1. 2. 9.
උප්පාද සූත්රය
21. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, ඇසේ යම් ඉපදීමක්, පැවතීමක්, පහළවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම, ජරා මරණයන්ගේ පහළවීම වේ." “කනෙහි යම් ඉපදීමක්, පැවතීමක්, පහළවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම, ජරා මරණයන්ගේ පහළවීම වේ." “නාසයේ යම් ඉපදීමක්, පැවතීමක්, පහළවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම, ජරා මරණයන්ගේ පහළවීම වේ." “දිවේ යම් ඉපදීමක්, පැවතීමක්, පහළවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම, ජරා මරණයන්ගේ පහළවීම වේ." “කයේ යම් ඉපදීමක්, පැවතීමක්, පහළවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම, ජරා මරණයන්ගේ පහළවීම වේ." “සිතේ යම් ඉපදීමක්, පැවතීමක්, පහළවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම, ජරා මරණයන්ගේ පහළවීම වේ."
“මහණෙනි, ඇසේ යම් නිරුද්ධවීමක්, සංසිඳීමක්, විනාශවීමක් වේද, එය දුක්ඛයාගේ නිරුද්ධවීම, රෝගයන්ගේ සංසිඳීම, ජරා මරණයන්ගේ විනාශවීම වේ. කනෙහි යම් නිරුද්ධවීමක්, සංසිඳීමක්, විනාශවීමක් වේද, එය දුක්ඛයාගේ නිරුද්ධවීම, රෝගයන්ගේ සංසිඳීම, ජරා මරණයන්ගේ විනාශවීම වේ. නාසයේ යම් නිරුද්ධවීමක්, සංසිඳීමක්, විනාශවීමක් වේද, එය දුක්ඛයාගේ නිරුද්ධවීම, රෝගයන්ගේ සංසිඳීම, ජරා මරණයන්ගේ විනාශවීම වේ. දිවේ යම් නිරුද්ධවීමක්, සංසිඳීමක්, විනාශවීමක් වේද, එය දුක්ඛයාගේ නිරුද්ධවීම, රෝගයන්ගේ සංසිඳීම, ජරා මරණයන්ගේ විනාශවීම වේ. කයේ යම් නිරුද්ධවීමක්, සංසිඳීමක්, විනාශවීමක් වේද, එය දුක්ඛයාගේ නිරුද්ධවීම, රෝගයන්ගේ සංසිඳීම, ජරා මරණයන්ගේ විනාශවීම වේ. සිතේ යම් නිරෝධයක්, සංසිඳීමක්, විනාශවීමක් වේද, එය දුක්ඛයාගේ නිරෝධය, රෝගයන්ගේ සංසිඳීම, ජරා මරණයන්ගේ විනාශවීම වේ” යයි (වදාළ සේක.)
1. 2. 10.
දුතිය උප්පාද සූත්රය
22. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, රූපයන්ගේ යම් උත්පාදයක්, පැවැත්මක්, පහළවීමක් වේද, එය දුක්ඛයාගේ උත්පත්තිය, රෝගයන්ගේ පැවැත්ම, ජරා මරණයන්ගේ පහළවීම වේ. ශබ්දයන්ගේ යම් උත්පාදයක්, පැවැත්මක්, පහළවීමක් වේද, එය දුක්ඛයාගේ උත්පත්තිය, රෝගයන්ගේ පැවැත්ම, ජරා මරණයන්ගේ පහළවීම වේ. ගන්ධයන්ගේ යම් උත්පාදයක්, පැවැත්මක්, පහළවීමක් වේද, එය දුක්ඛයාගේ උත්පත්තිය, රෝගයන්ගේ පැවැත්ම, ජරා මරණයන්ගේ පහළවීම වේ. රසයන්ගේ යම් උත්පාදයක්, පැවැත්මක්, පහළවීමක් වේද, එය දුක්ඛයාගේ උත්පත්තිය, රෝගයන්ගේ පැවැත්ම, ජරා මරණයන්ගේ පහළවීම වේ. ස්පර්ශයන්ගේ යම් උත්පාදයක්, පැවැත්මක්, පහළවීමක් වේද, එය දුක්ඛයාගේ උත්පත්තිය, රෝගයන්ගේ පැවැත්ම, ජරා මරණයන්ගේ පහළවීම වේ. ධර්මයන්ගේ යම් උත්පාදයක්, පැවැත්මක්, පහළවීමක් වේද, එය දුක්ඛයාගේ උත්පත්තිය, රෝගයන්ගේ පැවැත්ම, ජරා මරණයන්ගේ පහළවීම වේ.”
“මහණෙනි, රූපයන්ගේ යම් නිරෝධයක්, සංසිඳීමක්, විනාශයක් වේද, එය දුක්ඛයාගේ නිරෝධය, රෝගයන්ගේ සංසිඳීම, ජරා මරණයන්ගේ විනාශය වේ. ශබ්දයන්ගේ යම් නිරෝධයක්, සංසිඳීමක්, විනාශයක් වේද, එය දුක්ඛයාගේ නිරෝධය, රෝගයන්ගේ සංසිඳීම, ජරා මරණයන්ගේ විනාශය වේ. ගන්ධයන්ගේ යම් නිරෝධයක්, සංසිඳීමක්, විනාශයක් වේද, එය දුක්ඛයාගේ නිරෝධය, රෝගයන්ගේ සංසිඳීම, ජරා මරණයන්ගේ විනාශය වේ. රසයන්ගේ යම් නිරෝධයක්, සංසිඳීමක්, විනාශයක් වේද, එය දුක්ඛයාගේ නිරෝධය, රෝගයන්ගේ සංසිඳීම, ජරා මරණයන්ගේ විනාශය වේ. ස්පර්ශයන්ගේ යම් නිරෝධයක්, සංසිඳීමක්, විනාශයක් වේද, එය දුක්ඛයාගේ නිරෝධය, රෝගයන්ගේ සංසිඳීම, ජරා මරණයන්ගේ විනාශය වේ. ධර්මයන්ගේ යම් නිරෝධයක්, සංසිඳීමක්, විනාශයක් වේද, එය දුක්ඛයාගේ නිරෝධය, රෝගයන්ගේ සංසිඳීම, ජරා මරණයන්ගේ විනාශය වේ” යයි (වදාළ සේක.)
