9. 2. 4.
අවිතක්කඅවිචාරමත්ත සූත්‍රය
442. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, අවිතර්ක විචාරමාත්‍ර සමාධියයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.
9. 2. 5.
අවිතක්කඅවිචාර සූත්‍රය
443. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, අවිතර්ක අවිචාර සමාධියයි. මහණෙනි, මෙය අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.
9. 2. 6.
සුඤ්ඤතසමාධි සූත්‍රය
444. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, සුඤ්ඤත සමාධියයි. මහණෙනි, සුඤ්ඤත සමාධිය අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.
9. 2. 7.
අනිමිත්තසමාධි සූත්‍රය
445. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, අනිමිත්ත සමාධියයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.
9. 2. 8.
අප්පණිහිතසමාධි සූත්‍රය
446. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, අප්පණිහිත සමාධියයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.
9. 2. 9.
කායානුපස්සනා සූත්‍රය
447. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්ය ඇතිව සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තව පඤ්චස්කන්ධ ලෝකයෙහි තෘෂ්ණා ව්‍යාපාද දෙක මැඩපවත්වා කයෙහි කය අනුව නැවත නැවත බලමින් වාසය කරයිද, මහණෙනි, මෙය අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.
9. 2. 10.
වෙදනානුපස්සනා සූත්‍රය
448. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්ය ඇතිව සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තව පඤ්චස්කන්ධ ලෝකයෙහි තෘෂ්ණා ව්‍යාපාද දෙක මැඩපවත්වා වේදනාවෙහි වේදනාව නැවත නැවත බලමින් වාසය කරයිද, මහණෙනි, මෙය අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.