1. 6. 2.
සංයෝජන පහාන සූත්රය
54. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී එක්තරා භික්ෂුවක් තෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ භික්ෂුතෙම භාග්යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.
“ස්වාමීනි, කෙසේ දන්නහුගේ, කෙසේ දක්නහුගේ සංයෝජනයෝ පහවෙත්ද?”
“මහණ, ඇස අනිත්ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්රහීණ වෙත්. රූපයන් අනිත්ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්රහීණ වෙත්. චක්ඛු විඥානය අනිත්ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්රහීණ වෙත්. චක්ඛු සම්ඵස්සය අනිත්ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්රහීණ වෙත්. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනිත්ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්රහීණ වෙත්. -පෙ- මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනිත්ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්රහීණ වෙත්.
මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ ප්රහීණ වෙත්” යයි වදාළ සේක.
1. 6. 3.
සංයෝජන සමුග්ඝාත සූත්රය
55. “ස්වාමීනි, කෙසේ දන්නහුගේ, කෙසේ දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්ද?”
“මහණ, ඇස අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. රූපයන් අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. චක්ඛු විඥානය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. චක්ඛු සම්ඵස්සය අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්. -පෙ- මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්.
මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ සංයෝජනයෝ විනාශයට පැමිණෙත්” යයි වදාළ සේක.
1. 6. 4.
ආසව පහාන සූත්රය
56. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී එක්තරා භික්ෂුවක් තෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ භික්ෂුතෙම භාග්යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.
“ස්වාමීනි, කෙසේ දන්නහුගේ, කෙසේ දක්නහුගේ ආශ්රවයෝ ප්රහීන වෙත්ද?
“මහණ, ඇස වනාහි අනිත්ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්රවයෝ ප්රහීණ වෙත්. රූපයන් -පෙ- චක්ඛු විඥානය -පෙ- චක්ඛු සම්ඵස්සය -පෙ- මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්රවයෝ ප්රහීණ වෙත්.
මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ ආශ්රවයෝ ප්රහීණ වෙත්” යයි වදාළ සේක.
1. 6. 5.
ආසව සමුග්ඝාත සූත්රය
57. “ස්වාමීනි, කෙසේ නම් දන්නහුගේ, කෙසේ දක්නහුගේ ආශ්රවයෝ නැසීමට පැමිණෙත්ද?
“මහණ, ඇස වනාහි අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්රවයෝ නැසීමට පැමිණෙත්. රූපයන් -පෙ- චක්ඛු විඤ්ඤාණය -පෙ- චක්ඛු සම්ඵස්සය -පෙ- මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්ම වශයෙන් දන්නහුගේ, දක්නහුගේ ආශ්රවයෝ නැසීමට පැමිණෙත්.
මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ ආශ්රවයෝ නැසීමට පැමිණෙත්” යයි වදාළ සේක.
1. 6. 6.
අනුසය පහාන සූත්රය
58. “ස්වාමීනි, කෙසේ දන්නහුගේ, කෙසේ දක්නහුගේ අනුසය ප්රහීණ වෙත්ද?”
“මහණ, ඇස වනාහි අනිත්ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්රහීණ වෙත්. රූපයන් -පෙ- චක්ඛු විඤ්ඤාණය -පෙ- චක්ඛු සම්ඵස්සය -පෙ- මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්ය වශයෙන් දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්රහීණ වෙත්.
මහණ, මෙසේ වනාහි දන්නහුගේ, දක්නහුගේ අනුසය ප්රහීණ වෙත්” යයි වදාළ සේක.