9. 1. 9.
බල සූත්රය
436. “මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, පඤ්චබල යන මෙය අසංඛතගාමී මාර්ගයයි. ...පෙ... තොපට මේ අපගේ අනුශාසනයයි.”
9. 1. 10.
බොජ්ඣඞ්ග සූත්රය
437. “මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, සප්ත බොජ්ඣංග යන මෙය අසංඛතගාමී මාර්ගයයි. ...පෙ... තොපට මේ අපගේ අනුශාසනයයි.”
9. 1. 11.
මග්ගඞ්ග සූත්රය
438. “මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: ආර්ය අෂ්ටාංගික මාර්ගය යන මෙය අසංඛතගාමී මාර්ගයයි. “මහණෙනි, මා විසින් මෙසේ තොපට අසංඛතයත් දේශනා කරන ලදී. අසංඛතගාමී මඟත් දේශනා කරන ලදී. මහණෙනි, ශ්රාවකයන්ගේ හිතවැඩ කැමැත්තා වූ අනුකම්පා කරන්නා වූ ශාස්තෘවරයකු විසින් යමක් කටයුතුද, එය මා විසින් තොපට කරන ලදී. මහණෙනි, අර වෘක්ෂමූලයෝ වෙත්. ශුන්යාගාරයෝ වෙත්. භාවනා කරව්. මහණෙනි, ප්රමාද නොවව්. පසුව විපිළිසර නොවව්. තොපට මේ අපගේ අනුශාසනයයි.”
පළමු වර්ගයයි.
එහි උද්දානය:
කායගතාසති, සමථ, සවිතක්ක, සුඤ්ඤත, සතිපට්ඨාන, සම්මප්පධාන, ඉද්ධිපාද, ඉන්ද්රිය, බල, බොජ්ඣංග සහ මග්ග (යන සූත්රයි).