1. 5. 10.
10. උපස්සට්ඨ සූත්රය
52. “මහණෙනි, සියල්ල විපතට පැමිණෙන ලදී. මහණෙනි, කවර නම් සියල්ලක් විපතට පැමිණෙන ලද්දේද?
“මහණෙනි, ඇස විපතට පැමිණෙන ලදී. රූපයෝ විපතට පැමිණෙන ලදී. චක්ඛු විඤ්ඤාණය විපතට පැමිණෙන ලදී. චක්ඛු සම්ඵස්සය විපතට පැමිණෙන ලදී. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද විපතට පැමිණෙන ලදී. “මහණෙනි, කන විපතට පැමිණෙන ලදී. ශබ්දයෝ විපතට පැමිණෙන ලදී. සෝත විඤ්ඤාණය විපතට පැමිණෙන ලදී. සෝත සම්ඵස්සය විපතට පැමිණෙන ලදී. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද විපතට පැමිණෙන ලදී. “මහණෙනි, නාසය විපතට පැමිණෙන ලදී. ගන්ධයෝ විපතට පැමිණෙන ලදී. ඝාණ විඤ්ඤාණය විපතට පැමිණෙන ලදී. ඝාණ සම්ඵස්සය විපතට පැමිණෙන ලදී. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද විපතට පැමිණෙන ලදී.
“මහණෙනි, දිව විපතට පැමිණෙන ලදී. රසයෝ විපතට පැමිණෙන ලදී. ජිව්හා විඤ්ඤාණය විපතට පැමිණෙන ලදී. ජිව්හා සම්ඵස්සය විපතට පැමිණෙන ලදී. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද විපතට පැමිණෙන ලදී. “මහණෙනි, කය විපතට පැමිණෙන ලදී. ස්පර්ශයෝ විපතට පැමිණෙන ලදී. කාය විඤ්ඤාණය විපතට පැමිණෙන ලදී. කාය සම්ඵස්සය විපතට පැමිණෙන ලදී. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද විපතට පැමිණෙන ලදී.
“මහණෙනි, සිත විපතට පැමිණෙන ලදී. ධර්මයෝ විපතට පැමිණෙන ලදී. මනෝ විඤ්ඤාණය විපතට පැමිණෙන ලදී. මනෝ සම්ඵස්සය විපතට පැමිණෙන ලදී. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද විපතට පැමිණෙන ලදී.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝත විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්ශය කෙරෙහිද කලකිරෙයි. කාය විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම සිත කෙරෙහිද කලකිරෙයි. ධර්මය කෙරෙහිද කලකිරෙයි. මනෝ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. “ජාතිය ක්ෂය විය. බ්රහ්මචර්ය්යාවෙහි වැස නිමවන ලද්දේය. කළ යුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැන ගණීය” යි (වදාළ සේක.)
පස්වෙනි අනිත්ය වර්ගය නිමි.
එහි උද්දානය:
අනිච්ච, දුක්ඛ, අනත්ත, අභිඤ්ඤෙය්ය, පරිඤ්ඤෙය්ය, පහාතබ්බ, සච්ඡිකාතබ්බ, අභිඤ්ඤෙය්ය-පරිඤ්ඤෙය්ය, උපද්දුත සහ උපසට්ඨ යන සූත්රයන්ගෙන් මේ වර්ගය කියනු ලැබේ.
පළමුවෙනි පඤ්ඤාසකය නිමි.
එහි වර්ග උද්දානය:
අනිච්චවග්ග, යමක, සබ්බවග්ග, ජාතිධම්ම සහ සබ්බානිච්ච වර්ගයෙන් පළමු පන්නාසකය කියනු ලැබේ.