1. 7. 4.
සමිද්ධි සත්තපඤ්හ සූත්රය
66. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ රජගහනුවර කලන්දක නිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් සමිද්ධි ස්ථවිර තෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරතෙම භාග්යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.
“ස්වාමීනි, ‘සත්ත්වයා, සත්ත්වයා’ යයි කියනු ලැබේ. ස්වාමීනි, කොපමණකින් සත්ත්වයා හෝ සත්ත්වයා යන පැනවීම හෝ වන්නේද?”
“සමිද්ධිය, යම් තැනක වනාහි ඇස ඇත්තේද, රූපයෝ ඇත්තාහුද, චක්ඛුවිඤ්ඤාණය ඇත්තේද, චක්ඛුවිඤ්ඤාණයෙන් දතයුතු ධර්මයෝ ඇත්තාහුද, එහි සත්ත්වයා හෝ සත්ත්වයා යන පැනවීම හෝ ඇත්තේය. “සමිද්ධිය, යම් තැනක වනාහි කන ඇත්තේද, ශබ්දයෝ ඇත්තාහුද, සෝත විඤ්ඤාණය ඇත්තේද, සෝත විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයෝ ඇත්තාහුද, එහි සත්ත්වයා හෝ සත්ත්වයා යන පැනවීම හෝ ඇත්තේය. “සමිද්ධිය, යම් තැනක වනාහි නාසය ඇත්තේද, ගන්ධයෝ ඇත්තාහුද, ඝාණ විඤ්ඤාණය ඇත්තේද, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයෝ ඇත්තාහුද, එහි සත්ත්වයා හෝ සත්ත්වයා යන පැනවීම හෝ ඇත්තේය. “සමිද්ධිය, යම් තැනක වනාහි දිව ඇත්තේද, රසයෝ ඇත්තාහුද, ජිව්හා විඤ්ඤාණය ඇත්තේද, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයෝ ඇත්තාහුද, එහි සත්ත්වයා හෝ සත්ත්වයා යන පැනවීම හෝ ඇත්තේය. “සමිද්ධිය, යම් තැනක වනාහි කය ඇත්තේද, ස්පර්ශයෝ ඇත්තාහුද, කාය විඤ්ඤාණය ඇත්තේද, කාය විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයෝ ඇත්තාහුද, එහි සත්ත්වයා හෝ සත්ත්වයා යන පැනවීම හෝ ඇත්තේය. “සමිද්ධිය, යම් තැනක සිත ඇත්තේද, ධර්මයෝ ඇත්තාහුද, මනෝ විඤ්ඤාණය ඇත්තේද, මනෝ විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයෝ ඇත්තාහුද, එහි සත්ත්වයා හෝ සත්ත්වයා යන පැනවීම හෝ ඇත්තේය.
“සමිද්ධිය, යම් තැනක වනාහි ඇස නැත්තේද, රූපයෝ නැත්තාහුද, චක්ඛු විඤ්ඤාණය නැත්තේද, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයෝ නැත්තාහුද, එහි සත්ත්වයා හෝ සත්ත්වයා යන පැනවීම හෝ නැත්තේය. “සමිද්ධිය, යම් තැනක වනාහි කන නැත්තේද, ශබ්දයෝ නැත්තාහුද, සෝත විඤ්ඤාණය නැත්තේද, සෝත විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයෝ නැත්තාහුද, එහි සත්ත්වයා හෝ සත්ත්වයා යන පැනවීම හෝ නැත්තේය. “සමිද්ධිය, යම් තැනක වනාහි නාසය නැත්තේද, ගන්ධයෝ නැත්තාහුද, ඝාණ විඤ්ඤාණය නැත්තේද, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයෝ නැත්තාහුද, එහි සත්ත්වයා හෝ සත්ත්වයා යන පැනවීම හෝ නැත්තේය. “සමිද්ධිය, යම් තැනක වනාහි දිව නැත්තේද, රසයෝ නැත්තාහුද, ජිව්හා විඤ්ඤාණය නැත්තේද, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයෝ නැත්තාහුද, එහි සත්ත්වයා හෝ සත්ත්වයා යන පැනවීම හෝ නැත්තේය. “සමිද්ධිය, යම් තැනක වනාහි කය නැත්තේද, ස්පර්ශයෝ නැත්තාහුද, කාය විඤ්ඤාණය නැත්තේද, කාය විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයෝ නැත්තාහුද, එහි සත්ත්වයා හෝ සත්ත්වයා යන පැනවීම හෝ නැත්තේය. “සමිද්ධිය, යම් තැනක වනාහි සිත නැත්තේද, ධර්මයෝ නැත්තාහුද, මනෝ විඤ්ඤාණය නැත්තේද, මනෝ විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයෝ නැත්තාහුද, එහි සත්ත්වයා හෝ සත්ත්වයා යන පැනවීම හෝ නැත්තේය” යි වදාළ සේක.
