1. 7. 11.
තතිය ඡඵස්සායතන සූත්‍රය
73. “මහණෙනි, යම්කිසි මහණෙක් වනාහි සවැදෑරුම්වූ ස්පර්‍ශායතනයන්ගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද, තත්වූ පරිද්දෙන් නොදනීද, ඔහු විසින් බ්‍රහ්මචර්‍ය්‍යාව නොවසන ලදී. හෙතෙම මේ ධර්ම විනයෙන් ඈත්වූවෙක්ම වන්නේය.”
“මෙසේ වදාළ කල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. “ස්වාමීනි, මෙහි මම නැසුනෙමි. ස්වාමීනි, මම වනාහි සවැදෑරුම්වූ ස්පර්‍ශායතනයන්ගේ හටගැනීමද, නැතිවීමද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද, තත්වූ පරිද්දෙන් නොදනිමි” යි කීයේය.
“මහණ, ඒ කුමකැයි හඟින්නෙහිද? ඇස නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිතයය.” “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - ස්වාමීනි, දුක්ය.” “යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.” “කන නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිතයය.” “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - ස්වාමීනි, දුක්ය.” “යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.” “නාසය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිතයය.” “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - ස්වාමීනි, දුක්ය.” “යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.”
“දිව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිතයය.” “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - ස්වාමීනි, දුක්ය.” “යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.” “කය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිතයය.” “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - ස්වාමීනි, දුක්ය.” “යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.” “සිත නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිතයය.” “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - ස්වාමීනි, දුක්ය.” “යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.”
“මහණ, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙම ඇස කෙරෙහිද කලකිරෙයි. කන කෙරෙහිද කලකිරෙයි. නාසය කෙරෙහිද කලකිරෙයි. දිව කෙරෙහිද කලකිරෙයි. කය කෙරෙහිද කලකිරෙයි. සිත කෙරෙහිද කලකිරෙයි.
කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. “ජාතිය ක්ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. සතර මාර්ගයෙන් කළ යුතු දෙය කරන ලදී. මේ ආත්ම භාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනීයයි” (වදාළ සේක)
දෙවෙනි මිගජාල වර්ගය නිමි.
එහි උද්දානය:
මිගජාල නමින් දෙකක් ද, සමිද්ධි නමින් සතරක් ද, උපසේන ද, උපවාණ ද, ඡඵස්සායතන නමින් තුනක් ද (වේ).