1. 3. 6.
ආදිත්තපරියාය සූත්‍රය
28. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ ගයා ශීර්‍ෂයෙහි භික්‍ෂූන් දහසක් හා සමග වාසය කරන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට ඇමන්ත්‍රණය කළ සේක.
“මහණෙනි, සියල්ල ඇවිලගන්නා ලද්දේ වෙයි. මහණෙනි, කවර නම් සියල්ලක් ඇවිලගන්නා ලද්දේ වේද? “මහණෙනි, ඇස ඇවිලගන්නා ලද්දේ වෙයි. රූපයෝ ඇවිලගන්නා ලද්දාහ. චක්ඛු විඤ්ඤාණය ඇවිලගන්නා ලද්දේ වෙයි. චක්ඛු සම්ඵස්සය ඇවිලගන්නා ලද්දේ වෙයි. චක්ඛු සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද ඇවිලගන්නා ලද්දේ වෙයි. කුමකින් ඇවිල ගන්නා ලදද යත්? රාග ගින්නෙන්, ද්වේෂ ගින්නෙන්, මෝහ ගින්නෙන්, ඇවිල ගන්නා ලදී. ජාතියෙන්, ජරා, මරණයෙන් ඇවිල ගන්නා ලදී. ශෝකයෙන්, හැඬීමෙන්, දුකින්, දොම්නසින්, දැඩිවූ වෙහෙසින් ඇවිල ගන්නා ලද්දේයයි කියමි.
“මහණෙනි, කන ඇවිලගන්නා ලද්දේ වෙයි. ශබ්දයෝ ඇවිලගන්නා ලද්දාහ. සෝත විඤ්ඤාණය ඇවිලගන්නා ලද්දේ වෙයි. සෝත සම්ඵස්සය ඇවිලගන්නා ලද්දේ වෙයි. සෝත සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද ඇවිලගන්නා ලද්දේ වෙයි. කුමකින් ඇවිල ගන්නා ලදද යත්? රාග ගින්නෙන්, ද්වේෂ ගින්නෙන්, මෝහ ගින්නෙන්, ඇවිල ගන්නා ලදී. ජාතියෙන්, ජරා, මරණයෙන් ඇවිල ගන්නා ලදී. ශෝකයෙන්, හැඬීමෙන්, දුකින්, දොම්නසින්, දැඩිවූ වෙහෙසින් ඇවිල ගන්නා ලද්දේයයි කියමි.
“මහණෙනි, නාසය ඇවිලගන්නා ලදී. ගන්‍ධයෝ ඇවිලගන්නා ලද්දාහ. ඝාණ විඤ්ඤාණය ඇවිලගන්නා ලද්දේ වෙයි. ඝාණ සම්ඵස්සය ඇවිලගන්නා ලද්දේ වෙයි. ඝාණ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද ඇවිලගන්නා ලද්දේ වෙයි. කුමකින් ඇවිල ගන්නා ලදද යත්? රාග ගින්නෙන්, ද්වේෂ ගින්නෙන්, මෝහ ගින්නෙන්, ඇවිල ගන්නා ලදී. ජාතියෙන්, ජරා, මරණයෙන් ඇවිල ගන්නා ලදී. ශෝකයෙන්, හැඬීමෙන්, දුකින්, දොම්නසින්, දැඩිවූ වෙහෙසින් ඇවිල ගන්නා ලද්දේයයි කියමි.
“මහණෙනි, දිව ඇවිලගන්නා ලදී. රසයෝ ඇවිලගන්නා ලද්දාහ. ජිව්හා විඤ්ඤාණය ඇවිලගන්නා ලදී. ජිව්හා සම්ඵස්සය ඇවිලගන්නා ලද්දේය. ජිව්හා සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද ඇවිලගන්නා ලද්දේ වෙයි. කුමකින් ඇවිල ගන්නා ලදද යත්? රාග ගින්නෙන්, ද්වේෂ ගින්නෙන්, මෝහ ගින්නෙන්, ඇවිල ගන්නා ලදී. ජාතියෙන්, ජරා, මරණයෙන් ඇවිල ගන්නා ලදී. ශෝකයෙන්, හැඬීමෙන්, දුකින්, දොම්නසින්, දැඩිවූ වෙහෙසින් ඇවිල ගන්නා ලද්දේයයි කියමි.
“මහණෙනි, කය ඇවිලගන්නා ලද්දේ වෙයි. ස්පර්‍ශයෝ ඇවිලගන්නා ලද්දාහ. කාය විඤ්ඤාණය ඇවිලගන්නා ලද්දේ වෙයි. කාය සම්ඵස්සය ඇවිලගන්නා ලද්දේ වෙයි. කාය සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද ඇවිලගන්නා ලද්දේ වෙයි. කුමකින් ඇවිල ගන්නා ලදද යත්? රාග ගින්නෙන්, ද්වේෂ ගින්නෙන්, මෝහ ගින්නෙන්, ඇවිල ගන්නා ලදී. ජාතියෙන්, ජරා, මරණයෙන් ඇවිල ගන්නා ලදී. ශෝකයෙන්, හැඬීමෙන්, දුකින්, දොම්නසින්, දැඩිවූ වෙහෙසින් ඇවිල ගන්නා ලද්දේයයි කියමි.
“මහණෙනි, සිත ඇවිලගන්නා ලද්දේ වෙයි. ධර්‍මයෝ ඇවිලගන්නා ලද්දාහ. මනෝවිඤ්ඤාණය ඇවිලගන්නා ලද්දේ වෙයි. මනෝ සම්ඵස්සය ඇවිලගන්නා ලද්දේ වෙයි. මනෝ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ අදුක්ඛමසුඛ වේදනාවක් හෝ උපදීද, එයද ඇවිලගන්නා ලද්දේ වෙයි. කුමකින් ඇවිල ගන්නා ලදද යත්? රාග ගින්නෙන්, ද්වේෂ ගින්නෙන්, මෝහ ගින්නෙන්, ඇවිල ගන්නා ලදී. ජාතියෙන්, ජරා, මරණයෙන් ඇවිල ගන්නා ලදී. ශෝකයෙන්, හැඬීමෙන්, දුකින්, දොම්නසින්, දැඩිවූ වෙහෙසින් ඇවිල ගන්නා ලද්දේයයි කියමි.
“මහණෙනි, මෙසේ දක්නා ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එහිද කලකිරෙයි. “මහණෙනි, මෙසේ දක්නා ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම කන කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝතවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝතසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝතසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එහිද කලකිරෙයි. “මහණෙනි, මෙසේ දක්නා ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එහිද කලකිරෙයි. “මහණෙනි, මෙසේ දක්නා ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හාසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එහිද කලකිරෙයි. “මහණෙනි, මෙසේ දක්නා ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශය කෙරෙහිද කලකිරෙයි. කායවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කායසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කායසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එහිද කලකිරෙයි. “මහණෙනි, මෙසේ දක්නා ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම සිත කෙරෙහිද කලකිරෙයි. ධර්‍මය කෙරෙහිද කලකිරෙයි. මනෝවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනෝසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනෝසම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, ඒ වේදනාව කෙරෙහිද කලකිරෙයි.