9. 2. 1.
අසංඛත සූත්රය
377. [1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක: “මහණෙනි, තොපට අසංඛතයත්, අසංඛතගාමී මාර්ගයත් දෙසන්නෙමි. එය අසව්. මහණෙනි, අසංඛතය කවරේ ද යත්: මහණෙනි යම් රාගය ක්ෂයවීමක් වේද, ද්වේෂය ක්ෂයවීමක් වේද, මෝහය ක්ෂයවීමක් වේද, මහණෙනි, මේ අසංඛතයයි කියනු ලැබේ. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, සමථය අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.”
“මහණෙනි, මෙසේ මම තොපට අසංඛතයත් දෙසන ලදී. අසංඛතගාමී මාර්ගයත් දේශනා කරන ලදී. මහණෙනි, ශ්රාවකයන්ට හිතවත් අනුකම්පා කරන ශාස්තෘවරයකු විසින් යමක් කළ යුතු නම් එය මා විසින් තොපට අනුකම්පා උපදවා කරන ලදී. මහණෙනි, අර වෘක්ෂමූලයෝයි. අර ශුන්යාගාරයෝයි. මහණෙනි, භාවනා කරව්. ප්රමාද නොවව්. පසුව පසුතැවිලි නොවව්. මේ තොපට අපගේ අනුශාසනාවයි.”
9. 2. 2.
විපස්සනා සූත්රය
440. මහණෙනි, තොපට අසංඛතයත්, අසංඛතගාමී මාර්ගයත් දෙසන්නෙමි. එය අසව්. මහණෙනි, අසංඛතය කවරේ ද යත්: මහණෙනි යම් රාගය ක්ෂයවීමක් වේද, ද්වේෂය ක්ෂයවීමක් වේද, මෝහය ක්ෂයවීමක් වේද, ඉදං වුච්චති භික්ඛවෙ අසඞ්ඛතං. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: විපස්සනාවයි (සිත පිරිසිදු කිරීමයි). මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ. මහණෙනි, මෙසේ මම තොපට අසංඛතයත් දෙසන ලදී -පෙ- මේ තොපට අපගේ අනුශාසනාවයි.
9. 2. 3.
සවිතක්කසවිචාර සූත්රය
441. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, සවිතර්ක සවිචාර සමාධියයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.
9. 2. 4.
අවිතක්කඅවිචාරමත්ත සූත්රය
442. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, අවිතර්ක විචාරමාත්ර සමාධියයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.
9. 2. 5.
අවිතක්කඅවිචාර සූත්රය
443. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, අවිතර්ක අවිචාර සමාධියයි. මහණෙනි, මෙය අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.
9. 2. 6.
සුඤ්ඤතසමාධි සූත්රය
444. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, සුඤ්ඤත සමාධියයි. මහණෙනි, සුඤ්ඤත සමාධිය අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.
9. 2. 7.
අනිමිත්තසමාධි සූත්රය
445. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, අනිමිත්ත සමාධියයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.
9. 2. 8.
අප්පණිහිතසමාධි සූත්රය
446. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, අප්පණිහිත සමාධියයි. මහණෙනි, මේ අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.
9. 2. 9.
කායානුපස්සනා සූත්රය
447. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්ය ඇතිව සම්යක් ප්රඥාවෙන් යුක්තව පඤ්චස්කන්ධ ලෝකයෙහි තෘෂ්ණා ව්යාපාද දෙක මැඩපවත්වා කයෙහි කය අනුව නැවත නැවත බලමින් වාසය කරයිද, මහණෙනි, මෙය අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.
9. 2. 10.
වෙදනානුපස්සනා සූත්රය
448. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්ය ඇතිව සම්යක් ප්රඥාවෙන් යුක්තව පඤ්චස්කන්ධ ලෝකයෙහි තෘෂ්ණා ව්යාපාද දෙක මැඩපවත්වා වේදනාවෙහි වේදනාව නැවත නැවත බලමින් වාසය කරයිද, මහණෙනි, මෙය අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ -පෙ- අනුශාසනාවයි.