දෙවෙනි යමක වර්ගය නිමි.
එහි උද්දානය:
සම්බෝධයෙන් සූත්ර දෙකක් ද, ආශ්වාදයෙන් සූත්ර දෙකක් ද, නො චෙ යනුවෙන් සූත්ර දෙකක් ද, අභිනන්දයෙන් සූත්ර දෙකක් ද, උප්පාදයෙන් සූත්ර දෙකක් ද (මෙහි) කියන ලදී. එයිනි මේ වර්ගය කියනු ලැබේ.
3. සබ්බ වර්ගය
1. 3. 1.
සබ්බ සූත්රය
23. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. එකල්හි වනාහි භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහණෙනි, නුඹලාට සියල්ල දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, සියල්ල කවරේදයත්? ඇසද, රූපයෝද, කනද, ශබ්දයෝද, නාසයද, ගන්ධයෝද, දිවද, රසයෝද, කයද, ස්පර්ශයෝද. සිතද, ධර්මයෝද, මහණෙනි, මේ සියල්ලයයි කියනු ලැබේ.
“මහණෙනි, යමෙක් ‘මම මෙම සියල්ල හැර අන්යවූ සියල්ලක් පණවන්නෙමියි මෙසේ කියන්නේද, ඔහුගේ ඒ කීම වචන මාත්රයක්ම වන්නේය. (අනික් සියල්ලක් ඇද්දැයි විචාරණ විට, මේනම් අන්ය සියල්ලයයි වචනයෙන් පැමිණීමට නොහැකි වන්නේය. වඩාත් වෙහෙසට පැමිණෙන්නේය.) ඊට හේතු කවරේද? මහණෙනි, විෂය නොවන හෙයිනි” යි (වදාළ සේක).
1. 3. 2.
ප්රහාණ සූත්රය
24. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. එකල්හි වනාහි භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහණෙනි, සියල්ල පහකිරීම පිණිස තොපට ධර්ම දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, සියල්ල පහකිරීම පිණිසවූ ධර්මය කවරේද? “මහණෙනි, ඇස දුරු කටයුතුයි. රූපයෝ දුරු කටයුත්තාහ. චක්ඛු විඤ්ඤාණය දුරු කටයුතුයි. චක්ඛු සම්ඵස්සය දුරු කටයුතුයි. චක්ඛු සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, සැපද නොවූ, දුක්ද නොවූ වේදනාවක් හෝ උපදීද, එයද දුරු කටයුතුයි. “මහණෙනි, කන දුරු කටයුතුයි. ශබ්දයෝ දුරු කටයුත්තාහ. සෝත විඤ්ඤාණය දුරු කටයුතුයි. සෝත සම්ඵස්සය දුරු කටයුතුයි. සෝත සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, සැපද නොවූ, දුක්ද නොවූ වේදනාවක් හෝ උපදීද, එයද දුරු කටයුතුයි. “මහණෙනි, නාසය දුරු කටයුතුයි. ගන්ධයෝ දුරු කටයුත්තාහ. ඝාණ විඤ්ඤාණය දුරු කටයුතුයි. ඝාණ සම්ඵස්සය දුරු කටයුතුයි. ඝාණ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, සැපද නොවූ, දුක්ද නොවූ වේදනාවක් හෝ උපදීද, එයද දුරු කටයුතුයි.
“මහණෙනි, දිව දුරු කටයුතුයි. රසයෝ දුරු කටයුත්තාහ. ජිව්හා විඤ්ඤාණය දුරු කටයුතුයි. ජිව්හා සම්ඵස්සය දුරු කටයුතුයි. ජිව්හා සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, සැපද නොවූ, දුක්ද නොවූ වේදනාවක් හෝ උපදීද, එයද දුරු කටයුතුයි. “මහණෙනි, කය දුරු කටයුත්තාහ. ස්පර්ශයෝ දුරු කටයුත්තාහ. කාය විඤ්ඤාණය දුරු කටයුතුයි. කාය සම්ඵස්සය දුරු කටයුතුයි. කාය සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, සැපද නොවූ, දුක්ද නොවූ වේදනාවක් හෝ උපදීද, එයද දුරු කටයුතුයි.
“මහණෙනි, සිත දුරු කටයුතුයි. ධර්මයෝ දුරු කටයුත්තාහ. මනෝ විඤ්ඤාණය දුරු කටයුතුයි. මනෝ සම්ඵස්සය දුරු කටයුතුයි. මනෝ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, සැපද නොවූ, දුක්ද නොවූ වේදනාවක් හෝ උපදීද, එයද දුරු කටයුතුයි. මහණෙනි, මේ වනාහි සියල්ල දුරුකිරීම පිණිසවූ ධර්මය වේය” යි (වදාළ සේක.)