1. 4. 3.
ව්‍යාධිධම්ම සූත්‍රය
35. මහණෙනි, සියල්ල ව්‍යාධිය (ලෙඩ වීම) ස්වභාව කොට ඇත්තේ ය. -පෙ-
1. 4. 4.
මරණධම්ම සූත්‍රය
36. මහණෙනි, සියල්ල මරණය ස්වභාව කොට ඇත්තේ ය. -පෙ-
1. 4. 5.
සෝකධම්ම සූත්‍රය
37. මහණෙනි, සියල්ල ශෝක වීම ස්වභාව කොට ඇත්තේ ය. -පෙ-
1. 4. 6.
සංකිලෙසධම්ම සූත්‍රය
38. මහණෙනි, සියල්ල කෙලෙසීම ස්වභාව කොට ඇත්තේ ය. -පෙ-
1. 4. 7.
ඛයධම්ම සූත්‍රය
39. මහණෙනි, සියල්ල ක්ෂය වීම ස්වභාව කොට ඇත්තේ ය. -පෙ-
1. 4. 8.
වයධම්ම සූත්‍රය
40. මහණෙනි, සියල්ල විනාශ වීම ස්වභාව කොට ඇත්තේ ය. -පෙ-
1. 4. 9.
සමුදයධම්ම සූත්‍රය
41. මහණෙනි, සියල්ල හටගැනීම ස්වභාව කොට ඇත්තේ ය. -පෙ-
1. 4. 10.
නිරෝධධම්ම සූත්‍රය
42. සැවැත්නුවර දී–
මහණෙනි, සියල්ල නිරුද්ධ වීම ස්වභාව කොට ඇත්තේ ය. මහණෙනි, කවර නම් සියල්ල නිරුද්ධ වීම ස්වභාව කොට ඇත්තේ ද? මහණෙනි, ඇස නිරුද්ධ වීම ස්වභාව කොට ඇත්තේ ය. රූපයෝ නිරුද්ධ වීම ස්වභාව කොට ඇත්තාහ. චක්ඛුවිඤ්ඤාණය නිරුද්ධ වීම ස්වභාව කොට ඇත්තේ ය. චක්ඛුසම්ඵස්සය නිරුද්ධ වීම ස්වභාව කොට ඇත්තේ ය. චක්ඛුසම්ඵස්සය නිසා සැප වූ හෝ දුක් වූ හෝ දුක් ද නොවූ සැප ද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදී ද, එය ද නිරුද්ධ වීම ස්වභාව කොට ඇත්තේ ය. කන -පෙ-
දිව නිරුද්ධ වීම ස්වභාව කොට ඇත්තේ ය. රසයෝ නිරුද්ධ වීම ස්වභාව කොට ඇත්තාහ. ජිව්හාවිඤ්ඤාණය නිරුද්ධ වීම ස්වභාව කොට ඇත්තේ ය. ජිව්හාසම්ඵස්සය නිරුද්ධ වීම ස්වභාව කොට ඇත්තේ ය. ජිව්හාසම්ඵස්සය නිසා සැප වූ හෝ දුක් වූ හෝ දුක් ද නොවූ සැප ද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදී ද, එය ද නිරුද්ධ වීම ස්වභාව කොට ඇත්තේ ය. කය -පෙ-
“මහණෙනි, සිත නිරුද්‍ධවීම ස්වභාවකොට ඇත්තේය. ධර්‍මයෝ නිරුද්‍ධවීම ස්වභාවකොට ඇත්තාහ. මනෝ විඤ්ඤාණය නිරුද්‍ධවීම ස්වභාවකොට ඇත්තේය. මනෝ සම්ඵස්සය නිරුද්‍ධවීම ස්වභාවකොට ඇත්තේය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද නිරුද්‍ධවීම ස්වභාවකොට ඇත්තේය.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝතවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝතසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝතසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශය කෙරෙහිද කලකිරෙයි. කායවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කායසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කායසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම සිත කෙරෙහිද කලකිරෙයි. ධර්‍මය කෙරෙහිද කලකිරෙයි. මනෝවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. “ජාතිය ක්‍ෂයවිය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. කළයුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළ යුතු අනිකක් නැතැයි දැන ගණීය” යි (වදාළ සේක.)
හතරවෙනි ජාති ධම්ම වර්‍ගය නිමි.
එහි උද්දානය:
ජාතිධම්ම, ජරාධම්ම, ව්‍යාධිධම්ම, මරණධම්ම, සෝකධම්ම, සංකිලෙසධම්ම, ඛයධම්ම, වයධම්ම, සමුදයධම්ම සහ නිරෝධධම්ම යන මේ සූත්‍ර දසයයි.