4. 1. 7.
වෙදනා සූත්රය
322. “ඇවැත් ශාරිපුත්රය, වේදනාව, වේදනාවයයි කියනු ලැබේ. ඇවැත්නි, වේදනාව කවරේද?” “ඇවැත්නි, මේ වේදනා තුනෙකි. සැප වේදනාය, දුක් වේදනාය, උපෙක්ෂා වේදනාය යන මොවුහුය. ඇවැත්නි, මේ වේදනා තුනයි. “ඇවැත්නි, මේ වේදනා පිරිසිඳ දැනීම පිණිස මාර්ගයක් ඇත්තේද? ප්රතිපදාවක් ඇත්තේද?” “ඇවැත්නි, මේ වේදනා පිරිසිඳ දැනීම පිණිස මාර්ගයක් ඇත, ප්රතිපදාවක් ඇත.”
“මේ වේදනා පිරිසිඳ දැනීම පිණිස මාර්ගය කවරේද, ප්රතිපදාව කවරේද?” “ඇවැත්නි මේ වේදනාවන්ගේ පිරිසිඳ දැනීමට සම්යක් දෘෂ්ටිය, සම්යක් සංකල්පනය, සම්යක් වචනය, සම්යක් කර්මාන්තය, සම්යක් ආජීවය, සම්යක් ව්යායාමය, සම්යක් ස්මෘතිය, සම්යක් සමාධිය යන මේ ආර්යඅෂ්ටාඩ්ගික මාර්ගය වෙයි. ඇවැත්නි, මේ වේදනාවන්ගේ පිරිසිඳ දැනීමට මේ මාර්ගයයි, මේ ප්රතිපදාවයි.” “ඇවැත්නි, මේ වේදනාවන්ගේ පිරිසිඳ දැනීමට යහපත් මාර්ගයකි, යහපත් ප්රතිපදාවකි. ඇවැත්නි, ශාරිපුත්රය, අප්රමාදයටද සුදුසුයි.”
4. 1. 8.
ආසව සූත්රය
323. “ඇවැත්නි, ශාරිපුත්රය, ආශ්රවය, ආශ්රවයයි කියනු ලැබේ. ඇවැත්නි, ආශ්රවය කවරේද?” “ඇවැත්නි, කාමාශ්රවය, භවාශ්රවය, අවිද්යාශ්රවයයි මේ ආශ්රවයෝ තිදෙනෙකි. ඇවැත්නි, මොවුහු වනාහි ආශ්රවයෝයි. “ඇවැත්නි, මේ ආශ්රවයන්ගේ ප්රහාණය පිණිස මාර්ගයක් ඇද්ද, ප්රතිපදාවක් ඇද්ද?” “ඇවැත්නි, මේ ආශ්රවයන්ගේ ප්රහාණය පිණිස මාර්ගයක් ඇත, ප්රතිපදාවක් ඇත.” “ඇවැත්නි, මේ ආශ්රවයන්ගේ ප්රහාණය පිණිස මාර්ගය කවරේද, ප්රතිපදාව කවරේද?” “ඇවැත්නි, සම්යක්දෘෂ්ටිය, සම්යක් සංකල්පනය, සම්යක් වචනය, සම්යක් කර්මාන්තය, සම්යක් ආජීවය, සම්යක් ව්යායාමය, සම්යක් ස්මෘතිය, සම්යක් සමාධිය යන මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය මේ ආශ්රවයන්ගේ ප්රහාණය පිණිස වේ. ඇවැත්නි, මේ ආශ්රවයන්ගේ ප්රහාණය පිණිස මාර්ගය වෙයි. මේ ප්රතිපදාව වෙයි.” “ඇවැත්නි, මේ ආශ්රවයන්ගේ ප්රහාණයට යහපත් මාර්ගයකි. යහපත් ප්රතිපදාවකි. ඇවැත්නි, ශාරීපුත්රය, අප්රමාදයටද සුදුසුය.”
4. 1. 9.
