1. 17. 31-33.
31-33. බාහිරාතීතාදිදුක්ඛ සූත්ර
198-200. “මහණෙනි, අතීතවූ රූපයෝ දුක්වූවාහුය. අතීතවූ ශබ්දයෝ දුක්වූවාහුය. අතීතවූ ගන්ධයෝ දුක්වූවාහුය. අතීතවූ රසයෝ දුක්වූවාහුය. අතීතවූ ස්පර්ශයෝ දුක්වූවාහුය. අතීතවූ ධර්මයෝ දුක්වූවාහුය. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවකතෙම රූපයන්හිද කලකිරෙයි. ශබ්දයන් කෙරෙහිද කලකිරෙයි. ගන්ධයන් කෙරෙහිද කලකිරෙයි. රසයන් කෙරෙහිද කලකිරෙයි. ස්පර්ශයන් කෙරෙහිද කලකිරෙයි. ධර්මයන් කෙරෙහිද කලකිරෙයි. කලකිරෙමින් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. ජාතිය ක්ෂය විය. බ්රහ්මචර්ය්යාව වැස නිමවන ලද්දේය. සතරමගින් කටයුතුදෙය කරන ලදී. මෙයින් අන්යවූ ආත්මයක් නැතැයි දැනගනීයයි, (වදාළ සේක.) “මහණෙනි, අනාගත රූපයෝ දුක්යහ. අනාගත ශබ්දයෝ දුක්යහ. අනාගත ගන්ධයෝ දුක්යහ. අනාගත රසයෝ දුක්යහ. අනාගත ස්පර්ශයෝ දුක්යහ. අනාගත ධර්මයෝ දුක්යහ. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවකතෙම රූපයන්හිද කලකිරෙයි. ශබ්දයන් කෙරෙහිද කලකිරෙයි. ගන්ධයන් කෙරෙහිද කලකිරෙයි. රසයන් කෙරෙහිද කලකිරෙයි. ස්පර්ශයන් කෙරෙහිද කලකිරෙයි. ධර්මයන් කෙරෙහිද කලකිරෙයි. කලකිරෙමින් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. ජාතිය ක්ෂය විය. බ්රහ්මචර්ය්යාව වැස නිමවන ලද්දේය. සතරමගින් කටයුතුදෙය කරන ලදී. මෙයින් අන්යවූ ආත්මයක් නැතැයි දැනගනීයයි, (වදාළ සේක.) “මහණෙනි, වර්තමාන රූපයෝ දුක්යහ. වර්තමාන ශබ්දයෝ දුක්යහ. වර්තමාන ගන්ධයෝ දුක්යහ. වර්තමාන රසයෝ දුක්යහ. වර්තමාන ස්පර්ශයෝ දුක්යහ. වර්තමාන ධර්මයෝ දුක්යහ. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවකතෙම රූපයන්හිද කලකිරෙයි. ශබ්දයන් කෙරෙහිද කලකිරෙයි. ගන්ධයන් කෙරෙහිද කලකිරෙයි. රසයන් කෙරෙහිද කලකිරෙයි. ස්පර්ශයන් කෙරෙහිද කලකිරෙයි. ධර්මයන් කෙරෙහිද කලකිරෙයි. කලකිරෙමින් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. ජාතිය ක්ෂය විය. බ්රහ්මචර්ය්යාව වැස නිමවන ලද්දේය. සතරමගින් කටයුතුදෙය කරන ලදී. මෙයින් අන්යවූ ආත්මයක් නැතැයි දැනගනීයයි, (වදාළ සේක.)
1. 17. 34-36.
