1. 17. 1.
1. අනිච්‌ච ඡන්‌ද සූත්‍රය
168. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට, භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, යමක් අනිත්‍යද, එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. මහණෙනි, කුමක් නම් අනිත්‍යද? මහණෙනි, ඇස අනිත්‍යය. එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. කන අනිත්‍යය. එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ.නාසය අනිත්‍යය. එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. දිව අනිත්‍යය. එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. කය අනිත්‍යය.එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. සිත අනිත්‍යය. එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. මහණෙනි, යමක් අනිත්‍යද, එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතුයයි, (වදාළ සේක.)
1. 17. 2.
2. අනිච්‌චරාග සූත්‍රය
169. “මහණෙනි, යමක් අනිත්‍යද, එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. මහණෙනි, කුමක් නම් අනිත්‍යද? මහණෙනි, ඇස අනිත්‍යය. එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. කන අනිත්‍යය. එහි තොපගේ රාගය දුරුකටයුතු වේ.නාසය අනිත්‍යය. එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. දිව අනිත්‍යය. එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. කය අනිත්‍යය.එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. සිත අනිත්‍යය. එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. මහණෙනි, යමක් අනිත්‍යද, එහි තොපගේ රාගය දුරුකටයුතු වේයයි, (වදාළ සේක.)
1. 17. 3.
3. අනිච්‌ච ඡන්‌දරාග සූත්‍රය
170. “මහණෙනි, යමක් අනිත්‍යද, එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. මහණෙනි, කුමක් නම් අනිත්‍යද? මහණෙනි, ඇස අනිත්‍යය. එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. කන අනිත්‍යය. එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ.නාසය අනිත්‍යය. එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. දිව අනිත්‍යය. එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. කය අනිත්‍යය.එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. සිත අනිත්‍යය. එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. මහණෙනි, යමක් අනිත්‍යද, එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේයයි, (වදාළ සේක.)
1. 17. 4-6.
4-6. දුක්ඛඡන්දාදි සූත්‍ර
171-173. “මහණෙනි, යමක් දුකද, එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. මහණෙනි, කුමක් නම් දුකද? මහණෙනි, ඇස දුකය. එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. කන දුකය. එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ.නාසය දුකය. එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. දිව දුකය. එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. කය දුකය. එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. සිත දුකය. එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. මහණෙනි, යමක් දුකද, එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේය”යි (වදාළ සේක.) “මහණෙනි, යමක් දුකද, එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. මහණෙනි, කුමක් නම් දුකද? මහණෙනි, ඇස දුකය. එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. කන දුකය. එහි තොපගේ රාගය දුරුකටයුතු වේ.නාසය දුකය. එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. දිව දුකය. එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. කය දුකය. එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. සිත දුකය. එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. මහණෙනි, යමක් දුකද, එහි තොපගේ රාගය දුරුකටයුතු වේය”යි (වදාළ සේක.) “මහණෙනි, යමක් දුකද, එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. මහණෙනි, කුමක් නම් දුකද? මහණෙනි, ඇස දුකය. එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. කන දුකය. එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. නාසය දුකය. එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. දිව දුකය. එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. කය දුකය. එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. සිත දුකය. එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. මහණෙනි, යමක් දුකද, එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේය”යි (වදාළ සේක.)
1. 17. 7-9.
7-9. අනත්තඡන්දාදි සූත්‍ර
174-176. “මහණෙනි, යමක් අනාත්මද, එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. මහණෙනි, කුමක් අනාත්මද? මහණෙනි, ඇස අනාත්මය. එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. කන අනාත්මය. එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ.නාසය අනාත්මය. එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. දිව අනාත්මය. එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. කය අනාත්මය. එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. සිත අනාත්මය. එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. මහණෙනි, යමක් අනාත්මද, එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේය”යි (වදාළ සේක.) “මහණෙනි, යමක් අනාත්මද, එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. මහණෙනි, කුමක් අනාත්මද? මහණෙනි, ඇස අනාත්මය. එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. කන අනාත්මය. එහි තොපගේ රාගය දුරුකටයුතු වේ.නාසය අනාත්මය. එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. දිව අනාත්මය. එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. කය අනාත්මය. එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. සිත අනාත්මය. එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. මහණෙනි, යමක් අනාත්මද, එහි තොපගේ රාගය දුරුකටයුතු වේය”යි (වදාළ සේක.) “මහණෙනි, යමක් අනාත්මද, එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. මහණෙනි, කුමක් අනාත්මද? මහණෙනි, ඇස අනාත්මය. එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. කන අනාත්මය. එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. නාසය අනාත්මය. එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. දිව අනාත්මය. එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. කය අනාත්මය. එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. සිත අනාත්මය. එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. මහණෙනි, යමක් අනාත්මද, එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේය”යි (වදාළ සේක.)