අවිජ්ජා සූත්රය
324. “ඇවැත් ශාරීපුත්රය, අවිද්යාව අවිද්යාවයයි කියනු ලැබේ. ඇවැත්නි, අවිද්යාව කවරීද, ඇවැත්නි, යම් දුකෙහි නොදැනීමක් වේද, දුකට හේතුවෙහි යම් නොදැනීමක් වේද? දුක් නැතිකිරීමෙහි යම් නොදැනීමක් ඇද්ද, දුක් නැති කරන මාර්ගයෙහි යම් නොදැනීමක් වේද, ඇවැත්නි, මේ අවිද්යාවයි.” “ඇවැත්නි, මේ අවිද්යාවගේ ප්රහාණය පිණිස මාර්ගයක් ඇත්තේද, ප්රතිපදාවක් ඇත්තේද?” “ඇවැත්නි, මේ අවිද්යාවගේ ප්රහාණය පිණිස මාර්ගයක් ඇත. ප්රතිපදාවක් ඇත.” “අවැත්නි, මේ අවිද්යාවගේ ප්රහාණය පිණිස ඇති මාර්ගය කවරේද, ප්රතිපදාව කවරේද?” “ඇවැත්නි, මේ අවිද්යාවගේ ප්රහාණය පිණිස යම් මේ සම්යක්දෘෂ්ටිය, සම්යක් සංකල්පනය, සම්යක් වචනය, සම්යක් කර්මාන්තය, සම්යක් ආජීවය, සම්යක් ව්යායාමය, සම්යක් ස්මෘතිය, සම්යක් සමාධිය යන ආර්යඅෂ්ටාඩ්ක මාර්ගය වෙයි. මේ අවිද්යාවගේ ප්රහාණය පිණිස මේ මාර්ගයයි. මේ ප්රතිපදාවයි.” “ඇවැත්නි, මේ අවිද්යාවගේ ප්රහාණයට යහපත් මාර්ගයකි, යහපත් ප්රතිපදාවකි, ඇවැත් ශාරීපුත්රය, අප්රමාදයටද සුදුසුය.”
4. 1. 10.
තණ්හා සූත්රය
325. “ඇවැත්නි ශාරිපුත්රය, තණ්හාව තණ්හාවයයි කියනු ලැබේ. ඇවැත්නි, තණ්හාව කවරේද?” “ඇවැත්නි, මේ තෘෂ්ණා තුනකි. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යන තුනයි. ඇවැත්නි, මේ ත්රිවිධ තෘෂ්ණාවෝය. “ඇවැත්නි, මේ තෘෂ්ණාවන්ගේ ප්රහාණය පිණිස මාර්ගයක් ඇද්ද, ප්රතිපදාවක් ඇද්ද? “මේ තෘෂ්ණාවන්ගේ ප්රහාණය පිණිස මාර්ගයක් ඇත්තේය, ප්රතිපදාවක් ඇත්තේය.” “මේ තෘෂ්ණාවන්ගේ ප්රහාණය පිණිස මාර්ගය කවරේද ප්රතිපදාව කවරේද?” “ඇවැත්නි, සම්යක් දෘෂ්ටිය, සම්යක් සංකල්පනය, සම්යක් වචනය, සම්යක් කර්මාන්තය, සම්යක් ආජීවය, සම්යක් ව්යායාමය, සම්යක් ස්මෘතිය, සම්යක් සමාධිය යන ආර්යඅෂ්ටාඩ්ගික මාර්ගය මේ තෘෂ්ණාවන්ගේ ප්රහාණය පිණිස වේ. ඇවැත්නි, තෘෂ්ණාවන්ගේ ප්රහාණය පිණිස මේ මාර්ගය වෙයි. ප්රතිපදාව වෙයි.” “ඇවැත්නි, මේ තෘෂ්ණාවන්ගේ ප්රහාණය පිණිස යහපත් මාර්ගයකි. යහපත් ප්රතිපදාවකි. ඇවැත්නි, ශාරිපුත්රය අප්රමාදයටද සුදුසුය.”
4. 1. 11.
