1. 4. 10.
නිරෝධධම්ම සූත්රය
42. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහණෙනි, සියල්ල නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය. කවර නම් සියල්ල නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේද? “මහණෙනි, ඇස නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය. රූපයෝ නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තාහ. චක්ඛු විඥානය නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය. චක්ඛු සම්ඵස්සය නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය. “මහණෙනි, කන නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය. ශබ්දයෝ නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තාහ. සෝත විඤ්ඤාණය නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය. සෝත සම්ඵස්සය නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය. “මහණෙනි, නාසය නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය. ගන්ධයෝ නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තාහ. ඝාණ විඤ්ඤාණය නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය. ඝාණ සම්ඵස්සය නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය.
“මහණෙනි, දිව නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය. රසයෝ නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තාහ. ජිව්හා විඤ්ඤාණය නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය. ජිව්හා සම්ඵස්සය නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය. “මහණෙනි, කය නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය. ස්පර්ශයෝ නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තාහ. කාය විඤ්ඤාණය නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය. කාය සම්ඵස්සය නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය.
“මහණෙනි, සිත නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය. ධර්මයෝ නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තාහ. මනෝ විඤ්ඤාණය නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය. මනෝ සම්ඵස්සය නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්ය ශ්රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්ය ශ්රාවක තෙම කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝතවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝතසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝතසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්ය ශ්රාවක තෙම නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්ය ශ්රාවක තෙම දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්ය ශ්රාවක තෙම කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්ශය කෙරෙහිද කලකිරෙයි. කායවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කායසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කායසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්ය ශ්රාවක තෙම සිත කෙරෙහිද කලකිරෙයි. ධර්මය කෙරෙහිද කලකිරෙයි. මනෝවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. “ජාතිය ක්ෂයවිය. බ්රහ්මචර්ය්යාවෙහි වැස නිමවන ලද්දේය. කළයුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළ යුතු අනිකක් නැතැයි දැන ගණීය” යි (වදාළ සේක.)
හතරවෙනි ජාති ධම්ම වර්ගය නිමි.
එහි උද්දානය:
ජාතිධම්ම, ජරාධම්ම, ව්යාධිධම්ම, මරණධම්ම, සෝකධම්ම, සංකිලෙසධම්ම, ඛයධම්ම, වයධම්ම, සමුදයධම්ම සහ නිරෝධධම්ම යන මේ සූත්ර දසයයි.
5. සබ්බනිච්ච වර්ගය
1. 5. 1.
අනිච්ච සූත්රය
43. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහණෙනි, සියල්ල අනිත්ය වෙයි. මහණෙනි, කවර නම් සියල්ලක් අනිත්යද? “මහණෙනි, ඇස අනිත්යය. රූපයෝ අනිත්යයෝය. චක්ඛු විඤ්ඤාණය අනිත්යය. චක්ඛු සම්ඵස්සය අනිත්යය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්යය. “මහණෙනි, කන අනිත්යය. ශබ්දයෝ අනිත්යයෝය. සෝත විඤ්ඤාණය අනිත්යය. සෝත සම්ඵස්සය අනිත්යය. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්යය. “මහණෙනි, නාසය අනිත්යය. ගන්ධයෝ අනිත්යයෝය. ඝාණ විඤ්ඤාණය අනිත්යය. ඝාණ සම්ඵස්සය අනිත්යය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්යය.
“මහණෙනි, දිව අනිත්යය. රසයෝ අනිත්යයහ. ජිව්හා විඤ්ඤාණය අනිත්යය. ජිව්හා සම්ඵස්සය අනිත්ය වේ. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්යය. “මහණෙනි, කය අනිත්යය. ස්පර්ශයෝ අනිත්යයෝය. කාය විඤ්ඤාණය අනිත්යය. කාය සම්ඵස්සය අනිත්යය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්යය.
“මහණෙනි, සිත අනිත්යය. ධර්මයෝ අනිත්යයෝය. මනෝ විඤ්ඤාණය අනිත්යය. මනෝ සම්ඵස්සය අනිත්යය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනිත්යය.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝත විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්ශය කෙරෙහිද කලකිරෙයි. කාය විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම සිත කෙරෙහිද කලකිරෙයි. ධර්මය කෙරෙහිද කලකිරෙයි. මනෝ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. “ජාතිය ක්ෂය විය. බ්රහ්මචර්ය්යාවෙහි වැස නිමවන ලද්දේය. කළ යුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැන ගණීය” යි (වදාළ සේක.)
1. 5. 2.
දුක්ඛ සූත්රය
44. “මහණෙනි, සියල්ල දුකය. මහණෙනි, කවර නම් සියල්ලක් දුකද? “මහණෙනි, ඇස දුකය. රූපයෝ දුකය. චක්ඛු විඤ්ඤාණය දුකය. චක්ඛු සම්ඵස්සය දුකය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය. “මහණෙනි, කන දුකය. ශබ්දයෝ දුකය. සෝත විඤ්ඤාණය දුකය. සෝත සම්ඵස්සය දුකය. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය. “මහණෙනි, නාසය දුකය. ගන්ධයෝ දුකය. ඝාණ විඤ්ඤාණය දුකය. ඝාණ සම්ඵස්සය දුකය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය. “මහණෙනි, දිව දුකය. රසයෝ දුකය. ජිව්හා විඤ්ඤාණය දුකය. ජිව්හා සම්ඵස්සය දුකය. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය. “මහණෙනි, කය දුකය. ස්පර්ශයෝ දුකය. කාය විඤ්ඤාණය දුකය. කාය සම්ඵස්සය දුකය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය. “මහණෙනි, සිත දුකය. ධර්මයෝ දුකය. මනෝ විඤ්ඤාණය දුකය. මනෝ සම්ඵස්සය දුකය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝත විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්ශය කෙරෙහිද කලකිරෙයි. කාය විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම සිත කෙරෙහිද කලකිරෙයි. ධර්මය කෙරෙහිද කලකිරෙයි. මනෝ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. “ජාතිය ක්ෂය විය. බ්රහ්මචර්ය්යාවෙහි වැස නිමවන ලද්දේය. කළ යුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැන ගණීය” යි (වදාළ සේක.)
