිණෙන මාර්ගයද දෙසන්නෙමි -පෙ- අනුශාසනාවයි.
9. 2. 606-661.
නිප්පපඤ්ච සූත්ර
1044-1099. මහණෙනි තොපට (තෘෂ්ණා, දෘෂ්ටි, මාන) යන ප්රපඤ්ච ධර්මයන්ගෙන් මිදුනාවූ ස්වභාවයද දේශනා කරන්නෙමි. ප්රපඤ්ච ධර්මයන්ගෙන් මිදුනු ස්වභාවයට පැමිණෙන මාර්ගයද දෙසන්නෙමි -පෙ- අනුශාසනාවයි.
9. 2. 662-717.
සන්ත සූත්ර
1100-1155. මහණෙනි, මම තොපට ශාන්ත ස්වභාවයද දේශනා කරන්නෙමි. ශාන්ත ස්වභාවයට පැමිණෙන මඟද දෙසන්නෙමි -පෙ- අනුශාසනාවයි.
9. 2. 718-773.
අමත සූත්ර
1156-1211. මහණෙනි, මම තොපට නොමැරෙන ස්වභාවය (අමතය) ද දේශනා කරන්නෙමි. නොමැරෙන ස්වභාවයට පැමිණෙන මාර්ගයද දෙසන්නෙමි -පෙ- අනුශාසනාවයි.
9. 2. 774-829.
පණීත සූත්ර
1212-1267. මහණෙනි, මම තොපට ප්රණීත ධර්මයද දේශනා කරන්නෙමි. ප්රණීත ධර්මයට පැමිණෙන මඟද දෙසන්නෙමි -පෙ- අනුශාසනාවයි.
9. 2. 830-885.
සිව සූත්ර
1268-1323. මහණෙනි, මම තොපට නිර්භය ස්ථානය (සිවය) ද දේශනා කරන්නෙමි. නිර්භය ස්ථානයට පැමිණෙන මාර්ගයද දේශනා කරන්නෙමි -පෙ- අනුශාසනාවයි.
9. 2. 886-941.
ඛෙම සූත්ර
1324-1379. මහණෙනි, මම තොපට ක්ෂෙම ස්ථානයද දේශනා කරන්නෙමි. ක්ෂෙම ස්ථානයට පැමිණෙන මඟද දෙසන්නෙමි -පෙ- අනුශාසනාවයි.
9. 2. 942-997.
තණහක්ඛය සූත්ර
1380-1435. මහණෙනි, මම තොපට තෘෂ්ණාව ක්ෂය කිරීමද දෙසන්නෙමි. තෘෂ්ණාව ක්ෂය කිරීමට පැමිණෙන මාර්ගයද දෙසන්නෙමි -පෙ- අනුශාසනාවයි.
9. 2. 998-1053.
අච්ඡරිය සූත්ර
1436-1491. මහණෙනි, මම තොපට ආශ්චර්යයද දේශනා කරන්නෙමි. ආශ්චර්ය ධර්මයට පැමිණෙන මඟද දෙසන්නෙමි -පෙ- අනුශාසනාවයි.