ඔඝ සූත්රය
326. “ඇවැත්නි, ශාරිපුත්රය, ඕඝය (සැඩපහර) ඕඝයයි කියනු ලැබේ. ඇවැත්නි ඕඝය කවරේද?” “ඇවැත්නි, කාම ඕඝ, භව ඕඝ, දිට්ඨි ඕඝ, අවිජ්ජා ඕඝ යන මේ ඕඝ සතරකි. ඇවැත්නි, මොවුහු සතර ඕඝයෝය.” “ඇවැත්නි, මේ ඕඝයන්ගේ ප්රහාණය පිණිස මාර්ගයක් ඇත්තේද, ප්රතිපදාවක් ඇත්තේද?” “ඇවැත්නි, මේ ඕඝයන්ගේ ප්රහාණය පිණිස මාර්ගයක් ඇත්තේය, ප්රතිපදාවක් ඇත්තේය.” “ඇවැත්නි, මේ ඕඝයන්ගේ ප්රහාණය පිණිස මාර්ගය කවරේද? ප්රතිපදාව කවරේද?” “ඇවැත්නි, සම්යක්දෘෂ්ටිය, සම්යක් සංකල්පනය, සම්යක් වචනය, සම්යක් කර්මාන්තය, සම්යක් ආජීවය, සම්යක් ව්යායාමය, සම්යක් ස්මෘතිය, සම්යක් සමාධිය යන මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයම මේ ඕඝයන්ගේ ප්රහාණය පිණිස වෙයි. ඇවැත්නි, මේ ඕඝයන්ගේ ප්රහාණය පිණිස මේ මාර්ගය වෙයි ප්රතිපදාව වෙයි. ඇවැත්නි, “මේ ඕඝයන්ගේ ප්රහාණය පිණිස යහපත් මාර්ගයකි. යහපත් ප්රතිපදාවකි. ඇවැත්නි, ශාරිපුත්රය, අප්රමාදයටද සුදුසුය.”
4. 1. 12.
උපාදාන සූත්රය
327. “ඇවැත්නි ශාරිපුත්රය, උපාදානය උපාදානයයි කියනු ලැබේ. ඇවැත්නි, උපාදානය කවරේද?” “ඇවැත්නි, උපාදාන සතර දෙනෙකි. කාමූපාදානය, දිට්ඨුපාදානය, සීලබ්බතඋපාදානය, අත්තවාදූපාදානය කියායි. ඇවැත්නි, මේ සතර උපාදනයෝයි” “ඇවැත්නි, මේ උපාදානයන්ගේ ප්රහාණය පිණිස මාර්ගයක් ඇත්තේද, ප්රතිපදාවක් ඇත්තේද?” “ඇවැත්නි, මේ උපාදානයන්ගේ ප්රහාණය පිණිස මාර්ගයක් ඇත්තේය. ප්රතිපදාවක් ඇත්තේය.” “ඇවැත්නි, මේ උපාදානයන්ගේ ප්රහාණය පිණිස මාර්ගය කවරේද, ප්රතිපදාව කවරේද?” “ඇවැත්නි, සම්යක් දෘෂ්ටිය, සම්යක් සංකල්පනය, සම්යක් වචනය, සම්යක් කර්මාන්තය, සම්යක් ආජීවය, සම්යක් ව්යායාමය, සම්යක් ස්මෘතිය, සම්යක් සමාධිය යන මේ ආර්යඅෂ්ටාඩ්ගික මාර්ගය මේ උපාදානයන්ගේ ප්රහාණය පිණිස වේ. ඇවැත්නි, මේ උපාදානයන්ගේ ප්රහාණය පිණිස මේ මාර්ගය වෙයි. මේ ප්රතිපදාව වෙයි.” “ඇවැත්නි, උපාදානයන්ගේ ප්රහාණය පිණිස මේ මාර්ගය යහපත්ය. ප්රතිපදාව යහපත්ය. ඇවැත්නි, ශාරීපුත්රය, අප්රමාදයටද සුදුසුය.”