1. 17. 38.
අනාගත යදනිච්‌ච සූත්‍රය
205. “මහණෙනි, අනාගත ඇස අනිත්‍යය. යමක් අනිත්‍යද එය දුකය. යමක් දුකද, එය අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. අනාගත කන අනිත්‍යය. යමක් අනිත්‍යද එය දුකය. යමක් දුකද, එය අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. අනාගත නාසය අනිත්‍යය. යමක් අනිත්‍යද එය දුකය. යමක් දුකද, එය අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. අනාගත දිව අනිත්‍යය. යමක් අනිත්‍යද එය දුකය. යමක් දුකද, එය අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. අනාගත කය අනිත්‍යය. යමක් අනිත්‍යද එය දුකය. යමක් දුකද, එය අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. අනාගත සිත අනිත්‍යය. යමක් අනිත්‍යද එය දුකය. යමක් දුකද, එය අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙම ඇස කෙරෙහිද කලකිරෙයි. කන කෙරෙහිද කලකිරෙයි. නාසය කෙරෙහිද කලකිරෙයි. දිව කෙරෙහිද කලකිරෙයි. කය කෙරෙහිද කලකිරෙයි. සිත කෙරෙහිද කලකිරෙයි. කලකිරෙමින් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලද්දේය. සතරමගින් කටයුතුදෙය කරන ලදී. මෙයින් අන්‍යවූ ආත්මයක් නැතැයි දැනගනීයයි, (වදාළේය.)
1. 17. 39.
පච්‌චුප්‌පන්‌න යදනිච්‌ච සූත්‍රය
206. “මහණෙනි, වර්තමාන ඇස අනිත්‍යය. යමක් අනිත්‍යද එය දුකය. යමක් දුකද, එය අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. වර්තමාන කන අනිත්‍යය. යමක් අනිත්‍යද එය දුකය. යමක් දුකද, එය අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. වර්තමාන නාසය අනිත්‍යය. යමක් අනිත්‍යද එය දුකය. යමක් දුකද, එය අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. වර්තමාන දිව අනිත්‍යය. යමක් අනිත්‍යද එය දුකය. යමක් දුකද, එය අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. වර්තමාන කය අනිත්‍යය. යමක් අනිත්‍යද එය දුකය. යමක් දුකද, එය අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. වර්තමාන සිත අනිත්‍යය. යමක් අනිත්‍යද එය දුකය. යමක් දුකද, එය අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙම ඇස කෙරෙහිද කලකිරෙයි. කන කෙරෙහිද කලකිරෙයි. නාසය කෙරෙහිද කලකිරෙයි. දිව කෙරෙහිද කලකිරෙයි. කය කෙරෙහිද කලකිරෙයි. සිත කෙරෙහිද කලකිරෙයි. කලකිරෙමින් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලද්දේය. සතරමගින් කටයුතුදෙය කරන ලදී. මෙයින් අන්‍යවූ ආත්මයක් නැතැයි දැනගනීයයි, (වදාළේය.)
1. 17. 40-42.
අජ්ඣත්තාතීතාදියංදුක්ඛ සූත්‍ර
207-209. “මහණෙනි, අතීත ඇස දුකය. යමක් දුකද, එය අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. අතීත කන දුකය. යමක් දුකද, එය අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. අතීත නාසය දුකය. යමක් දුකද, එය අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. අතීත දිව දුකය. යමක් දුකද, එය අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. අතීත කය දුකය. යමක් දුකද, එය අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. අතීත සිත දුකය. යමක් දුකද, එය අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. “මහණෙනි, අනාගත ඇස දුකය. යමක් දුකද, එය අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. අනාගත කන දුකය. යමක් දුකද, එය අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. අනාගත නාසය දුකය. යමක් දුකද, එය අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. අනාගත දිව දුකය. යමක් දුකද, එය අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. අනාගත කය දුකය. යමක් දුකද, එය අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. අනාගත සිත දුකය. යමක් දුකද, එය අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. “මහණෙනි, වර්‍තමාන ඇස දුකය. යමක් දුකද, එය අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. වර්‍තමාන කන දුකය. යමක් දුකද, එය අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. වර්‍තමාන නාසය දුකය. යමක් දුකද, එය අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. වර්‍තමාන දිව දුකය. යමක් දුකද, එය අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. වර්‍තමාන කය දුකය. යමක් දුකද, එය අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. වර්‍තමාන සිත දුකය. යමක් දුකද, එය අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙම ඇස කෙරෙහිද කලකිරෙයි. කන කෙරෙහිද කලකිරෙයි. නාසය කෙරෙහිද කලකිරෙයි. දිව කෙරෙහිද කලකිරෙයි. කය කෙරෙහිද කලකිරෙයි. සිත කෙරෙහිද කලකිරෙයි. කලකිරෙමින් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලද්දේය. සතරමගින් කටයුතුදෙය කරන ලදී. මෙයින් අන්‍යවූ ආත්මයක් නැතැයි දැනගනීයයි, (වදාළ සේක.) “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙම ඇස කෙරෙහිද කලකිරෙයි. කන කෙරෙහිද කලකිරෙයි. නාසය කෙරෙහිද කලකිරෙයි. දිව කෙරෙහිද කලකිරෙයි. කය කෙරෙහිද කලකිරෙයි. සිත කෙරෙහිද කලකිරෙයි. කලකිරෙමින් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලද්දේය. සතරමගින් කටයුතුදෙය කරන ලදී. මෙයින් අන්‍යවූ ආත්මයක් නැතැයි දැනගනීයයි, (වදාළ සේක.) “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙම ඇස කෙරෙහිද කලකිරෙයි. කන කෙරෙහිද කලකිරෙයි. නාසය කෙරෙහිද කලකිරෙයි. දිව කෙරෙහිද කලකිරෙයි. කය කෙරෙහිද කලකිරෙයි. සිත කෙරෙහිද කලකිරෙයි. කලකිරෙමින් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලද්දේය. සතරමගින් කටයුතුදෙය කරන ලදී. මෙයින් අන්‍යවූ ආත්මයක් නැතැයි දැනගනීයයි, (වදාළ සේක.)
1. 17. 43-45.
අජ්ඣත්තාතීතාදියදනත්ත සූත්‍ර
210-212. “මහණෙනි, අතීත ඇස අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. අතීත කන අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. අතීත නාසය අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. අතීත දිව අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. අතීත කය අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. අතීත සිත අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. “මහණෙනි, අනාගත ඇස අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. අනාගත කන අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. අනාගත නාසය අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. අනාගත දිව අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. අනාගත කය අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. අනාගත සිත අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. “මහණෙනි, වර්‍තමාන ඇස අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. වර්‍තමාන කන අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. වර්‍තමාන නාසය අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. වර්‍තමාන දිව අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. වර්‍තමාන කය අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. වර්‍තමාන සිත අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙම ඇස කෙරෙහිද කලකිරෙයි. කන කෙරෙහිද කලකිරෙයි. නාසය කෙරෙහිද කලකිරෙයි. දිව කෙරෙහිද කලකිරෙයි. කය කෙරෙහිද කලකිරෙයි. සිත කෙරෙහිද කලකිරෙයි. කලකිරෙමින් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලද්දේය. සතරමගින් කටයුතුදෙය කරන ලදී. මෙයින් අන්‍යවූ ආත්මයක් නැතැයි දැනගනීයයි, (වදාළ සේක.) “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙම ඇස කෙරෙහිද කලකිරෙයි. කන කෙරෙහිද කලකිරෙයි. නාසය කෙරෙහිද කලකිරෙයි. දිව කෙරෙහිද කලකිරෙයි. කය කෙරෙහිද කලකිරෙයි. සිත කෙරෙහිද කලකිරෙයි. කලකිරෙමින් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලද්දේය. සතරමගින් කටයුතුදෙය කරන ලදී. මෙයින් අන්‍යවූ ආත්මයක් නැතැයි දැනගනීයයි, (වදාළ සේක.) “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙම ඇස කෙරෙහිද කලකිරෙයි. කන කෙරෙහිද කලකිරෙයි. නාසය කෙරෙහිද කලකිරෙයි. දිව කෙරෙහිද කලකිරෙයි. කය කෙරෙහිද කලකිරෙයි. සිත කෙරෙහිද කලකිරෙයි. කලකිරෙමින් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලද්දේය. සතරමගින් කටයුතුදෙය කරන ලදී. මෙයින් අන්‍යවූ ආත්මයක් නැතැයි දැනගනීයයි, (වදාළ සේක.)
1. 17. 46-48.
