1. 17. 19.
19. අතීතානිච්ච සූත්‍රය
186. “මහණෙනි, අතීතවූ ඇස අනිත්‍යය. අතීතවූ කන අනිත්‍යය. අතීතවූ නාසය අනිත්‍යය. අතීතවූ දිව අනිත්‍යය. අතීතවූ කය අනිත්‍යය. අතීතවූ සිත අනිත්‍යය. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙම ඇස කෙරෙහිද කලකිරෙයි. කන කෙරෙහිද කලකිරෙයි. නාසය කෙරෙහිද කලකිරෙයි. දිව කෙරෙහිද කලකිරෙයි. කය කෙරෙහිද කලකිරෙයි. සිත කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. ජාතිය ක්ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. සතරමගින් කලයුත්ත කරන ලදී. මෙයින් අන්‍යවූ ආත්මයක් නැතැයි දැනගනීයයි, (වදාළේය.)
1. 17. 20.
20. අනාගතානිච්ච සූත්‍රය
187. “මහණෙනි, අනාගත ඇස අනිත්‍යය. අනාගත කන අනිත්‍යය. අනාගත නාසය අනිත්‍යය. අනාගත දිව අනිත්‍යය. අනාගත කය අනිත්‍යය. අනාගත සිත අනිත්‍යය. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙම ඇස කෙරෙහිද කලකිරෙයි. කන කෙරෙහිද කලකිරෙයි. නාසය කෙරෙහිද කලකිරෙයි. දිව කෙරෙහිද කලකිරෙයි. කය කෙරෙහිද කලකිරෙයි. සිත කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. ජාතිය ක්ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. සතරමගින් කලයුත්ත කරන ලදී. මෙයින් අන්‍යවූ ආත්මයක් නැතැයි දැනගනීයයි, (වදාළේය.)
1. 17. 21.
21. පච්චුප්පන්නානිච්ච සූත්‍රය
188. “මහණෙනි, වර්තමාන ඇස අනිත්‍යය. වර්තමාන කන අනිත්‍යය. වර්තමාන නාසය අනිත්‍යය. වර්තමාන දිව අනිත්‍යය. වර්තමාන කය අනිත්‍යය. වර්තමාන සිත අනිත්‍යය. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙම ඇස කෙරෙහිද කලකිරෙයි. කන කෙරෙහිද කලකිරෙයි. නාසය කෙරෙහිද කලකිරෙයි. දිව කෙරෙහිද කලකිරෙයි. කය කෙරෙහිද කලකිරෙයි. සිත කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. ජාතිය ක්ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. සතරමගින් කලයුත්ත කරන ලදී. මෙයින් අන්‍යවූ ආත්මයක් නැතැයි දැනගනීයයි, (වදාළේය.)
1. 17. 22-24.
22-24. අජ්ඣත්තාතීතාදිදුක්ඛ සූත්‍ර
189-191. “මහණෙනි, අතීත, අනාගත, වර්තමාන ඇස දුකය. අතීත, අනාගත, වර්තමාන කන දුකය. අතීත, අනාගත, වර්තමාන නාසය දුකය. අතීත, අනාගත, වර්තමාන දිව දුකය. අතීත, අනාගත, වර්තමාන කය දුකය. අතීත, අනාගත, වර්තමාන සිත දුකය. මහණෙනි, මෙසේ දකින ශ්‍රුතවත් ආර්යශ්රාවකයා ඇස කෙරෙහිද කලකිරෙයි -පෙ- මෙයින් මතු මේ (රහත් බව) පිණිස කළ යුතු අනෙකක් නැතැයි දැනගනියි.”
1. 17. 25-27.
