1. 8. 4.
දුක්‌ඛ සූත්‍රය
77. “රාධය, යමක් වනාහි දුකද, එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. රාධය, කුමක් දුකද? රාධය, ඇස වනාහි දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. රූපයෝ දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. චක්ඛු විඤ්ඤාණය දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. චක්ඛු සම්ඵස්සය දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. චක්ඛු සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. “කන වනාහි දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ශබ්දයෝ දුකයහ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. සෝත විඤ්ඤාණය දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. සෝත සම්ඵස්සය දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. සෝත සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. “නාසය වනාහි දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ගන්‍ධයෝ දුකයහ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ඝාණ විඤ්ඤාණය දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ඝාණ සම්ඵස්සය දුකවේ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ඝාණ සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. “දිව දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. රසයෝ දුකයහ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ජිව්හා විඤ්ඤාණය දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ජිව්හා සම්ඵස්සය දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ජිව්හා සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. “කය දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ස්පර්‍ශයෝ දුකයහ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. කාය විඤ්ඤාණය දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. කාය සම්ඵස්සය දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. කාය සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. “සිත දුක වේ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ධර්‍මයෝ දුකයහ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. මනෝ විඤ්ඤාණය දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. මනෝ සම්ඵස්සය දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. මනෝ සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. රාධය, යමක් වනාහි දුකද, එහි තොප විසින් ආලය දුරු කටයුත්තේය” යි වදාළ සේක.
1. 8. 5.
අනත්‌ත සූත්‍රය
78. එකල්හි ආයුෂ්මත් රාධ ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක හුන්නේය. එකත් පසෙක හුන්නාවු ආයුෂ්මත් රාධ ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. “ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් ධර්‍මයක් අසා, හුදකලාව, සමූහයාගෙන් වෙන්ව, අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, ආත්ම පරිත්‍යාගයෙන් වාසය කරන්නෙම්ද, භාග්‍යවතුන් වහන්සේ මට එබඳු ධර්මයක් සැකෙවින් දේශනා කරන සේක් නම් මැනවැ” යි කීය. “රාධය, යමක් වනාහි අනාත්මද, එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. රාධය, කුමක් අනාත්මද? රාධය, ඇස වනාහි අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. රූපයෝ අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. චක්ඛු විඤ්ඤාණය අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. චක්ඛු සම්ඵස්සය අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි.
චක්ඛු සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. “කන වනාහි අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ශබ්දයෝ අනාත්මයහ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. සෝත විඤ්ඤාණය අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. සෝත සම්ඵස්සය අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. සෝත සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. “නාසය වනාහි අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ගන්‍ධයෝ අනාත්මයහ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ඝාණ විඤ්ඤාණය අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ඝාණ සම්ඵස්සය අනාත්ම වේ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ඝාණ සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි.
“දිව අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. රසයෝ අනාත්මයහ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ජිව්හා විඤ්ඤාණය අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ජිව්හා සම්ඵස්සය අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ජිව්හා සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. “කය අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ස්පර්‍ශයෝ අනාත්මයහ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. කාය විඤ්ඤාණය අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. කාය සම්ඵස්සය අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. කාය සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. “සිත අනාත්ම වේ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. ධර්‍මයෝ අනාත්මයහ. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. මනෝ විඤ්ඤාණය අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. මනෝ සම්ඵස්සය අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. මනෝ සම්ඵස්සය නිසා යම් සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්මය. එහි තොප විසින් ආලය දුරු කටයුතුයි. රාධය, යමක් වනාහි අනිත්‍යයද, එහි තොප විසින් ආලය දුරු කටයුත්තේය” යි වදාළ සේක.
1. 8. 6.
අවිජ්ජා සූත්‍රය
79. එකල්හි එක්තරා භික්‍ෂුවක් තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. “ස්වාමීනි, යමක්හු දුරුකිරීමෙන් භික්‍ෂුවට අවිද්‍යාව ප්‍රහීණ වේද, විද්‍යාව උපදීද, එබඳු එක් ධර්‍මයක් ඇත්තේදැ” යි ඇසීය. “මහණ, යමක්හු දුරුකිරීමෙන් භික්‍ෂුවට අවිද්‍යාව දුරුවේද, විද්‍යාව උපදීද, එබඳු එක් ධර්‍මයක් ඇත්තේය” යි වදාළ සේක. “ස්වාමීනි, යමක්හු දුරුකිරීමෙන් භික්‍ෂුවට අවිද්‍යාව දුරු වේද, විද්‍යාව උපදීද, ඒ නම් කවර එක ධර්‍මයක්දැ” යි ඇසීය. “මහණ, යමක්හු දුරුකිරීමෙන් භික්‍ෂුවට අවිද්‍යාව ප්‍රහීණවේද, විද්‍යාව උපදීද, අවිද්‍යාව වනාහි ඒ එක ධර්‍මය වේ” යයි වදාළ සේක.
“ස්වාමීනි, කෙසේ දන්නාවූ, කෙසේ දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව ප්‍රහීණවේද, විද්‍යාව උපදීද?” “මහණ, ඇස වනාහි අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. රූපයන් අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. චක්ඛු විඥානය අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. චක්ඛු සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. මහණ, මෙසේ දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ, විද්‍යාව උපදී” යයි වදාළ සේක. “මහණ, කන වනාහි අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ශබ්දයන් අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. සෝත විඥානය අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. සෝත සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. මහණ, මෙසේ දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ, විද්‍යාව උපදී” යයි වදාළ සේක. “මහණ, නාසය වනාහි අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ගන්‍ධයන් අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ඝාණ විඥානය අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ඝාණ සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. මහණ, මෙසේ දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ, විද්‍යාව උපදී” යයි වදාළ සේක.
“මහණ, දිව වනාහි අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. රසයන් අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ජිව්හා විඥානය අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ජිව්හා සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. මහණ, මෙසේ දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ, විද්‍යාව උපදී” යයි වදාළ සේක. “මහණ, කය වනාහි අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ස්පර්‍ශයන් අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. කාය විඥානය අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. කාය සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. මහණ, මෙසේ දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ, විද්‍යාව උපදී” යයි වදාළ සේක.
“මහණ, සිත වනාහි අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ධර්‍මයන් අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. මනෝ විඥානය අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. මනෝ සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. මහණ, මෙසේ දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ, විද්‍යාව උපදී” යයි වදාළ සේක.