9. 2. 13.
පඨමසම්මප්පධාන සූත්‍රය
451. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම නූපන් අකුසල ධර්මයන්ගේ නොඉපදීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්යය පටන් ගනියි. සිත ඔසවයි. උත්සාහ කරයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.
9. 2. 14.
දුතියසම්මප්පධාන සූත්‍රය
452. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම උපන් අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්යය පටන් ගනියි. සිත ඔසවයි. උත්සාහ කරයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.
9. 2. 15.
තතියසම්මප්පධාන සූත්‍රය
453. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම නූපන් කුසල ධර්මයන්ගේ ඉපදීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්යය පටන් ගනියි -පෙ- මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.
9. 2. 16.
චතුත්ථසම්මප්පධාන සූත්‍රය
454. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම උපන් කුසල ධර්මයන්ගේ ස්ථිතිය පිණිස, නුමුළා බව පිණිස, බොහෝවීම පිණිස, භාවනාවෙන් සම්පූර්ණවීම පිණිස කැමැත්ත උපදවයි -පෙ- මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.
9. 2. 17.
ඡන්දිද්ධිපාද සූත්‍රය
455. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ඡන්දය අධිපති කොට ඇති සමාධියෙන්ද, සම්‍යක් ප්‍රධාන වීර්යයෙන්ද යුත් ඍද්ධිපාදය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.
9. 2. 18.
විරියිද්ධිපාද සූත්‍රය
456. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම වීර්යය අධිපති කොට ඇති සමාධියෙන්ද, සම්‍යක් ප්‍රධාන වීර්යයෙන්ද යුක්ත වූ ඍද්ධිපාදය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.
9. 2. 19.
චිත්තිද්ධිපාද සූත්‍රය
457. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සිත අධිපති කොට ඇති සමාධියෙන්ද, සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් යුත් ඍද්ධිපාදය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.
9. 2. 20.
වීමංසිද්ධිපාද සූත්‍රය
458. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ප්‍රඥාව (විමසීම) අධිපති කොට ඇති සමාධියෙන්ද, සම්‍යක් ප්‍රධාන වීර්යයෙන්ද යුත් ඍද්ධිපාදය වඩයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.