9. 2. 41.
සම්මාකම්මන්ත සූත්රය
479. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සම්යක් කර්මාන්තය වඩයි විවේකය ඇසුරු කළ -පෙ- මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.
9. 2. 42.
සම්මාආජීව සූත්රය
480. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සම්යක් ආජීවය වඩයි විවේකය ඇසුරු කළ -පෙ- මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.
9. 2. 43.
සම්මාවායාම සූත්රය
481. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සම්යක් ව්යායාමය වඩයි විවේකය ඇසුරු කළ -පෙ- මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.
9. 2. 44.
සම්මාසති සූත්රය
482. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සම්යක් සතිය වඩයි විවේකය ඇසුරු කළ -පෙ- මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.
9. 2. 45.
සම්මාසමාධි සූත්රය
483. මහණෙනි, තොපට අසංඛතයත්, අසංඛතගාමී මාර්ගයත් දෙසන්නෙමි. එය අසව්. මහණෙනි, අසංඛතය කවරේ ද යත්: මහණෙනි යම් රාගය ක්ෂයවීමක් වේද, ද්වේෂය ක්ෂයවීමක් වේද, මෝහය ක්ෂයවීමක් වේද, මහණෙනි, මේ අසංඛතයයි කියනු ලැබේ. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සම්යක් සමාධිය වඩයි විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ වොස්සග්ගපරිණාමී වූ, මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.
ඉති ඛො භික්ඛවෙ දෙසිතං වො මයා අසඞ්ඛතං... (මහණෙනි, මෙසේ මම තොපට අසංඛතයත් දෙසන ලදී. අසංඛතගාමී මාර්ගයත් දේශනා කරන ලදී. මහණෙනි, ශ්රාවකයන්ට හිතවත් අනුකම්පා කරන ශාස්තෘවරයකු විසින් යමක් කළ යුතු නම් එය මා විසින් තොපට අනුකම්පා උපදවා කරන ලදී. මහණෙනි, අර වෘක්ෂමූලයෝයි. අර ශුන්යාගාරයෝයි. මහණෙනි, භාවනා කරව්. ප්රමාද නොවව්. පසුව පසුතැවිලි නොවව්. මේ තොපට අපගේ අනුශාසනාවයි).
9. 2. 46-101.
අන්ත සූත්ර
484-539. මහණෙනි, තොපට සසර කෙළවරද දේශනා කරමි. සසර කෙළවරට පැමිණෙන මාර්ගයද දේශනා කරන්නෙමි. ඒ අසව්. කවරේද මහණෙනි අන්තය? -පෙ- අනුශාසනාවයි. (අසංඛතය මෙන් විස්තර කළ යුතුය).
9. 2. 102-157.
අනාසව සූත්ර
540-595. මහණෙනි, තොපට ආශ්රවයන්ගේ කෙළවර කිරීමද (අනාසවය ද) දේශනා කරන්නෙමි. ආශ්රවයන් කෙළවර කිරීමේ මාර්ගයද දේශනා කරන්නෙමි -පෙ- අනුශාසනාවයි.
9. 2. 158-213.
සච්ච සූත්ර
596-651. මහණෙනි, තොපට සත්යයද දේශනා කරන්නෙමි. සත්යයට පැමිණෙන මාර්ගයද දේශනා කරන්නෙමි -පෙ- අනුශාසනාවයි.
9. 2. 214-269.
පාර සූත්ර
652-707. මහණෙනි, තොපට පරතෙරද දේශනා කරන්නෙමි. පරතෙරට යන මාර්ගයද දේශනා කරන්නෙමි -පෙ- අනුශාසනාවයි.