34-36. බාහිරාතීතාදිඅනත්ත සූත්ර
201-203. “මහණෙනි, අතීතවූ රූපයෝ අනාත්මයෝය. අතීතවූ ශබ්දයෝ අනාත්මයෝය. අතීතවූ ගන්ධයෝ අනාත්මයෝය. අතීතවූ රසයෝ අනාත්මයෝය. අතීතවූ ස්පර්ශයෝ අනාත්මයෝය. අතීතවූ ධර්මයෝ අනාත්මයෝය. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවකතෙම රූපයන්හිද කලකිරෙයි. ශබ්දයන් කෙරෙහිද කලකිරෙයි. ගන්ධයන් කෙරෙහිද කලකිරෙයි. රසයන් කෙරෙහිද කලකිරෙයි. ස්පර්ශයන් කෙරෙහිද කලකිරෙයි. ධර්මයන් කෙරෙහිද කලකිරෙයි. කලකිරෙමින් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. ජාතිය ක්ෂය විය. බ්රහ්මචර්ය්යාව වැස නිමවන ලද්දේය. සතරමගින් කටයුතුදෙය කරන ලදී. මෙයින් අන්යවූ ආත්මයක් නැතැයි දැනගනීයයි, (වදාළ සේක.) “මහණෙනි, අනාගත රූපයෝ අනාත්මයෝය. අනාගත ශබ්දයෝ අනාත්මයෝය. අනාගත ගන්ධයෝ අනාත්මයෝය. අනාගත රසයෝ අනාත්මයෝය. අනාගත ස්පර්ශයෝ අනාත්මයෝය. අනාගත ධර්මයෝ අනාත්මයෝය. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවකතෙම රූපයන්හිද කලකිරෙයි. ශබ්දයන් කෙරෙහිද කලකිරෙයි. ගන්ධයන් කෙරෙහිද කලකිරෙයි. රසයන් කෙරෙහිද කලකිරෙයි. ස්පර්ශයන් කෙරෙහිද කලකිරෙයි. ධර්මයන් කෙරෙහිද කලකිරෙයි. කලකිරෙමින් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. ජාතිය ක්ෂය විය. බ්රහ්මචර්ය්යාව වැස නිමවන ලද්දේය. සතරමගින් කටයුතුදෙය කරන ලදී. මෙයින් අන්යවූ ආත්මයක් නැතැයි දැනගනීයයි, (වදාළ සේක.) “මහණෙනි, වර්තමාන රූපයෝ අනාත්මයෝය. වර්තමාන ශබ්දයෝ අනාත්මයෝය. වර්තමාන ගන්ධයෝ අනාත්මයෝය. වර්තමාන රසයෝ අනාත්මයෝය. වර්තමාන ස්පර්ශයෝ අනාත්මයෝය. වර්තමාන ධර්මයෝ අනාත්මයෝය. “මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවකතෙම රූපයන්හිද කලකිරෙයි. ශබ්දයන් කෙරෙහිද කලකිරෙයි. ගන්ධයන් කෙරෙහිද කලකිරෙයි. රසයන් කෙරෙහිද කලකිරෙයි. ස්පර්ශයන් කෙරෙහිද කලකිරෙයි. ධර්මයන් කෙරෙහිද කලකිරෙයි. කලකිරෙමින් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. ජාතිය ක්ෂය විය. බ්රහ්මචර්ය්යාව වැස නිමවන ලද්දේය. සතරමගින් කටයුතුදෙය කරන ලදී. මෙයින් අන්යවූ ආත්මයක් නැතැයි දැනගනීයයි, (වදාළ සේක.)
1. 17. 37.
අතීත යදනිච්ච සූත්රය
204. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’ යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට, භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, අතීත ඇස අනිත්යය. යමක් අනිත්යද එය දුකය. යමක් දුකද, එය අනාත්මය. යමක් අනාත්මද, එය මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. අතීත කන අනිත්යය. යමක් අනිත්යද එය දුකය. යමක් දුකද, එය අනාත්මය. යමක් අනාත්මද, එය මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. අතීත නාසය අනිත්යය. යමක් අනිත්යද එය දුකය. යමක් දුකද, එය අනාත්මය. යමක් අනාත්මද, එය මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. අතීත දිව අනිත්යය. යමක් අනිත්යද එය දුකය. යමක් දුකද, එය අනාත්මය. යමක් අනාත්මද, එය මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. අතීත කය අනිත්යය. යමක් අනිත්යද එය දුකය. යමක් දුකද, එය අනාත්මය. යමක් අනාත්මද, එය මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. අතීත සිත අනිත්යය. යමක් අනිත්යද එය දුකය. යමක් දුකද, එය අනාත්මය. යමක් අනාත්මද, එය මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවකතෙම ඇස කෙරෙහිද කලකිරෙයි. කන කෙරෙහිද කලකිරෙයි. නාසය කෙරෙහිද කලකිරෙයි. දිව කෙරෙහිද කලකිරෙයි. කය කෙරෙහිද කලකිරෙයි. සිත කෙරෙහිද කලකිරෙයි. කලකිරෙමින් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. ජාතිය ක්ෂය විය. බ්රහ්මචර්ය්යාව වැස නිමවන ලද්දේය. සතරමගින් කටයුතුදෙය කරන ලදී. මෙයින් අන්යවූ ආත්මයක් නැතැයි දැනගනීයයි, (වදාළේය.)