1. 7. 5.
සමිද්ධි දුක්ඛපඤ්හ සූත්රය
67. “ස්වාමීනි, ‘දුකය, දුකය’ යයි කියනු ලැබේ. ස්වාමීනි, කොපමණකින් වනාහි දුක හෝ දුකය යන පැනවීම හෝ වන්නේද?”
“සමිද්ධිය, යම් තැනක වනාහි ඇස ඇත්තේද, රූපයෝ ඇත්තාහුද, චක්ඛු විඥානය ඇත්තේද, චක්ඛු විඥානයෙන් දතයුතු ධර්මයෝ ඇත්තාහුද, එහි දුක හෝ දුකය යන පැනවීම හෝ ඇත්තේය. “සමිද්ධිය, යම් තැනක වනාහි කන ඇත්තේද, ශබ්දයෝ ඇත්තාහුද, සෝත විඥානය ඇත්තේද, සෝත විඥානයෙන් දතයුතු ධර්මයෝ ඇත්තාහුද, එහි දුක හෝ දුකය යන පැනවීම හෝ ඇත්තේය. “සමිද්ධිය, යම් තැනක වනාහි නාසය ඇත්තේද, ගන්ධයෝ ඇත්තාහුද, ඝාණ විඥානය ඇත්තේද, ඝාණ විඥානයෙන් දතයුතු ධර්මයෝ ඇත්තාහුද, එහි දුක හෝ දුකය යන පැනවීම හෝ ඇත්තේය. “සමිද්ධිය, යම් තැනක වනාහි දිව ඇත්තේද, රසයෝ ඇත්තාහුද, ජිව්හා විඥානය ඇත්තේද, ජිව්හා විඥානයෙන් දතයුතු ධර්මයෝ ඇත්තාහුද, එහි දුක හෝ දුකය යන පැනවීම හෝ ඇත්තේය. “සමිද්ධිය, යම් තැනක වනාහි කය ඇත්තේද, ස්පර්ශයෝ ඇත්තාහුද, කාය විඥානය ඇත්තේද, කාය විඥානයෙන් දතයුතු ධර්මයෝ ඇත්තාහුද, එහි දුක හෝ දුකය යන පැනවීම හෝ ඇත්තේය. “සමිද්ධිය, යම් තැනක වනාහි සිත ඇත්තේද, ධර්මයෝ ඇත්තාහුද, මනෝ විඥානය ඇත්තේද, මනෝ විඥානයෙන් දතයුතු ධර්මයෝ ඇත්තාහුද, එහි දුක හෝ දුකය යන පැනවීම හෝ ඇත්තේය.
