1. 8. 7.
දුතිය අවිජ්ජා සූත්රය
80. එකල්හි එක්තරා භික්ෂුවක් තෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ භික්ෂුතෙම භාග්යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. “ස්වාමීනි, යමක්හු දුරුකිරීමෙන් භික්ෂුවහට අවිද්යාව දුරුවේද, විද්යාව උපදීද, එබඳු එක් ධර්මයක් ඇත්තේද?” “මහණ, යමක්හු දුරුකිරීමෙන් භික්ෂුවට අවිද්යාව දුරුවේද, විද්යාව උපදීද, එබඳු එක් ධර්මයක් ඇත්තේය” යි වදාළ සේක. “ස්වාමීනි, යමක්හු දුරුකිරීමෙන් භික්ෂුවට අවිද්යාව දුරු වේද, විද්යාව උපදීද, ඒ නම් කවර එක ධර්මයක්ද?” “මහණ, යමක්හු දුරුකිරීමෙන් භික්ෂුවට අවිද්යාව දුරුවේද, විද්යාව උපදීද, අවිද්යාව වනාහි ඒ එක ධර්මය වේ”.
“ස්වාමීනි, කෙසේ දන්නාවූ, කෙසේ දක්නාවූ භික්ෂුවහට අවිද්යාව ප්රහීණවේද, විද්යාව උපදීද?” “මහණ, මෙහි භික්ෂූහු විසින් සියලු ධර්මයෝ තමායයි ඇතුළත්කොට ගැනීමට නුසුදුසුයයි අසන ලද්දේ වෙයි. මහණ, ඉදින් මෙසේ සියලු ධර්මයෝ තමායයි ඇතුළත්කොට ගැනීමට නුසුදුසුයයි භික්ෂූහු විසින් අසන ලද්දේද, හෙතෙම ඒ සියලු ධර්මය දනියි. සියලු ධර්මය දැන, සියලු ධර්මය පිරිසිඳ දනියි. සියලු ධර්මය පිරිසිඳ දැන, සියලු නිමිති අන් දෙයක් වශයෙන් දකියි. ඇස අන් දෙයක් වශයෙන් දකියිද, රූපයන් අන් දෙයක් වශයෙන් දකීද, චක්ඛු විඤ්ඤාණය අන් දෙයක් වශයෙන් දකීද, චක්ඛු සම්ඵස්සය අන් දෙයක් වශයෙන් දකීද, චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අන් දෙයක් වශයෙන් දකීද, “කන අන් දෙයක් වශයෙන් දකීද, ශබ්දයන් අන් දෙයක් වශයෙන් දකීද, සෝත විඤ්ඤාණය අන් දෙයක් වශයෙන් දකීද, සෝත සම්ඵස්සය අන් දෙයක් වශයෙන් දකීද, සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අන් දෙයක් වශයෙන් දකීද, “නාසය අන් දෙයක් වශයෙන් දකීද, ගන්ධය අන් දෙයක් වශයෙන් දකීද, ඝාණ විඤ්ඤාණය අන් දෙයක් වශයෙන් දකීද, ඝාණ සම්ඵස්සය අන් දෙයක් වශයෙන් දකීද, ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අන් දෙයක් වශයෙන් දකීද, “දිව අන් දෙයක් වශයෙන් දකීද, රසය අන් දෙයක් වශයෙන් දකීද, ජිව්හා විඤ්ඤාණය අන් දෙයක් වශයෙන් දකීද, ජිව්හා සම්ඵස්සය අන් දෙයක් වශයෙන් දකීද, ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අන් දෙයක් වශයෙන් දකීද, “කය අන් දෙයක් වශයෙන් දකීද, ස්පර්ශය අන් දෙයක් වශයෙන් දකීද, කාය විඤ්ඤාණය අන් දෙයක් වශයෙන් දකීද, කාය සම්ඵස්සය අන් දෙයක් වශයෙන් දකීද, කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අන් දෙයක් වශයෙන් දකීද, “සිත අන් දෙයක් වශයෙන් දකීද, ධර්මය අන් දෙයක් වශයෙන් දකීද, මනෝ විඤ්ඤාණය අන් දෙයක් වශයෙන් දකීද, මනෝ සම්ඵස්සය අන් දෙයක් වශයෙන් දකීද,
මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අන් දෙයක් වශයෙන් දකීද, මහණ, මෙසේ වනාහි දන්නාවූ, මෙසේ දක්නාවූ භික්ෂුවට අවිද්යාව ප්රහීණ වේ. විද්යාව උපදීයයි වදාළ සේක.
1. 8. 8.
