1. 17. 58.
බාහිරායතන අනිච්‌ච සූත්‍රය
225. “මහණෙනි, රූපයෝ අනිත්‍යයහ. ශබ්දයෝ අනිත්‍යයහ. ගන්‍ධයෝ අනිත්‍යයහ. රසයෝ අනිත්‍යයහ. ස්පර්‍ශයෝ අනිත්‍යයහ. ධර්‍මයෝ අනිත්‍යයහ. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙම රූපයන්හිද කලකිරෙයි. ශබ්දයන් කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධයන් කෙරෙහිද කලකිරෙයි. රසයන් කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශයන් කෙරෙහිද කලකිරෙයි. ධර්‍මයන් කෙරෙහිද කලකිරෙයි. කලකිරෙමින් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලද්දේය. සතරමගින් කටයුතුදෙය කරන ලදී. මෙයින් අන්‍යවූ ආත්මයක් නැතැයි දැනගනීයයි, (වදාළේය.)
1. 17. 59.
බාහිරායතන දුක්‌ඛ සූත්‍රය
226. “මහණෙනි, රූපයෝ දුක්යහ. ශබ්දයෝ දුක්යහ. ගන්‍ධයෝ දුක්යහ. රසයෝ දුක්යහ. ස්පර්‍ශයෝ දුක්යහ. ධර්‍මයෝ දුක්යහ. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙම රූපයන්හිද කලකිරෙයි. ශබ්දයන් කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධයන් කෙරෙහිද කලකිරෙයි. රසයන් කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශයන් කෙරෙහිද කලකිරෙයි. ධර්‍මයන් කෙරෙහිද කලකිරෙයි. කලකිරෙමින් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලද්දේය. සතරමගින් කටයුතුදෙය කරන ලදී. මෙයින් අන්‍යවූ ආත්මයක් නැතැයි දැනගනීයයි, (වදාළේය.)
1. 17. 60.
බාහිරායතන අනත්‌ත සූත්‍රය
227. “මහණෙනි, රූපයෝ අනාත්මයහ. ශබ්දයෝ අනාත්මයහ. ගන්‍ධයෝ අනාත්මයහ. රසයෝ අනාත්මයහ. ස්පර්‍ශයෝ අනාත්මයහ. ධර්‍මයෝ අනාත්මයහ. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙම රූපයන්හිද කලකිරෙයි. ශබ්දයන් කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධයන් කෙරෙහිද කලකිරෙයි. රසයන් කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශයන් කෙරෙහිද කලකිරෙයි. ධර්‍මයන් කෙරෙහිද කලකිරෙයි. කලකිරෙමින් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලද්දේය. සතරමගින් කටයුතුදෙය කරන ලදී. මෙයින් අන්‍යවූ ආත්මයක් නැතැයි දැනගනීයයි, (වදාළේය.)
පෙය්‍යාල සැට නිමි.
එහි උදානය:
ඡන්දයෙන් දහඅටක් ද, අතීතයෙන් දෙ නවයක් ද, යදනිච්ච වශයෙන් දහඅටක් ද වදාරන ලදී. අජ්ඣත්ත හා බාහිර වශයෙන් තුන බැගින් ද වේ. මෙසේ ආදිච්චබන්ධු වූ බුදුරජාණන් වහන්සේ විසින් සැටක් වූ පෙය්‍යාලය වදාරන ලදී.
18. සමුද්ද වර්‍ගය
1. 18. 1.
සමුද්‌ද සූත්‍රය
228. “මහණෙනි, සමුද්‍රය සමුද්‍රයයි අශ්‍රුතවත් පෘථග්ජන තෙම කියයි. මහණෙනි, මෙය ආර්‍ය්‍ය විනයෙහි සමුද්‍රය නොවේ. මහණෙනි මෙය මහත් දිය රාශියෙකි. මහත් ජලයකි. “මහණෙනි, ඇස පුරුෂයාට සමුද්‍රය වේ. එහි රූපයන්ගෙන් හටගත් රළ වේගය වේ. යමෙක් ඒ රූපයන්ගෙන් හටගත් රළවේගය (රාගාදී ක්ලේශයන්ගෙන් වෙන්ව) ඉවසාද; මහණෙනි, හෙතෙම කෙලෙස් නමැති රළවේග සහිතවූ, කෙලෙස් දියසුළි සහිතවූ, කෙලෙස් නමැති අල්වාගන්නා සතුන් ඇති, කෙලෙස් රකුසන් සහිතවූ ඇස නමැති සමුද්‍රය තරණය කෙළේය. තරණය කළාවූ පරතෙරට ගියාවූ බ්‍රාහ්මණතෙම ගොඩබිම සිටීයයි කියනු ලැබේ.