1. 5. 3.
අනත්ත සූත්රය
45. “මහණෙනි, සියල්ල අනාත්මය. මහණෙනි, කවර නම් සියල්ලක් අනාත්මද? “මහණෙනි, ඇස අනාත්මය. රූපයෝ අනාත්මය. චක්ඛු විඤ්ඤාණය අනාත්මය. චක්ඛු සම්ඵස්සය අනාත්මය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්මය. “මහණෙනි, කන අනාත්මය. ශබ්දයෝ අනාත්මය. සෝත විඤ්ඤාණය අනාත්මය. සෝත සම්ඵස්සය අනාත්මය.සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්මය. “මහණෙනි, නාසය අනාත්මය. ගන්ධයෝ අනාත්මය. ඝාණ විඤ්ඤාණය අනාත්මය. ඝාණ සම්ඵස්සය අනාත්මය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්මය. “මහණෙනි, දිව අනාත්මය. රසයෝ අනාත්මය. ජිව්හා විඤ්ඤාණය අනාත්මය. ජිව්හා සම්ඵස්සය අනාත්මය. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්මය. “මහණෙනි, කය අනාත්මය. ස්පර්ශයෝ අනාත්මය. කාය විඤ්ඤාණය අනාත්මය. කාය සම්ඵස්සය අනාත්මය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්මය. “මහණෙනි, සිත අනාත්මය. ධර්මයෝ අනාත්මය. මනෝ විඤ්ඤාණය අනාත්මය. මනෝ සම්ඵස්සය අනාත්මය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අනාත්මය. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝත විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්ශය කෙරෙහිද කලකිරෙයි. කාය විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම සිත කෙරෙහිද කලකිරෙයි. ධර්මය කෙරෙහිද කලකිරෙයි. මනෝ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. “ජාතිය ක්ෂය විය. බ්රහ්මචර්ය්යාවෙහි වැස නිමවන ලද්දේය. කළ යුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැන ගණීය” යි (වදාළ සේක.)
1. 5. 4.
අභිඤ්ඤෙය්ය සූත්රය
46. “මහණෙනි, සියල්ල මනා නුවණින් දත යුතුයි. මහණෙනි, කවර නම් සියල්ලක් මනා නුවණින් දත යුතුද? “මහණෙනි, ඇස මනා නුවණින් දත යුතුයි. රූපයෝ මනා නුවණින් දත යුතුයි. චක්ඛු විඤ්ඤාණය මනා නුවණින් දත යුතුයි. චක්ඛු සම්ඵස්සය මනා නුවණින් දත යුතුයි. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මනා නුවණින් දත යුතුයි. “මහණෙනි, කන මනා නුවණින් දත යුතුයි. ශබ්දයෝ මනා නුවණින් දත යුතුයි. සෝත විඤ්ඤාණය මනා නුවණින් දත යුතුයි. සෝත සම්ඵස්සය මනා නුවණින් දත යුතුයි. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මනා නුවණින් දත යුතුයි. “මහණෙනි, නාසය මනා නුවණින් දත යුතුයි. ගන්ධයෝ මනා නුවණින් දත යුතුයි. ඝාණ විඤ්ඤාණය මනා නුවණින් දත යුතුයි. ඝාණ සම්ඵස්සය මනා නුවණින් දත යුතුයි. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මනා නුවණින් දත යුතුයි. “මහණෙනි, දිව මනා නුවණින් දත යුතුයි. රසයෝ මනා නුවණින් දත යුතුයි. ජිව්හා විඤ්ඤාණය මනා නුවණින් දත යුතුයි. ජිව්හා සම්ඵස්සය මනා නුවණින් දත යුතුයි. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මනා නුවණින් දත යුතුයි. “මහණෙනි, කය මනා නුවණින් දත යුතුයි. ස්පර්ශයෝ මනා නුවණින් දත යුතුයි. කාය විඤ්ඤාණය මනා නුවණින් දත යුතුයි. කාය සම්ඵස්සය මනා නුවණින් දත යුතුයි. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මනා නුවණින් දත යුතුයි. “මහණෙනි, සිත මනා නුවණින් දත යුතුයි. ධර්මයෝ මනා නුවණින් දත යුතුයි. මනෝ විඤ්ඤාණය මනා නුවණින් දත යුතුයි. මනෝ සම්ඵස්සය මනා නුවණින් දත යුතුයි. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද මනා නුවණින් දත යුතුයි. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝත විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්ශය කෙරෙහිද කලකිරෙයි. කාය විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම සිත කෙරෙහිද කලකිරෙයි. ධර්මය කෙරෙහිද කලකිරෙයි. මනෝ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. “ජාතිය ක්ෂය විය. බ්රහ්මචර්ය්යාවෙහි වැස නිමවන ලද්දේය. කළ යුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැන ගණීය” යි (වදාළ සේක.)