බාහිරාතීතාදියදනිච්ච සූත්‍ර
213-215. “මහණෙනි, අතීත රූපයෝ අනිත්‍යයහ. යමක් අනිත්‍යද, එය දුකය. යමක් දුකද, එය අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. අතීත ශබ්දයෝ අනිත්‍යයහ. යමක් අනිත්‍යද, එය දුකය. යමක් දුකද, එය අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. අතීත ගන්‍ධයෝ අනිත්‍යයහ. යමක් අනිත්‍යද, එය දුකය. යමක් දුකද, එය අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. අතීත රසයෝ අනිත්‍යයහ. යමක් අනිත්‍යද, එය දුකය. යමක් දුකද, එය අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. අතීත ස්පර්‍ශයෝ අනිත්‍යයහ. යමක් අනිත්‍යද, එය දුකය. යමක් දුකද, එය අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. අතීත ධර්‍මයෝ අනිත්‍යයහ. යමක් අනිත්‍යද, එය දුකය. යමක් දුකද, එය අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. “මහණෙනි, අනාගත රූපයෝ අනිත්‍යයහ. යමක් අනිත්‍යද, එය දුකය. යමක් දුකද, එය අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. අනාගත ශබ්දයෝ අනිත්‍යයහ. යමක් අනිත්‍යද, එය දුකය. යමක් දුකද, එය අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. අනාගත ගන්‍ධයෝ අනිත්‍යයහ. යමක් අනිත්‍යද, එය දුකය. යමක් දුකද, එය අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. අනාගත රසයෝ අනිත්‍යයහ. යමක් අනිත්‍යද, එය දුකය. යමක් දුකද, එය අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. අනාගත ස්පර්‍ශයෝ අනිත්‍යයහ. යමක් අනිත්‍යද, එය දුකය. යමක් දුකද, එය අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. අනාගත ධර්‍මයෝ අනිත්‍යයහ. යමක් අනිත්‍යද, එය දුකය. යමක් දුකද, එය අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. “මහණෙනි, වර්‍තමාන රූපයෝ අනිත්‍යයහ. යමක් අනිත්‍යද, එය දුකය. යමක් දුකද, එය අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. වර්‍තමාන ශබ්දයෝ අනිත්‍යයහ. යමක් අනිත්‍යද, එය දුකය. යමක් දුකද, එය අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. වර්‍තමාන ගන්‍ධයෝ අනිත්‍යයහ. යමක් අනිත්‍යද, එය දුකය. යමක් දුකද, එය අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. වර්‍තමාන රසයෝ අනිත්‍යයහ. යමක් අනිත්‍යද, එය දුකය. යමක් දුකද, එය අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. වර්‍තමාන ස්පර්‍ශයෝ අනිත්‍යයහ. යමක් අනිත්‍යද, එය දුකය. යමක් දුකද, එය අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. වර්‍තමාන ධර්‍මයෝ අනිත්‍යයහ. යමක් අනිත්‍යද, එය දුකය. යමක් දුකද, එය අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙම රූපයන්හිද කලකිරෙයි. ශබ්දයන් කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධයන් කෙරෙහිද කලකිරෙයි. රසයන් කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශයන් කෙරෙහිද කලකිරෙයි. ධර්‍මයන් කෙරෙහිද කලකිරෙයි. කලකිරෙමින් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලද්දේය. සතරමගින් කටයුතුදෙය කරන ලදී. මෙයින් අන්‍යවූ ආත්මයක් නැතැයි දැනගනීයයි, (වදාළ සේක.) “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙම රූපයන්හිද කලකිරෙයි. ශබ්දයන් කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධයන් කෙරෙහිද කලකිරෙයි. රසයන් කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශයන් කෙරෙහිද කලකිරෙයි. ධර්‍මයන් කෙරෙහිද කලකිරෙයි. කලකිරෙමින් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලද්දේය. සතරමගින් කටයුතුදෙය කරන ලදී. මෙයින් අන්‍යවූ ආත්මයක් නැතැයි දැනගනීයයි, (වදාළ සේක.) “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙම රූපයන්හිද කලකිරෙයි. ශබ්දයන් කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධයන් කෙරෙහිද කලකිරෙයි. රසයන් කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශයන් කෙරෙහිද කලකිරෙයි. ධර්‍මයන් කෙරෙහිද කලකිරෙයි. කලකිරෙමින් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලද්දේය. සතරමගින් කටයුතුදෙය කරන ලදී. මෙයින් අන්‍යවූ ආත්මයක් නැතැයි දැනගනීයයි, (වදාළ සේක.)