අතීතානත්ත, අනාගතානත්ත, පච්චුප්පන්නානත්ත සූත්‍ර
192-194. “මහණෙනි, අතීත, අනාගත, වර්තමාන ඇස අනාත්මය. අතීත, අනාගත, වර්තමාන කන අනාත්මය. අතීත, අනාගත, වර්තමාන නාසය අනාත්මය. අතීත, අනාගත, වර්තමාන දිව අනාත්මය. අතීත, අනාගත, වර්තමාන කය අනාත්මය. අතීත, අනාගත, වර්තමාන සිත අනාත්මය. මහණෙනි, මෙසේ දකින ශ්‍රුතවත් ආර්යශ්රාවකයා ඇස කෙරෙහිද කලකිරෙයි -පෙ- මෙයින් මතු මේ (රහත් බව) පිණිස කළ යුතු අනෙකක් නැතැයි දැනගනියි.”
1. 17. 28-30.
බාහිර අතීතානිච්ච, බාහිර අනාගතානිච්ච, බාහිර පච්චුප්පන්නානිච්ච සූත්‍ර
195-197. “මහණෙනි, අතීත, අනාගත, වර්තමාන රූප අනිත්‍යය. අතීත, අනාගත, වර්තමාන ශබ්ද අනිත්‍යය. අතීත, අනාගත, වර්තමාන ගන්ධ අනිත්‍යය. අතීත, අනාගත, වර්තමාන රස අනිත්‍යය. අතීත, අනාගත, වර්තමාන පහස් (ඵොට්ඨබ්බ) අනිත්‍යය. අතීත, අනාගත, වර්තමාන ධර්ම අනිත්‍යය. මහණෙනි, මෙසේ දකින ශ්‍රුතවත් ආර්යශ්රාවකයා රූප කෙරෙහිද කලකිරෙයි, ශබ්ද කෙරෙහිද කලකිරෙයි, ගන්ධ කෙරෙහිද කලකිරෙයි, රස කෙරෙහිද කලකිරෙයි, පහස් කෙරෙහිද කලකිරෙයි, ධර්ම කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන ඥානය ඇති වෙයි. ඉපදීම ක්ෂය විය, බඹසර වැස නිම කරන ලදී, කළ යුත්ත කරන ලදී, මෙයින් මතු මේ (රහත් බව) පිණිස කළ යුතු අනෙකක් නැතැයි දැනගනියි.”
1. 17. 31-33.
බාහිර අතීතදුක්ඛ, බාහිර අනාගතදුක්ඛ, බාහිර පච්චුප්පන්නදුක්ඛ සූත්‍ර
198-200. “මහණෙනි, අතීත, අනාගත, වර්තමාන රූප දුකය. අතීත, අනාගත, වර්තමාන ශබ්ද දුකය. අතීත, අනාගත, වර්තමාන ගන්ධ දුකය. අතීත, අනාගත, වර්තමාන රස දුකය. අතීත, අනාගත, වර්තමාන පහස් (ඵොට්ඨබ්බ) දුකය. අතීත, අනාගත, වර්තමාන ධර්ම දුකය. මහණෙනි, මෙසේ දකින ශ්‍රුතවත් ආර්යශ්රාවකයා රූප කෙරෙහිද කලකිරෙයි -පෙ- මෙයින් මතු මේ (රහත් බව) පිණිස කළ යුතු අනෙකක් නැතැයි දැනගනියි.”
1. 17. 34-36.
බාහිර අතීතානත්ත, බාහිර අනාගතානත්ත, බාහිර පච්චුප්පන්නානත්ත සූත්‍ර
201-203. “මහණෙනි, අතීත, අනාගත, වර්තමාන රූප අනාත්මය. අතීත, අනාගත, වර්තමාන ශබ්ද අනාත්මය. අතීත, අනාගත, වර්තමාන ගන්ධ අනාත්මය. අතීත, අනාගත, වර්තමාන රස අනාත්මය. අතීත, අනාගත, වර්තමාන පහස් (ඵොට්ඨබ්බ) අනාත්මය. අතීත, අනාගත, වර්තමාන ධර්ම අනාත්මය. මහණෙනි, මෙසේ දකින ශ්‍රුතවත් ආර්යශ්රාවකයා රූප කෙරෙහිද කලකිරෙයි -පෙ- මෙයින් මතු මේ (රහත් බව) පිණිස කළ යුතු අනෙකක් නැතැයි දැනගනියි.”