1. 17. 52-54.
බාහිරාතීතාදියදනත්ත සූත්‍ර
219-221. “මහණෙනි, අතීත රූපයෝ අනාත්මයහ. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. “අතීත ශබ්දයෝ අනාත්මයහ. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. “අතීත ගන්‍ධයෝ අනාත්මයහ. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. “අතීත රසයෝ අනාත්මයහ. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. “අතීත ස්පර්‍ශයෝ අනාත්මයහ. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. “අතීත ධර්‍මයෝ අනාත්මයහ. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. “මහණෙනි, අනාගත රූපයෝ අනාත්මයහ. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. අනාගත ශබ්දයෝ අනාත්මයහ. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. අනාගත ගන්‍ධයෝ අනාත්මයහ. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. අනාගත රසයෝ අනාත්මයහ. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. අනාගත ස්පර්‍ශයෝ අනාත්මයහ. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. අනාගත ධර්‍මයෝ අනාත්මයහ. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. “මහණෙනි, වර්‍තමාන රූපයෝ අනාත්මයහ. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. වර්‍තමාන ශබ්දයෝ අනාත්මයහ. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. වර්‍තමාන ගන්‍ධයෝ අනාත්මයහ. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. වර්‍තමාන රසයෝ අනාත්මයහ. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. වර්‍තමාන ස්පර්‍ශයෝ අනාත්මයහ. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. වර්‍තමාන ධර්‍මයෝ අනාත්මයහ. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙම රූපයන්හිද කලකිරෙයි. ශබ්දයන් කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධයන් කෙරෙහිද කලකිරෙයි. රසයන් කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශයන් කෙරෙහිද කලකිරෙයි. ධර්‍මයන් කෙරෙහිද කලකිරෙයි. කලකිරෙමින් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලද්දේය. සතරමගින් කටයුතුදෙය කරන ලදී. මෙයින් අන්‍යවූ ආත්මයක් නැතැයි දැනගනීයයි, (වදාළ සේක.) “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙම රූපයන්හිද කලකිරෙයි. ශබ්දයන් කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධයන් කෙරෙහිද කලකිරෙයි. රසයන් කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශයන් කෙරෙහිද කලකිරෙයි. ධර්‍මයන් කෙරෙහිද කලකිරෙයි. කලකිරෙමින් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලද්දේය. සතරමගින් කටයුතුදෙය කරන ලදී. මෙයින් අන්‍යවූ ආත්මයක් නැතැයි දැනගනීයයි, (වදාළ සේක.) “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙම රූපයන්හිද කලකිරෙයි. ශබ්දයන් කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධයන් කෙරෙහිද කලකිරෙයි. රසයන් කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශයන් කෙරෙහිද කලකිරෙයි. ධර්‍මයන් කෙරෙහිද කලකිරෙයි. කලකිරෙමින් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලද්දේය. සතරමගින් කටයුතුදෙය කරන ලදී. මෙයින් අන්‍යවූ ආත්මයක් නැතැයි දැනගනීයයි, (වදාළ සේක.)
1. 17. 55.
අජ්‌ඣත්‌තායතන අනිච්‌ච සූත්‍රය
222. “මහණෙනි, ඇස අනිත්‍යය. කන අනිත්‍යය. නාසය අනිත්‍යය. දිව අනිත්‍යය. කය අනිත්‍යය. සිත අනිත්‍යය. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙම ඇස කෙරෙහිද කලකිරෙයි. කන කෙරෙහිද කලකිරෙයි. නාසය කෙරෙහිද කලකිරෙයි. දිව කෙරෙහිද කලකිරෙයි. කය කෙරෙහිද කලකිරෙයි. සිත කෙරෙහිද කලකිරෙයි. කලකිරෙමින් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලද්දේය. සතරමගින් කටයුතුදෙය කරන ලදී. මෙයින් අන්‍යවූ ආත්මයක් නැතැයි දැනගනීයයි, (වදාළේය.)
1. 17. 56.
අජ්‌ඣත්‌තායතන දුක්‌ඛ සූත්‍රය
223. “මහණෙනි, ඇස දුකය. කන දුකය. නාසය දුකය. දිව දුකය. කය දුකය. සිත දුකය. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙම ඇස කෙරෙහිද කලකිරෙයි. කන කෙරෙහිද කලකිරෙයි. නාසය කෙරෙහිද කලකිරෙයි. දිව කෙරෙහිද කලකිරෙයි. කය කෙරෙහිද කලකිරෙයි. සිත කෙරෙහිද කලකිරෙයි. කලකිරෙමින් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලද්දේය. සතරමගින් කටයුතුදෙය කරන ලදී. මෙයින් අන්‍යවූ ආත්මයක් නැතැයි දැනගනීයයි, (වදාළේය.)