සම්බහුලභික්ඛු සූත්රය
81. එකල්හි බොහෝ භික්ෂුහු භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ භික්ෂුහු භාග්යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. “ස්වාමීනි, මෙහි අන්යතීර්ත්ථක පරිව්රාජකයෝ අපගෙන් මෙසේ අසන්නාහුය. ‘ඇවැත්නි, කිනම් අර්ථයක් පිණිස ශ්රමණ ගෞතමයන් කෙරෙහි මහණකම් කරන්නේද’ කියායි. ස්වාමීනි, මෙසේ අසන ලද්දාවූ ඒ අපි අන්යතීර්ත්ථක පරිව්රාජකයන්ට මෙසේ ප්රකාශ කරමු. ‘ඇවැත්නි, දුක පිරිසිඳ දැනීම පිණිස භාග්යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය යනුයි. “ස්වාමීනි, කිමෙක්ද, මෙසේ අසන ලද්දාවූ අපි මෙසේ ප්රකාශ කරන්නමෝ භාග්යවතුන් වහන්සේ විසින් කියන ලද්දක් කියන්නෝ වෙමුද, භාග්යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා නොකරන්නමෝ නොවෙමුද, ධර්මයට එකඟව ප්රකාශ කරමුද, කිසියම් කරුණු සහිතවූ කීමක් ගැරහියයුතු කරුණකට නොපැමිණේදැ” යි ඇසූහ.
“මහණෙනි, තෙපි මෙසේ අසන ලද්දාහු, මෙසේ ප්රකාශ කරන්නාහු නම් මා විසින් කියන ලද්දක් කියන්නාහුද වෙත්. මට අභූතයෙන් චෝදනා කරන්නාහුද නොවෙත්. ධර්මයට එකඟව ප්රකාශ කරන්නාහුද වෙත්. කිසියම් කරුණු සහිතවූ කීමක් ගැරහියයුතු තැනට පැමිණෙන්නේද නොවේ. මහණෙනි, මා කෙරෙහි දුක පිරිසිඳ දැනිම පිණිසම මහණකම් කරන්නේය. “මහණෙනි, ඉදින් තොපගෙන් අන්යතීර්ත්ථක පරිව්රාජකයෝ, ‘ඇවැත්නි, යමක් පිරිසිඳ දැනගැනීම පිණිස ශ්රමණ ගෞතමයන් කෙරෙහි මහණකම් කරන්නේද, ඒ දුක කවරේදැ’ යි අසන්නාහු නම්, මහණෙනි, මෙසේ අසන ලද්දාවූ තෙපි ඒ අන්යතීර්ත්ථක පරිව්රාජකයන්ට මෙසේ ප්රකාශ කරව්.
“ඇවැත්නි, ඇස වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. රූපය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. චක්ඛු විඤ්ඤාණය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. චක්ඛු සම්ඵස්සය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. “කන වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. ශබ්දය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. සෝත විඤ්ඤාණය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. සෝත සම්ඵස්සය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. “නාසය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. ගන්ධය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. ඝාණ විඤ්ඤාණය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. ඝාණ සම්ඵස්සය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය.
“දිව වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. රසය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. ජිව්හා විඤ්ඤාණය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. ජිව්හා සම්ඵස්සය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. “කය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. ස්පර්ශය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. කාය විඤ්ඤාණය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. කාය සම්ඵස්සය වනාහි දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්යවතුන් වහන්සේ කෙරෙහි මහණකම් කරන්නේය.
“සිත දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්යවතුන් වහන්සේ කෙරෙහි මහණදම් පුරන්නේය. ධර්මයෝ දුකය. ඔවුන් පිරිසිඳ දැනීම පිණිස භාග්යවතුන් වහන්සේ කෙරෙහි මහණදම් පුරන්නේය. මනෝ විඤ්ඤාණය දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්යවතුන් වහන්සේ කෙරෙහි මහණදම් පුරන්නේය. මනෝ සම්ඵස්සය දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්යවතුන් වහන්සේ කෙරෙහි මහණදම් පුරන්නේය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්යවතුන් වහන්සේ කෙරෙහි මහණදම් පුරන්නේය. “ඇවැත්නි, දුක නම් මේය. ඒ දුක පිරිසිඳ දැනීම පිණිස භාග්යවතුන් වහන්සේ කෙරෙහි මහණදම් පුරන්නේය. “මහණෙනි, මෙසේ අසන ලද්දාවූ තෙපි ඒ අන්යතීර්ත්ථක පරිව්රාජකයන්ට මෙසේ ප්රකාශ කරව්” යයි වදාළ සේක.
1. 8. 9.
ලෝක සූත්රය
82. එකල්හි එක්තරා භික්ෂුවක් තෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ භික්ෂුතෙම භාග්යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. “ස්වාමිනි, ‘ලෝකය, ලෝකය’ යි කියනු ලැබේ. ස්වාමීනි, කොපමණකින් වනාහි ලෝකයයි කියනු ලැබේද?” යනුවෙනි.