1. 17. 10-12.
10-12. බාහිරානිච්චඡන්දාදි සූත්‍ර
177-179. “මහණෙනි, යමක් අනිත්‍යද, එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. මහණෙනි, කුමක් අනිත්‍යද? මහණෙනි, රූපයෝ අනිත්‍යය. එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. ශබ්දයෝ අනිත්‍යය. එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. ගන්‍ධයෝ අනිත්‍යය. එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. රසයෝ අනිත්‍යය. එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. ස්පර්‍ශයෝ අනිත්‍යය.එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. ධර්‍මයෝ අනිත්‍යය. එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. මහණෙනි, යමක් අනිත්‍යද, එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේය”යි (වදාළ සේක.) “මහණෙනි, යමක් අනිත්‍යද, එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. මහණෙනි, කුමක් අනිත්‍යද? මහණෙනි, රූපයෝ අනිත්‍යය. එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. ශබ්දයෝ අනිත්‍යය. එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. ගන්‍ධයෝ අනිත්‍යය. එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. රසයෝ අනිත්‍යය. එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. ස්පර්‍ශයෝ අනිත්‍යය.එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. ධර්‍මයෝ අනිත්‍යය. එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. මහණෙනි, යමක් අනිත්‍යද, එහි තොපගේ රාගය දුරුකටයුතු වේය”යි (වදාළ සේක.) “මහණෙනි, යමක් අනිත්‍යද, එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. මහණෙනි, කුමක් අනිත්‍යද? මහණෙනි, රූපයෝ අනිත්‍යය. එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. ශබ්දයෝ අනිත්‍යය. එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. ගන්‍ධයෝ අනිත්‍යය. එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. රසයෝ අනිත්‍යය. එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. ස්පර්‍ශයෝ අනිත්‍යය.එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. ධර්‍මයෝ අනිත්‍යය. එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. මහණෙනි, යමක් අනිත්‍යද, එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේය”යි (වදාළ සේක.)
1. 17. 13-15.
13-15. බාහිරදුක්ඛඡන්දාදි සූත්‍ර
180-182. “මහණෙනි, යමක් දුකද, එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. මහණෙනි, කුමක් නම් දුකද? මහණෙනි, රූපයෝ දුක්වෙත්. එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. ශබ්දයෝ දුක්වෙත්. එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. ගන්‍ධයෝ දුක්වෙත්. එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. රසයෝ දුක්වෙත්. එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. ස්පර්‍ශයෝ දුක්වෙත්. එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. ධර්‍මයෝ දුක්වෙත්. එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. මහණෙනි, යමක් දුකද, එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේය”යි (වදාළ සේක.) “මහණෙනි, යමක් දුකද, එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. මහණෙනි, කුමක් නම් දුකද? මහණෙනි, රූපයෝ දුක්වෙත්. එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. ශබ්දයෝ දුක්වෙත්. එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. ගන්‍ධයෝ දුක්වෙත්. එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. රසයෝ දුක්වෙත්. එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. ස්පර්‍ශයෝ දුක්වෙත්. එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. ධර්‍මයෝ දුක්වෙත්. එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. මහණෙනි, යමක් දුකද, එහි තොපගේ රාගය දුරුකටයුතු වේය”යි (වදාළ සේක.) “මහණෙනි, යමක් දුකද, එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. මහණෙනි, කුමක් නම් දුකද? මහණෙනි, රූපයෝ දුක්වෙත්. එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. ශබ්දයෝ දුක්වෙත්. එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. ගන්‍ධයෝ දුක්වෙත්. එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. රසයෝ දුක්වෙත්. එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. ස්පර්‍ශයෝ දුක්වෙත්. එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. ධර්‍මයෝ දුක්වෙත්. එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. මහණෙනි, යමක් දුකද, එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේය”යි (වදාළ සේක.)