1. 4. 1.
ජාතිධම්ම සූත්‍රය
33. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහණෙනි, සියල්ල ඉපදීම ස්වභාවකොට ඇත්තේය. මහණෙනි, කවර නම් සියල්ල ඉපදීම ස්වභාවකොට ඇත්තේද? “මහණෙනි, ඇස ඉපදිම ස්වභාවකොට ඇත්තේය. රූපයෝ ඉපදිම ස්වභාවකොට ඇත්තාහ. චක්ඛු විඥානය ඉපදීම ස්වභාවකොට ඇත්තේය. චක්ඛු සම්ඵස්සය ඉපදීම ස්වභාවකොට ඇත්තේය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ඉපදීම ස්වභාවකොට ඇත්තේය.
“මහණෙනි, කන ඉපදිම ස්වභාවකොට ඇත්තේය. ශබ්දයෝ ඉපදිම ස්වභාවකොට ඇත්තාහ. සෝත විඤ්ඤාණය ඉපදීම ස්වභාවකොට ඇත්තේය. සෝත සම්ඵස්සය ඉපදීම ස්වභාවකොට ඇත්තේය. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ඉපදීම ස්වභාවකොට ඇත්තේය.
“මහණෙනි, නාසය ඉපදිම ස්වභාවකොට ඇත්තේය. ගන්ධයෝ ඉපදිම ස්වභාවකොට ඇත්තාහ. ඝාණ විඤ්ඤාණය ඉපදීම ස්වභාවකොට ඇත්තේය. ඝාණ සම්ඵස්සය ඉපදීම ස්වභාවකොට ඇත්තේය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ඉපදීම ස්වභාවකොට ඇත්තේය.
“මහණෙනි, දිව ඉපදිම ස්වභාවකොට ඇත්තේය. රසයෝ ඉපදිම ස්වභාවකොට ඇත්තාහ. ජිව්හා විඤ්ඤාණය ඉපදීම ස්වභාවකොට ඇත්තේය. ජිව්හා සම්ඵස්සය ඉපදීම ස්වභාවකොට ඇත්තේය. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ඉපදීම ස්වභාවකොට ඇත්තේය.
“මහණෙනි, කය ඉපදිම ස්වභාවකොට ඇත්තේය. ස්පර්ශයෝ ඉපදිම ස්වභාවකොට ඇත්තාහ. කාය විඤ්ඤාණය ඉපදීම ස්වභාවකොට ඇත්තේය. කාය සම්ඵස්සය ඉපදීම ස්වභාවකොට ඇත්තේය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ඉපදීම ස්වභාවකොට ඇත්තේය.
“මහණෙනි, සිත ඉපදිම ස්වභාවකොට ඇත්තේය. ධර්මයෝ ඉපදිම ස්වභාවකොට ඇත්තාහ. මනෝ විඤ්ඤාණය ඉපදීම ස්වභාවකොට ඇත්තේය. මනෝ සම්ඵස්සය ඉපදීම ස්වභාවකොට ඇත්තේය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද ඉපදීම ස්වභාවකොට ඇත්තේය.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝතවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝතසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝතසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්ශය කෙරෙහිද කලකිරෙයි. කායවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කායසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කායසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම සිත කෙරෙහිද කලකිරෙයි. ධර්මය කෙරෙහිද කලකිරෙයි. මනෝවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. “ජාතිය ක්ෂයවිය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. කළයුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළ යුතු අනිකක් නැතැයි දැන ගණීය” යි (වදාළ සේක.)
1. 4. 2.