“සමිද්ධිය, යම් තැනක වනාහි ඇස නැත්තේද, රූපයෝ නැත්තාහුද, චක්ඛු විඥානය නැත්තේද, චක්ඛු විඥානයෙන් දතයුතු ධර්මයෝ නැත්තාහුද, එහි දුක හෝ දුකය යන පැනවීම හෝ නැත්තේය. “සමිද්ධිය, යම් තැනක වනාහි කන නැත්තේද, ශබ්දයෝ නැත්තාහුද, සෝත විඥානය නැත්තේද, සෝත විඥානයෙන් දතයුතු ධර්මයෝ නැත්තාහුද, එහි දුක හෝ දුකය යන පැනවීම හෝ නැත්තේය. “සමිද්ධිය, යම් තැනක වනාහි නාසය නැත්තේද, ගන්ධයෝ නැත්තාහුද, ඝාණ විඥානය නැත්තේද, ඝාණ විඥානයෙන් දතයුතු ධර්මයෝ නැත්තාහුද, එහි දුක හෝ දුකය යන පැනවීම හෝ නැත්තේය. “සමිද්ධිය, යම් තැනක වනාහි දිව නැත්තේද, රසයෝ නැත්තාහුද, ජිව්හා විඥානය නැත්තේද, ජිව්හා විඥානයෙන් දතයුතු ධර්මයෝ නැත්තාහුද, එහි දුක හෝ දුකය යන පැනවීම හෝ නැත්තේය. “සමිද්ධිය, යම් තැනක වනාහි කය නැත්තේද, ස්පර්ශයෝ නැත්තාහුද, කාය විඥානය නැත්තේද, කාය විඥානයෙන් දතයුතු ධර්මයෝ නැත්තාහුද, එහි දුක හෝ දුකය යන පැනවීම හෝ නැත්තේය. “සමිද්ධිය, යම් තැනක වනාහි සිත නැත්තේද, ධර්මයෝ නැත්තාහුද, මනෝ විඥානය නැත්තේද, මනෝ විඥානයෙන් දතයුතු ධර්මයෝ නැත්තාහුද, එහි දුක හෝ දුකය යන පැනවීම හෝ නැත්තේය” යි වදාළ සේක.
1. 7. 6.
සමිද්ධි ලෝකපඤ්හ සූත්රය
68. “ස්වාමීනි, ‘ලෝකය, ලෝකය’ යයි කියනු ලැබේ. ස්වාමීනි, කොපමණකින් වනාහි ලෝකය හෝ ලෝකය යන පැනවීම හෝ වන්නේද?”
“සමිද්ධිය, යම් තැනක වනාහි ඇස ඇත්තේද, රූපයෝ ඇත්තාහුද, චක්ඛු විඥානය ඇත්තේද, චක්ඛු විඥානයෙන් දතයුතු ධර්මයෝ ඇත්තාහුද, එහි ලෝකය හෝ ලෝකය යන පැනවීම හෝ ඇත්තේය. “සමිද්ධිය, යම් තැනක වනාහි කන ඇත්තේද, ශබ්දයෝ ඇත්තාහුද, සෝත විඥානය ඇත්තේද, සෝත විඥානයෙන් දතයුතු ධර්මයෝ ඇත්තාහුද, එහි ලෝකය හෝ ලෝකය යන පැනවීම හෝ ඇත්තේය. “සමිද්ධිය, යම් තැනක වනාහි නාසය ඇත්තේද, ගන්ධයෝ ඇත්තාහුද, ඝාණ විඥානය ඇත්තේද, ඝාණ විඥානයෙන් දතයුතු ධර්මයෝ ඇත්තාහුද, එහි ලෝකය හෝ ලෝකය යන පැනවීම හෝ ඇත්තේය. “සමිද්ධිය, යම් තැනක වනාහි දිව ඇත්තේද, රසයෝ ඇත්තාහුද, ජිව්හා විඥානය ඇත්තේද, ජිව්හා විඥානයෙන් දතයුතු ධර්මයෝ ඇත්තාහුද, එහි ලෝකය හෝ ලෝකය යන පැනවීම හෝ ඇත්තේය. “සමිද්ධිය, යම් තැනක වනාහි කය ඇත්තේද, ස්පර්ශයෝ ඇත්තාහුද, කාය විඥානය ඇත්තේද, කාය විඥානයෙන් දතයුතු ධර්මයෝ ඇත්තාහුද, එහි ලෝකය හෝ ලෝකය යන පැනවීම හෝ ඇත්තේය. “සමිද්ධිය, යම් තැනක වනාහි සිත ඇත්තේද, ධර්මයෝ ඇත්තාහුද, මනෝ විඥානය ඇත්තේද, මනෝ විඥානයෙන් දතයුතු ධර්මයෝ ඇත්තාහුද, එහි ලෝකය හෝ ලෝකය යන පැනවීම හෝ ඇත්තේය.