1. 17. 38.
අනාගත යදනිච්ච සූත්රය
205. “මහණෙනි, අනාගත ඇස අනිත්යය. යමක් අනිත්යද එය දුකය. යමක් දුකද, එය අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. අනාගත කන අනිත්යය. යමක් අනිත්යද එය දුකය. යමක් දුකද, එය අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. අනාගත නාසය අනිත්යය. යමක් අනිත්යද එය දුකය. යමක් දුකද, එය අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. අනාගත දිව අනිත්යය. යමක් අනිත්යද එය දුකය. යමක් දුකද, එය අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. අනාගත කය අනිත්යය. යමක් අනිත්යද එය දුකය. යමක් දුකද, එය අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. අනාගත සිත අනිත්යය. යමක් අනිත්යද එය දුකය. යමක් දුකද, එය අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවකතෙම ඇස කෙරෙහිද කලකිරෙයි. කන කෙරෙහිද කලකිරෙයි. නාසය කෙරෙහිද කලකිරෙයි. දිව කෙරෙහිද කලකිරෙයි. කය කෙරෙහිද කලකිරෙයි. සිත කෙරෙහිද කලකිරෙයි. කලකිරෙමින් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. ජාතිය ක්ෂය විය. බ්රහ්මචර්ය්යාව වැස නිමවන ලද්දේය. සතරමගින් කටයුතුදෙය කරන ලදී. මෙයින් අන්යවූ ආත්මයක් නැතැයි දැනගනීයයි, (වදාළේය.)
1. 17. 39.
පච්චුප්පන්න යදනිච්ච සූත්රය
206. “මහණෙනි, වර්තමාන ඇස අනිත්යය. යමක් අනිත්යද එය දුකය. යමක් දුකද, එය අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. වර්තමාන කන අනිත්යය. යමක් අනිත්යද එය දුකය. යමක් දුකද, එය අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. වර්තමාන නාසය අනිත්යය. යමක් අනිත්යද එය දුකය. යමක් දුකද, එය අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. වර්තමාන දිව අනිත්යය. යමක් අනිත්යද එය දුකය. යමක් දුකද, එය අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. වර්තමාන කය අනිත්යය. යමක් අනිත්යද එය දුකය. යමක් දුකද, එය අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය. වර්තමාන සිත අනිත්යය. යමක් අනිත්යද එය දුකය. යමක් දුකද, එය අනාත්මය. යමක් අනාත්මද, එය ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ’යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දැක්ක යුතුය.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවකතෙම ඇස කෙරෙහිද කලකිරෙයි. කන කෙරෙහිද කලකිරෙයි. නාසය කෙරෙහිද කලකිරෙයි. දිව කෙරෙහිද කලකිරෙයි. කය කෙරෙහිද කලකිරෙයි. සිත කෙරෙහිද කලකිරෙයි. කලකිරෙමින් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. ජාතිය ක්ෂය විය. බ්රහ්මචර්ය්යාව වැස නිමවන ලද්දේය. සතරමගින් කටයුතුදෙය කරන ලදී. මෙයින් අන්යවූ ආත්මයක් නැතැයි දැනගනීයයි, (වදාළේය.)