ජරාධම්ම සූත්‍රය
34. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහණෙනි, සියල්ල දිරීම ස්වභාවකොට ඇත්තේය. කවර නම් සියල්ල දිරීම ස්වභාවකොට ඇත්තේද? “මහණෙනි, ඇස දිරීම ස්වභාවකොට ඇත්තේය. රූපයෝ දිරීම ස්වභාවකොට ඇත්තාහ. චක්ඛු විඥානය දිරීම ස්වභාවකොට ඇත්තේය. චක්ඛු සම්ඵස්සය දිරීම ස්වභාවකොට ඇත්තේය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දිරීම ස්වභාවකොට ඇත්තේය. “මහණෙනි, කන දිරීම ස්වභාවකොට ඇත්තේය. ශබ්දයෝ දිරීම ස්වභාවකොට ඇත්තාහ. සෝත විඤ්ඤාණය දිරීම ස්වභාවකොට ඇත්තේය. සෝත සම්ඵස්සය දිරීම ස්වභාවකොට ඇත්තේය. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දිරීම ස්වභාවකොට ඇත්තේය. “මහණෙනි, නාසය දිරීම ස්වභාවකොට ඇත්තේය. ගන්ධයෝ දිරීම ස්වභාවකොට ඇත්තාහ. ඝාණ විඤ්ඤාණය දිරීම ස්වභාවකොට ඇත්තේය. ඝාණ සම්ඵස්සය දිරීම ස්වභාවකොට ඇත්තේය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දිරීම ස්වභාවකොට ඇත්තේය. “මහණෙනි, දිව දිරීම ස්වභාවකොට ඇත්තේය. රසයෝ දිරීම ස්වභාවකොට ඇත්තාහ. ජිව්හා විඤ්ඤාණය දිරීම ස්වභාවකොට ඇත්තේය. ජිව්හා සම්ඵස්සය දිරීම ස්වභාවකොට ඇත්තේය. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දිරීම ස්වභාවකොට ඇත්තේය. “මහණෙනි, කය දිරීම ස්වභාවකොට ඇත්තේය. ස්පර්ශයෝ දිරීම ස්වභාවකොට ඇත්තාහ. කාය විඤ්ඤාණය දිරීම ස්වභාවකොට ඇත්තේය. කාය සම්ඵස්සය දිරීම ස්වභාවකොට ඇත්තේය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දිරීම ස්වභාවකොට ඇත්තේය. “මහණෙනි, සිත දිරීම ස්වභාවකොට ඇත්තේය. ධර්මයෝ දිරීම ස්වභාවකොට ඇත්තාහ. මනෝ විඤ්ඤාණය දිරීම ස්වභාවකොට ඇත්තේය. මනෝ සම්ඵස්සය දිරීම ස්වභාවකොට ඇත්තේය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දිරීම ස්වභාවකොට ඇත්තේය. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝතවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝතසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝතසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්ශය කෙරෙහිද කලකිරෙයි. කායවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කායසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කායසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම සිත කෙරෙහිද කලකිරෙයි. ධර්මය කෙරෙහිද කලකිරෙයි. මනෝවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්ෂා වේදනාවක් හෝ උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. “ජාතිය ක්ෂයවිය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. කළයුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළ යුතු අනිකක් නැතැයි දැන ගණීය” යි (වදාළ සේක.)
1. 4. 3.
ව්‍යාධිධම්ම සූත්‍රය
35. මහණෙනි, සියල්ල ව්‍යාධිය (ලෙඩ වීම) ස්වභාව කොට ඇත්තේ ය. -පෙ-
1. 4. 4.
මරණධම්ම සූත්‍රය
36. මහණෙනි, සියල්ල මරණය ස්වභාව කොට ඇත්තේ ය. -පෙ-
1. 4. 5.
සෝකධම්ම සූත්‍රය
37. මහණෙනි, සියල්ල ශෝක වීම ස්වභාව කොට ඇත්තේ ය. -පෙ-
1. 4. 6.
සංකිලෙසධම්ම සූත්‍රය
38. මහණෙනි, සියල්ල කෙලෙසීම ස්වභාව කොට ඇත්තේ ය. -පෙ-
1. 4. 7.
ඛයධම්ම සූත්‍රය
39. මහණෙනි, සියල්ල ක්ෂය වීම ස්වභාව කොට ඇත්තේ ය. -පෙ-
1. 4. 8.
වයධම්ම සූත්‍රය
40. මහණෙනි, සියල්ල විනාශ වීම ස්වභාව කොට ඇත්තේ ය. -පෙ-
1. 4. 9.
සමුදයධම්ම සූත්‍රය
41. මහණෙනි, සියල්ල හටගැනීම ස්වභාව කොට ඇත්තේ ය. -පෙ-