“මහණෙනි, කන පුරුෂයාට සමුද්‍රය වේ. එහි ශබ්දයන්ගෙන් හටගත් රළ වේගය වේ. යමෙක් ඒ ශබ්දයන්ගෙන් හටගත් රළවේගය ඉවසාද; මහණෙනි, හෙතෙම කෙලෙස් නමැති රළවේග සහිතවූ, කෙලෙස් දියසුළි සහිතවූ, කෙලෙස් නමැති අල්වාගන්නා සතුන් ඇති, කෙලෙස් රකුසන් සහිතවූ කන නමැති සමුද්‍රය තරණය කෙළේය. තරණය කළාවූ පරතෙරට ගියාවූ බ්‍රාහ්මණතෙමේ ගොඩබිම සිටීයයි කියනු ලැබේ. “මහණෙනි, නාසය පුරුෂයාට සමුද්‍රය වේ. එහි ගන්‍ධයන්ගෙන් හටගත් රළ වේගය වේ. යමෙක් ඒ ගන්‍ධයන්ගෙන් හටගත් රළවේගය ඉවසාද; මහණෙනි, හෙතෙම කෙලෙස් නමැති රළවේග සහිතවූ, කෙලෙස් දියසුළි සහිතවූ, කෙලෙස් නමැති අල්වාගන්නා සතුන් ඇති, කෙලෙස් රකුසන් සහිතවූ නාසය නමැති සමුද්‍රය තරණය කෙළේය. තරණය කළාවූ පරතෙරට ගියාවූ බ්‍රාහ්මණතෙමේ ගොඩබිම සිටීයයි කියනු ලැබේ. “මහණෙනි, දිව පුරුෂයාට සමුද්‍රය වේ. එහි රසයන්ගෙන් හටගත් රළ වේගය වේ. යමෙක් ඒ රසයන්ගෙන් හටගත් රළවේගය ඉවසාද; මහණෙනි, හෙතෙම කෙලෙස් නමැති රළවේග සහිතවූ, කෙලෙස් දියසුළි සහිතවූ, කෙලෙස් නමැති අල්වාගන්නා සතුන් ඇති, කෙලෙස් රකුසන් සහිතවූ දිව නමැති සමුද්‍රය තරණය කෙළේය. තරණය කළාවූ පරතෙරට ගියාවූ බ්‍රාහ්මණතෙමේ ගොඩබිම සිටීයයි කියනු ලැබේ. “මහණෙනි, කය පුරුෂයාට සමුද්‍රය වේ. එහි ස්පර්‍ශයන්ගෙන් හටගත් රළ වේගය වේ. යමෙක් ඒ ස්පර්‍ශයන්ගෙන් හටගත් රළවේගය ඉවසාද; මහණෙනි, හෙතෙම කෙලෙස් නමැති රළවේග සහිතවූ, කෙලෙස් දියසුළි සහිතවූ, කෙලෙස් නමැති අල්වාගන්නා සතුන් ඇති, කෙලෙස් රකුසන් සහිතවූ කය නමැති සමුද්‍රය තරණය කෙළේය. තරණය කළාවූ පරතෙරට ගියාවූ බ්‍රාහ්මණතෙමේ ගොඩබිම සිටීයයි කියනු ලැබේ. “මහණෙනි, සිත පුරුෂයාට සමුද්‍රය වේ. එහි ධර්‍මයන්ගෙන් හටගත් රළ වේගය වේ. යමෙක් ඒ ධර්‍මයන්ගෙන් හටගත් රළවේගය ඉවසාද; මහණෙනි, හෙතෙම කෙලෙස් නමැති රළවේග සහිතවූ, කෙලෙස් දියසුළි සහිතවූ, කෙලෙස් නමැති අල්වාගන්නා සතුන් ඇති, කෙලෙස් රකුසන් සහිතවූ සිත නමැති සමුද්‍රය තරණය කෙළේය. තරණය කළාවූ පරතෙරට ගියාවූ බ්‍රාහ්මණතෙමේ ගොඩබිම සිටීයයි කියනු ලැබේ.
“යමෙක් තෙම කෙලෙස් නමැති අල්වාගන්නා සතුන් සහිතවූ, කෙලෙස් රකුසන් සහිතවූ, රළ භය සහිතවූ, තරණය කිරීමට දුෂ්කරවූ මේ සමුද්‍රය තරණය කෙළේද, හෙතෙම වේදයන්ගේ පරතෙරට ගියාවූ වැස නිමවන ලද බඹසර ඇත්තාවූ සංස්කාර ලෝකයාගේ කෙලවරට ගියාවූ නිර්‍වාණයට පැමිණියෙකැයි කියනු ලැබේ., යයි (වදාළ සේක.)
1. 18. 2.
දුතිය සමුද්‌ද සූත්‍රය
229. “මහණෙනි, සමුද්‍රය සමුද්‍රයයි අශ්‍රුතවත් පෘථග්ජන තෙම කියයි. මහණෙනි, මෙය ආර්‍ය්‍ය විනයෙහි සමුද්‍රය නොවේ. මහණෙනි මෙය මහත්වූ වතුර රාශියෙකි. මහත්වූ ජලයකි. “මහණෙනි, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ රූපයෝ ඇත්තාහ. මහණෙනි, මෙය ආර්‍ය්‍ය විනයෙහි සමුද්‍රයයි කියනු ලැබේ.