9. 2. 20.
වීමංසිද්ධිපාද සූත්‍රය
458. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ප්‍රඥාව (විමසීම) අධිපති කොට ඇති සමාධියෙන්ද, සම්‍යක් ප්‍රධාන වීර්යයෙන්ද යුත් ඍද්ධිපාදය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.
9. 2. 21.
සද්ධින්ද්‍රිය සූත්‍රය
459. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවන කරා නැමුණු සද්ධින්ද්‍රිය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.
9. 2. 22.
විරියින්ද්‍රිය සූත්‍රය
460. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විරියින්ද්‍රිය වඩයි විවේකය ඇසුරු කළ -පෙ- මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.
9. 2. 23.
සතින්ද්‍රිය සූත්‍රය
461. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සතින්ද්‍රිය වඩයි. විවේකය ඇසුරු කළ -පෙ- මහණෙනි, මෙය අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.
9. 2. 24.
සමාධින්ද්‍රිය සූත්‍රය
462. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සමාධින්ද්‍රිය වඩයි විවේකය ඇසුරු කළ -පෙ- මහණෙනි, මෙය අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.
9. 2. 25.
පඤ්ඤින්ද්‍රිය සූත්‍රය
463. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම පඤ්ඤින්ද්‍රිය වඩයි විවේකය ඇසුරු කළ -පෙ- මහණෙනි, මෙය අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.
9. 2. 26.
සද්ධාබල සූත්‍රය
464. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සද්ධාබලය වඩයි විවේකය ඇසුරු කළ -පෙ- මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.