1. 17. 57.
අජ්‌ඣත්‌තායතන අනත්‌ත සූත්‍රය
224. “මහණෙනි, ඇස අනාත්මය. කන අනාත්මය. නාසය අනාත්මය. දිව අනාත්මය. කය අනාත්මය. සිත අනාත්මය. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙම ඇස කෙරෙහිද කලකිරෙයි. කන කෙරෙහිද කලකිරෙයි. නාසය කෙරෙහිද කලකිරෙයි. දිව කෙරෙහිද කලකිරෙයි. කය කෙරෙහිද කලකිරෙයි. සිත කෙරෙහිද කලකිරෙයි. කලකිරෙමින් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලද්දේය. සතරමගින් කටයුතුදෙය කරන ලදී. මෙයින් අන්‍යවූ ආත්මයක් නැතැයි දැනගනීයයි, (වදාළේය.)
1. 17. 58.
බාහිරායතන අනිච්‌ච සූත්‍රය
225. “මහණෙනි, රූපයෝ අනිත්‍යයහ. ශබ්දයෝ අනිත්‍යයහ. ගන්‍ධයෝ අනිත්‍යයහ. රසයෝ අනිත්‍යයහ. ස්පර්‍ශයෝ අනිත්‍යයහ. ධර්‍මයෝ අනිත්‍යයහ. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙම රූපයන්හිද කලකිරෙයි. ශබ්දයන් කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධයන් කෙරෙහිද කලකිරෙයි. රසයන් කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශයන් කෙරෙහිද කලකිරෙයි. ධර්‍මයන් කෙරෙහිද කලකිරෙයි. කලකිරෙමින් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලද්දේය. සතරමගින් කටයුතුදෙය කරන ලදී. මෙයින් අන්‍යවූ ආත්මයක් නැතැයි දැනගනීයයි, (වදාළේය.)
1. 17. 59.
බාහිරායතන දුක්‌ඛ සූත්‍රය
226. “මහණෙනි, රූපයෝ දුක්යහ. ශබ්දයෝ දුක්යහ. ගන්‍ධයෝ දුක්යහ. රසයෝ දුක්යහ. ස්පර්‍ශයෝ දුක්යහ. ධර්‍මයෝ දුක්යහ. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙම රූපයන්හිද කලකිරෙයි. ශබ්දයන් කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධයන් කෙරෙහිද කලකිරෙයි. රසයන් කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශයන් කෙරෙහිද කලකිරෙයි. ධර්‍මයන් කෙරෙහිද කලකිරෙයි. කලකිරෙමින් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලද්දේය. සතරමගින් කටයුතුදෙය කරන ලදී. මෙයින් අන්‍යවූ ආත්මයක් නැතැයි දැනගනීයයි, (වදාළේය.)
1. 17. 60.
බාහිරායතන අනත්‌ත සූත්‍රය
227. “මහණෙනි, රූපයෝ අනාත්මයහ. ශබ්දයෝ අනාත්මයහ. ගන්‍ධයෝ අනාත්මයහ. රසයෝ අනාත්මයහ. ස්පර්‍ශයෝ අනාත්මයහ. ධර්‍මයෝ අනාත්මයහ. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙම රූපයන්හිද කලකිරෙයි. ශබ්දයන් කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධයන් කෙරෙහිද කලකිරෙයි. රසයන් කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශයන් කෙරෙහිද කලකිරෙයි. ධර්‍මයන් කෙරෙහිද කලකිරෙයි. කලකිරෙමින් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලද්දේය. සතරමගින් කටයුතුදෙය කරන ලදී. මෙයින් අන්‍යවූ ආත්මයක් නැතැයි දැනගනීයයි, (වදාළේය.)
පෙය්‍යාල සැට නිමි.
එහි උදානය:
ඡන්දයෙන් දහඅටක් ද, අතීතයෙන් දෙ නවයක් ද, යදනිච්ච වශයෙන් දහඅටක් ද වදාරන ලදී. අජ්ඣත්ත හා බාහිර වශයෙන් තුන බැගින් ද වේ. මෙසේ ආදිච්චබන්ධු වූ බුදුරජාණන් වහන්සේ විසින් සැටක් වූ පෙය්‍යාලය වදාරන ලදී.